පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ භාණ්ඩාගාරය අතර පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙරට ප්‍රධාන පෙළේ කිරිපිටි සමාගම් කිහිපයක් වරායෙන් කිරිපිටි තොග නිදහස් කරගැනීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
බලධාරීන් ප්‍රශ්නය විසඳීම වෙනුවට එය තවත් දිග්ගස්සමින් සිටින බැවින් කිරිපිටි ආනයනය කිරීම, අලුතෙන් ඇනවුම් කිරීම සහ දැනට තිබෙන තොග නැවැත්වීම හැර වෙනත් තේරීමක් නැතැයි ද කිරිපිටි ආනයනකරුවෝ අනතුරු ඇඟවූහ.
රජය කිරිපිටි මිල ගණන් ඉහළ නැංවීමට ඉඩ ලබා නොදෙන්නේ නම් ඉදිරි සති දෙක තුනක කාලයේදී රට තුළ කිරිපිටි හිඟයක් ඇති වනු ඇතැයි ද කිරිපිටි සමාගම් කිහිපයක ප්‍රධානීහූ කීහ.
කිරිපිටි සමාගම් වර්තමානයේදී මසකට රුපියල් මිලියන 30ත් 40ත් අතර පාඩුවක් ලබන බවත් කිරිපිටි මිල ගණන් රුපියල් 100කින් වැඩි කිරීමට රජය අවසර ලබා නොදෙන්නේ නම් ව්‍යාපාර කටයුතු නැවැත්වීමට සිදුවන තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද ඔවුහු පැවැසූහ.
රුපියල අවප්‍රමාණය වීම, රුපියල් 15ක තීරු බද්ද, සියයට 15ක එකතු කළ අගය මත බද්ද (වැට්), සියයට 7.5ක වරාය සහ ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද, කිලෝවකට පනවන ජාතිය ගොඩනැගීමේ බද්ද රුපියල් 135 සිට 170ක් දක්වා වැඩි කිරීම යනාදිය ද ඇතුළුව සියලු බදු වැඩි වීම් හේතුවෙන් කිරිපිටි ආනයනය කිරීමේ පිරිවැය වැඩි වී ඇති බවත් ඔවුහු පෙන්වාදුන්හ.
ඊට අමතරව ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ගණන් ද ඉහළ ගොස් ඇත.
(සන්ඬේ ටයිම්ස් ව්‍යාපාරික වාර්තාකරු )
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි. ඔය ගොඩ කුණුවෙනකම් වරායේ තියෙන්න සලස්වමු. පිටිකිරි කොහොමත් මිනිසුන්ට හොඳ නැහැ. ඔය කොම්පැනිකාරයන්ට සදහටම පාඩුවෙන්න එකමුතුව වැඩකරමු...
වෙන සාමගම්වලට ගෙන්වන්න හරින්න. අනික බොහෝමයක් මිනිස්සු දැන් මේ පිටින් එන කුණු ගොඩවල් බොන්නේ නෑ.
අපේ මුතුන්මිත්තෝ යෝධ වැඩ කලේ පිටිකිරි බීලා නොවෙයි.
අනේ අපට නම් එපා. අපි ප්ලේන්ටි එකක් බීලා ජීවත් වෙන්නම්...
කිරිපිටි සමාගම්වල මාර්කටින් බජට් එක අඩු කරන්න. මේ අය මිලියන් ගණනක් වැයකරනවා ප්‍රචාරක කටයුතුවලට... එතකොට අඩුවට දෙන්න පුළුවන්...
අනේ වාසනාවන් ඕවා කුණුවෙන්න අරිනවා නම්. කිරි ගොවියට අගයක් ලැබෙයි මේ කුණු ගෙන්වන එක නැවත්තුවොත්...
අනේ හොඳයි සතියකට, දෙකකට නෙවෙයි අවුරුද්දකට දෙකකට නැවත්තුවොත් දේශීය කිරි නිෂ්පාදනය දෙගුණ වෙයි..
ලෝකේ ඕනෑම රටක උදේට මිනිස්සු කිරිබොනවා. උදේට කිරි ටිකක් ළමයින්ට දෙන්නේ නැතුව මුතුන් මිත්තෝ ගැනයි, කුණු ගොඩවල් ගැනයි කතා කරකර ඉන්නවා. මෙච්චර තණකොළ තියන රටේ කිරි නිෂ්පාදනයක් නැහැ. මිනිස්සුත් කිරි නිෂ්පාදනය සුලබ කිරීමට අදහස් යෝජනා රජයට බලපෑම් කරනවා හැරෙන්න කොම්පැනිවලට බැනබැන කහට බොනවා. හරිම දුප්පත් චින්තනයක් තියන මිනිස්සු ඉන්න රටක් මේක...
නියමයි කියලවත් කරගන්න බැහැ. ලංකාවේ නිපදවන්න ආනයනය නවත්වන්න. සේරම සේවකයෝ ටික ලංකාවේ කර්මාන්ත ශාලා වලට අනුයුක්ත කරන්න. ළදරු කිරිපිටිවලට චීනයේ ලොකු ඉල්ලුමක් තියෙනවා. ගූඩ් ලක්...!!!
බොහොම හොඳයි. අපේ ලංකාවේ දේශීය කිරිපිටි සමාගම් තියෙනවනේ. ඒ අයට නිෂ්පාදන වැඩිකරන්න කියමු. එතකං කොහොමහරි පිරිමහගමු. මේ විදෙස් කිරිපිටි ආනයනය කරන සමාගම් කියන විදියට රට්ටු නටන්න ඕනෑ නැහැ. එහෙම නැත්තම් වෙනින් සමාගම්වලට කිරිපිටි ගෙන්නන අවසර ලබා දෙන්න.
අද ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොලේ කිරි පිටි මිල, පසුගිය වසරේ මුල භාගයේ තිබු මිලට වඩා අඩුවී ඇත. රුපියල අවප්‍රමාණය වීම නිසා යම් ප්‍රමාණයකින් පිරිවැය වැඩිවී තිබුණත්, 2017 වසරේ කිරිපිටි සඳහා වූ ආනයන බදු විශාල ලෙස පහත දැමීමෙන් පාරිභෝගිකයාට විශාල සහන ලැබුනේ නැහැ. මේ රජය පත් වූ දින සිට කිරිපිටි ආනයනය කරුවන්ට විශාල සහන දීමෙන් දේශීය කිරි ගොවියා එම කර්මාන්තයෙන් අතුගා දැමීය. අද අපි අත්විඳින්නේ ඒවායේ ඵලවිපාකයි.
ඔව් ඉතින් ඔව්ව වාරයේදී කුණුවුණු කියලා අහක දාන්නේ නැහැනේ? අන්තිමේ අපිටම තමයි කවන්නේ, ගානත් ටිකක් වැඩි කරලා.
සේනා දළඹුවා -> දේශීය බඩ ඉරිඟු නිෂ්පාදනය විනාශය -> සත්ව අහාර නිෂ්පාදනය අඩුවීම -> දේශීය කිරි නිෂ්පාදනය අඩුවීම -> විදේශීය කිරි පිටි හිඟයක් මවා පෑම -> විදේශීය විෂ කිරිපිටි මිල ඉහල දමා ගැනීම -> විෂ පෙවීම
ඉහත අදහස් දක්වපු සියලු දෙනාගේම වටින අදහස් වලට බොහොම ස්තුති. ඒ වගේම ඔබ සියලු දෙනාටම අමතක වූ දෙයක් මතක් කරන්නයි උත්සාහය. පිටරටින් ගෙන්වලා ලංකාවේ බෙදාහරින කිරිපිටි වල මිලයි ලංකාව තුල නිපදවන කිරිපිටි වල මිලයි සමානයි. අන්න ඒ හේතුව නිසයි අපේ රටේ මිනිස්සුන්ට මෙමෙ දෙවර්ගයේ වෙනස නොදැනෙන්නේ. අපේ රටේ නිෂ්පාදන වල මිල අඩුවෙලා ගුණාත්මක බව වැඩි උනානම් තමයි හොද. එහෙම වෙන්නේ නෑ. ඒ ඇයි? කරුණාකරලා මේ පිළිබද දැනුමක් තියෙන අය අපව දැනුවත් කරන්න.
ඉහත අදහස් දක්වපු සියලු දෙනාගේම වටිනා අදහස් වලට බොහොම ස්තුතියි. ඒ වගේම ඔබ සියලුදෙනාටම අමතක වූ දෙයක් මතක් කරන්නයි උත්සාහය. පිටරටින් ගෙන්වලා ලංකාවේ බෙදාහරින කිරිපිටි වල මිලයි ලංකාව තුළ නිපදවන කිරිපිටි වල මිලයි සමානයි. අන්න ඒ හේතුව නිසයි අපේ රටේ මිනිස්සුන්ට මෙම දෙවර්ගයේ වෙනස නොදැනෙන්නේ. අපේ රටේ නිෂ්පාදන වල මිල අඩුවෙලා ගුණාත්මක බව වැඩි වුනානම් තමයි හොඳ. එහෙම වෙන්නේ නෑ. ඒ ඇයි? කරුණාකරලා මේ පිළිබඳ දැනුමක් තියෙන අය අපව දැනුවත් කරන්න.
භාණ්ඩාගාරය මේක කුණු වෙන්නම අරින්න වෙන විදියට වැඩ කරන්න. අපේ ළමයින්ට වහ බොන්න දෙන මේ වගේ සමාගම්වල කිරිපිටි වෙනුවට භාණ්ඩාගාරය මැදිහත්ව දේශීය කිරි ගොවියාට සහන සලසා දියර කිරි නිෂ්පාදනය වැඩිකර සෑම දෙනාටම ගන්න පුළුවන් මිලකට දියර කිරි විකුණන්න. එවිට මේ රටේ ළමා පරපුර හො නිරෝගිමත්ව හැදේවි. අද දියර කිරි එකක් රු.220ක් වෙනවා තුන්දෙනෙක් ඉන්න පවුලකට සතියට පැකට් දෙකක්වත් ඕන. ඒ කියන්නේ මාසෙකට දියර කිරි බොන්න රු.1280ක් යනවා. ඒත් පිටිකිරිවලට වැය වෙන්නේ රු.385යි. මාසෙටම ඒ නිසා මිනිස්සු ඒක බොනවා. ඒත් කිසිම ගුණයක් නෑ. ඊනියා සමාගම් පාඩුයි කිය කිය භාණ්ඩාගාරය අන්දමින් මිලියන ගණන් ලාභ ලබනවා. මේ ජරාව රටින් තුරන් කර දේශිය කිරි ගොවියා රකින්නට භාණ්ඩාගාරයට ශක්තිය ලැබේවා...!!!
අපිට ඕන නෑ කිරි අපි බොමු කොළකැඳ
දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමට අවශ්‍ය පියවර තවම කිසිම් ආණ්ඩුවකින් ගත්තේ නැහැ. අවශ්‍ය එකම පියවර තමයි කිරි ගවයින් සොරුන්ගෙන් ආරක්ෂාකරදීම, මෙයට තිබෙන එකම පියවර හරක් හොරුන්ට මරණ දඬුවම දීම හා ඔවුන්ගේ දේපොළ රාජසන්තක කිරීම. කිරි නිෂ්පාදනයට කැමති විශාල මේ රටේ ඉන්නවා නමුත් ඔවුන්ට තිබෙන ප්‍රශ්නය තමයි කිරි ගවයින් හොරුන්ගෙන් ආරක්ෂාකර ගැනීම. රජය හරක් හොරකම වැලැක්වීම පියවර ගන්නවානම් කිරිපිටි පිට රටින් ගෙන්වීමට නතරවීම පමණක් නොවෙයි ලක්ෂ ගණනකට ස්වං රැකියා ලැබෙනවා.
අපේ අයට අපේ රටේ කිරි පොවමු.