බුදු පිළිම 1000 කට ලක්ෂ 32 ක බද්දක්
ලංකාවේ දුෂ්කර ප්රදේශ වල පිහිටි පන්සල් වල වැඩ සිටින මහා සංඝරත්නය දහස් නමක් උදෙසා වෙසක් පොහොය යෙදුණු අද (29 ) චීන බෞද්ධ දූත පිරිසක් විසින් පූජා කිරීමට සුදානම් කරන ලද පිළිම වහනසේලාට රජය විසින් ලක්ෂ තිස් දෙකක (32,000,00 ක) බදු මුදලක් නියම කිරීම නිසා එම පිලිම බෙදා දිමට නොහැකි වීම සම්බන්ධයෙන් සංඝ සම්මේලනය ඇතුළු මහා සංඝරත්නයේ දැඩි විරෝධය එල්ල වී තිබේ.