IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


එජාපය සමඟ හවුල් ආණ්ඩු යෝජනා මට ගේන්න එපා

(අජන්ත කුමාර අගලකඩ)

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පිළිගන්නා නමුත් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නැවත ආණ්ඩු කිරීමට තමා සූදානම් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අද (13) රාත්‍රීයේ ප්‍රකාශ කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද රාත්‍රීයේ පැවැති අතර ඊට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සන්ධානයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා සහභාගි වී ඇත.

එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති සිරිසේන මහතා රනිල් වික්‍රමසංහ මහතා සමඟ නැවත ආණ්ඩු කිරීමට කිසිසේත් සූදානමක් නැතැයිද ප්‍රකාශ කර ඇත.

තමා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කළේ එක්සත් ජාතික පක්ෂය ගෙන ගිය රටට එරෙහි වැඩපිළිවෙළ වැළැක්වීමට බවත් එක්සත් ජාතික පක්ෂය නැවත බලය ලබා ගෙන රටට කිරීමට යන විනාශය වැළැක්වීමට සෑම පියවරක්ම ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

එජාප විරෝධි කඳවුර ශක්තිමත් කිරීමට තමා කැපවන බව පවසා ඇති ජනාධිපතිවරයා එජාපය සමඟ හවුල් ආණ්ඩුවකට යෝජනා නොකරන්නැයි ශ්‍රීලනිපය මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ හෙට විභාගයට ගැනෙන අභියාචනා පෙත්සම පිළිබඳ තීන්දුවක් ලැබීමෙන් පසු  එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම හෙට (14) රාත්‍රීයේද රැස්වීමට එහිදී තීරණය කර ඇත.



අදහස් (57)

එජාපය සමඟ හවුල් ආණ්ඩු යෝජනා මට ගේන්න එපා

Liyanage Thursday, 13 December 2018 03:03 PM

ඉතා හොඳයි

:       4975       7615

chamath Thursday, 13 December 2018 03:28 PM

ජය වේවා අපේ ජනපති

:       8859       12480

පෙරුමාල්Friday, 14 December 2018 10:49 AM

මෙයා ආවේ එජාප ඡන්ද වලින්... දැන් ඒ ඡන්ද එකක්වත් මෙයාට නැහැ. රනිල් එක්ක කරන්න බැරිනම් මෙයා කළ යුතු නිවැරදි දේ තමයි ඉල්ලා අස්වීම... මේ පුද්ගලයා දැන් කරමින් සිටින්නේ විලි ලැජ්ජා නැති වැඩක්... ලැජ්ජ නැතිකම ජනාධිපති කමටත් වඩා ලොකුයිලුනේ..

:       522       711

ravi Thursday, 13 December 2018 06:03 PM

ඒජාප..යත්, පොහොට්ටුවත්, අපේ සිතුම් පැතුම් සපුරා දෙන්නේ නැහැ.. මේ දෙගොල්ලොම හුඟක් චෝදනාවලට උසාවිවල පෙනීසිටින්න සිද්ද වෙලා.. එ්ක නිසා තව චුට්ටක් එහාට කලපනා කෙරුවොත් හොඳයි කියලා හිතුණා ..

:       3       118

Jun Thursday, 13 December 2018 06:22 PM

සිරිසේන - රාජපක්ෂ, ගෙදර යන්නකෝ හිටන්?

:       308       325

Janaka from Matara Thursday, 13 December 2018 06:22 PM

නටපු තොවිලයකුත් නැහැ, ආර්ථිකයේ පළුවකුත් නැහැ. අනේ අපොයි මේ මගේ රට නොවේද?

:       13       224

iron Thursday, 13 December 2018 06:30 PM

හනුමා නැවත බිහිවෙලා...

:       0       50

Mahee Thursday, 13 December 2018 06:32 PM

මහින්ද වැරදි විදිහට පත් කළා... පත් කළාට අපි කැමති නෑ වගේම රනිල් පත් කරනවාටත් අපි කැමති නෑ. ඒ වගේම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්න ඉන්න රටේ ප්‍රධානියා ඒ මූලික නීතිය කඩනවටත් අපි කැමති නෑ.

:       20       117

Jehaan Thursday, 13 December 2018 06:42 PM

කිසිම වැදගත් වැඩිහිටියෙක් තියා ළදරුවෙක් වත් හවුලක් ඇති නොකරගන්න තරමට සැමගේම විශ්වාසය පලුදු වුණු බව වැටහිලා නැහැ වගේ...

:       0       24

V.warnakulasuriya Thursday, 13 December 2018 07:10 PM

මෙතුමා වෙනස් කර ගත්තත් අපට නම් මහින්ද රාජපක්ෂ මහතා සමඟ ආණ්ඩු කළත්, රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ආණ්ඩු කළත් එක සමානයි. රනිල් වික්‍රමසිංහ මහතාටත් වඩා බරපතල විවේචනයක් 2015 ජනාධිපතිවරණයේදී රාජපක්ෂ පාලනය වෙනුවෙන් මෙතුමාට තිබුණි. එය අමතක කරන්නේ මෛත්‍රී - මහින්ද විසින් කනත්තට ගෙනගිය ශ්‍රීලංකා නි. පක්ෂයට පණ දෙන්නට ජනපතිවරයා ගන්නා උත්සාහයක් ලෙස අපි දකින්නෙමු.

:       92       120

triu Thursday, 13 December 2018 07:18 PM

ඔබව අපි එලවනවා ... ආයෙත් කියන්නේ එලවනවා....

:       217       273

Amila Thursday, 13 December 2018 07:28 PM

මෝඩ උපදේශකයෝ පත්කරගෙන හත්පොලේම ගාගත්තා සහ තව ගාගන්නවා. ඡන්ද පදනමක් නැති මිනිස්සුත් ළංකර ගත්තා. දක්ෂයෝ වෙනුවට කයිවාරු කාරයෝත් ළංකරගත්තා. අන්තිමට ඔක්කොම එකතුවෙලා ලණු කැරලි පිටින් දීලා...

:       0       47

අශාන් Thursday, 13 December 2018 07:50 PM

හරි විදිහට නම් ව්‍යවස්ථාව කඩපු ඔබතුමා ඉවත් විය යුතුයි. එය ව්‍යවස්ථාවේම සඳහන් වෙනවා.

:       0       93

dhammika perera Thursday, 13 December 2018 08:11 PM

ඉතින් ඉල්ලා අස්වෙලා ගෙදර යන්න.

:       0       33

Thangalle Sobitha himi Thursday, 13 December 2018 08:17 PM

මෙයා කවුද මෙයාට හැම එකක්ම කියන්න? නියම ශ්‍රීලංකා කාරයෝ මෙයාට එලව එලවා ගහනවා ළඟදීම... මෙයා පක්ෂය විතරක් නෙමෙයි, රටත් කෑවා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු වෙලා තියෙන්නේ මෙයා වැරදිකරුවෙක් වෙලා ඉවරයි. එහෙම කෙනෙක් මගේ රටේ ජනාධිපති වෙන්න විදියක් නැහැ. කවදා හෝ අවුරුදු 20ක් හිරේට සහ ප්‍රජාඅයිතිය අහිමිවීමකට යටත් විය යුතුමයි. සත්‍යයි, අත්දුටුයි, ප්‍රත්‍යක්ෂයි.

:       104       227

T.S. Deniyaya Thursday, 13 December 2018 08:27 PM

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙක් වූ කෙනෙකු ලඟ නව අගමැති දිවුරුම් දෙන්න සුදුසු නැත. එයට අගවිනිසුරු ඉදිරියේ දිව්රුම් දිය හැක. මහත්මා ගතිය පෙන්වා අස්වී ගෙදර යන්න හිටන්. දිගටම හිටියොත් එලවා දමනවමයි පොළොන්නරුවේ වෙලකට හිටන්... තවමත් ජනාධිපති හැටියට පිළිගන්න රැළකුත් ඉන්නවනේ හිටන්...

:       173       225

Manda buddhika Thursday, 13 December 2018 08:32 PM

අර ඔලුව ටෙස්ට් කරන නඩුව ලඟදීම ඇහෙයි නේද? තමන්ගේ මෙඩිකල් රිපොර්ට්ස් එහෙමත් පිළිගන්නේ නැතුව ඇතිනේ...

:       43       30

sumudu Thursday, 13 December 2018 08:55 PM

ඉතා හොඳය..ඔබගේ ආණ්ඩුවෙන් පාර්ලිමේන්තුවෙන් අයවැය සම්මත කර ගන්න.

:       0       2

saman Thursday, 13 December 2018 10:37 PM

ආයෙත් මොන හවුල් ආණ්ඩුද? ඡන්දයක් ඉවර වෙනකල්. අවබෝධතා ගිවිසුමේ කාලේ ඉවරයි. ඉතින් අයින්වුණා. අයෙත් හවුල් වෙන්නේ ඡන්දෙන් පස්සේ.

:       0       2

Reality Check Thursday, 13 December 2018 10:43 PM

සුබ ගමන් !

:       0       1

අතුල Friday, 14 December 2018 12:33 AM

ඔබගේ තීරණය අගයකරමි

:       165       87

Suranga Friday, 14 December 2018 01:07 AM

ඉතා හොද තීරණයක්

:       153       64

Hasthiya Friday, 14 December 2018 02:22 AM

ශ්‍රී ලංකා එකත් එක්ක හවුල් ආණ්ඩු අපිට ඕනෙත් නෑ අපිට ඕන තනි එජාප ආණ්ඩුවක්

:       777       810

Lal Friday, 14 December 2018 03:10 AM

ජනාධිපතිතුමාට ජයවේවා.! නැවත ආන්ඞු නොකිරීමට ඔබතුමාගත් තීරණයට රටේ බහුතර ජනතාවගේ කැමැත්ත අනිවාර්යෙන්ම. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට වඩා බලවත් ජනතා අධිකරණය.

:       290       523

jineth Friday, 14 December 2018 03:21 AM

ඔබතුමා රටට ආදරය කරන නායකයෙක්. වංචාකාරී, බටහිර ගැති අයට බලය නොදී අප රැක ගන්නට ඔබට ශක්තිය දිරිය ලැබේවා.!

:       486       684

Sandeepa Friday, 14 December 2018 03:46 AM

ඔව් කොහොමත් වැඩක් වෙන්නේ නැ ඒක

:       4       33

Sanka Friday, 14 December 2018 04:44 AM

නඩු තීන්දුවෙන් ඉතා පැහැදිලියි පරණ ආණ්ඩුව නැවත බලයට එන එක. නීතිගරුකව වැඩකිරීමට අපි කවුරුත් බැදී සිටිනවා.

:       12       319

jayasekara Friday, 14 December 2018 04:59 AM

හොද එඩිතර තීන්දුවක්.

:       342       272

sam Friday, 14 December 2018 06:37 AM

දේශපාලනයේදී පුද්ගලයින් වැදගත් වෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ ප්‍රතිපත්තියි. ඒ වගේම දේශපාලනයේ සදාකාලික සතුරන් හෝ මිතුරන් ඇත්තෙත් නැහැ . ආඬි හත්දෙනා කැඳ හැදුවා වාගේ, එකිනෙකා රවටා සිදුකල ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයේ ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතිනවා.

:       2       131

නිමල් Friday, 14 December 2018 07:13 AM

අපේ ජීවිත කාලයේදී අපි කැමති කැමති දේවල් විතරක්ම අපිට කරන්න පිළිවනි නම් මේක ස්වර්ග රාජ්‍යයක්. එත් බොහෝවිට අපිට කරන්න වෙන්නේ අපි අකමැති දේවල්. එක තමා ජීවිතයේ යතාර්ථය. ජනාධිපති තුමාටත් ඒ සත්‍යයට මුහුණ දෙන්න වෙනවා.

:       0       57

julien Friday, 14 December 2018 07:26 AM

එක්සත් ජනතා නිදහස් සන්ධානය එපා. එ.ජා.පෙ. ට 117 තියෙනවා මාසයක් ඇතුලත 151 පෙන්නන් නම් එතකොට බලමු ...!!!

:       53       86

kamil Friday, 14 December 2018 07:29 AM

සේරෝටම කලින් හිතන්න කාගේ ඡන්දයෙන්ද ජනාධිපති වුනේ කියලා... 117 තියෙන්නේ.. ඒ ඇති.

:       0       97

rohana kumara mendis Friday, 14 December 2018 07:42 AM

එක්සත් ජාතික පක්ෂයට පින්සිද්ද වෙන්න ජනාධිපතිවෙලා දැන් එක්සත් ජාතික පක්ෂයත් එක්ක වැඩ කරන්න බැලූ මහින්දව ඕනෙලු.. හොරු මංකොල්ල කාරයින් අල්ලන්න ආපු මිනිහට ගිය කලක්...

:       22       165

[email protected] Friday, 14 December 2018 07:47 AM

ඔබේ මැතිවරණ පොරොන්දු නැවත කියවා බලන්න. එවිට ජනතාව ඔබට බලය දුන්නේ කුමකට දැයි නැවත මතක් වේවි.

:       0       31

dias Friday, 14 December 2018 07:50 AM

ජනාධිපතිතුමනි, නම්බු පිටින් ගෙදර යන්න. රට විනාශ නොකර.

:       89       23

pinguththaraya Friday, 14 December 2018 07:53 AM

මෙයි කොහෙන් ආවද කියන එකත් අමතක වෙලා මෝඩකමට...

:       102       18

Rasika Friday, 14 December 2018 08:12 AM

සැබෑ තත්වය ... ඔන්න ඔබ හරියට හරි...

:       1       26

banda Friday, 14 December 2018 08:19 AM

රනිල් නම් ලංකාවෙන්ම පන්නලා දාන්න ඕනෑ...

:       780       647

saman Friday, 14 December 2018 08:25 AM

විකාර කාරයෙක්...

:       88       48

gamaathi Friday, 14 December 2018 08:26 AM

කොහොමහරි ලබන අවුරුද්දේ විශ්‍රාමිකයන්ගෙයි, රජයේ සේවකයින්ගෙයි සමෘද්ධි ලාභින්ගෙයි දීමනා හා වැටුප් ලැබෙන විදියකට ප්‍රතිපත්ති, තීරණ ගත්තොත් හොඳයි. නැතිනම් රටේ බලවත් නොසන්සුන් තත්වයක් අනිවාර්යෙන්ම ඇතිවෙනවා.

:       0       12

assanga Friday, 14 December 2018 08:26 AM

මෛත්‍රිපාල ඔබ පොළොන්නරුවේ වාරිමාර්ග නිලනිවාස වලට අහින්ංසක ගැහැණු ළමයි ගෙනවිත් රජයේ තනතුරු දුන්නු ආකාරයත්, බාල දියණියගේ මුලින්ම යාළුවෙච්ච කෙනාට සිදුවූ දෙයත් ලියන්නද?

:       220       324

Saththaya Friday, 14 December 2018 08:29 AM

ඉස්සෙල්ලා බුදුදහමේ සත්සතිය පිළිපදින්න වෙනවා.

:       0       7

Nandana Friday, 14 December 2018 08:40 AM

අඩෝ සිරා, පව් නොදී ගෙදර යන්න. අපේ රටට අපි ආදරෙයි... පොළොන්නරුවේ ගොයම් පැහෙන කාලෙට කුඹුරේ හිටවන්න පඹය්න් හොයනවා.

:       147       14

V.warnakulasuriyaFriday, 14 December 2018 09:12 AM

අපේ සිරාට පල් පාට් දන්නා එපා. අපි සිරාට ආදරෙයි. සිරා නැත්නම් අපි හිරේ. කවුරු වුනත් අපි නම්බුව තියනවා.

:       34       3

Prabath Friday, 14 December 2018 08:49 AM

නව අග්‍රාමාත්‍ය කෙනෙකුයි, ඇමතිවරු 5 ක් පමණකුයි පත් කරකර ලබන අවුරුද්දම අදින්න. උන්ට නඩු දමදමා ඉන්න කියන්න. නිකම්ම අවුරුද්ද ගෙවෙයි. ඒ අයට දෙන්නම එපා. නැත්නම් මොනවත් ඕනේ නැහැ. හමුදාවට බාරදෙන්න ඊළඟ අවුරුද්ද අරන් යන්න.

:       20       28

Nimal Friday, 14 December 2018 08:53 AM

නැවතත් රටේ ව්‍යවස්ථාවට අනුව 2020 හි පවත්වන මැතිවරණයකින් නව රජයක් පිලිබඳ මහජනතාවගේ කැමැත්ත ප්‍රකාශ වෙනතුරු 2015 හි ජනතාව පත් කළ රජය සමග ජනාධිපති කටයුතු කළයුතු වෙනවා. මම කැමති අකමැති කතාවක් මෙහි නැහැ. රට පාලනය රජය කාගේවත් පුද්ගලික දේපලක් නොවේ...

:       1       91

ELKM Friday, 14 December 2018 08:53 AM

ලංකාවේ නූගත් සාමාන්‍ය ජනතාව විතරක් නොවෙයි, නායකයිනුත් දේශපාලනයෙන් තවත් දියුණු විය යුතුයි.

:       0       14

Buddika Friday, 14 December 2018 09:38 AM

ඒක තමන්ගේ කැමැත්ත... ඒත් එකක් මතක තියාගන්න. රටේ ව්‍යවස්ථාව කියන්නේ කාගෙවත් අම්මගේ, අප්පගේ බූදලයක් නෙවෙයි.

:       0       38

lal Friday, 14 December 2018 10:52 AM

ඔය ජනාධිපතිකම ළමයෙකුට දෙන්න.

:       0       18

Ajantha Friday, 14 December 2018 11:06 AM

අයියෝ රනිල්... කොහෙන් ගියත් ඔයාට හුළං තමයි. දැන් ඉතින් ඔය නායකකම ළමයෙකුටවත් දීලා ගෙදර යන්නකෝ රටට පව් නොදී...

:       15       0

ajith Friday, 14 December 2018 11:20 AM

මේ මනුස්සයව පත් කර ගත්තු අපිටයි ගහන්න ඕනේ. මෙයා හිතාගෙන ඉන්නේ එයා ජනාධිපති වූ පලියට රට එයාගේ කියලයි. මොලේ නැතිකම මිසක් වෙන මොකක්ද?

:       62       37

Bishan Friday, 14 December 2018 12:24 PM

ජනාධිපතිත් දැන් අවලංගු කාසියක් වගේ. අදින අදින තුරුම්පු පරාදයි. 2020 ජනාදිපති සිහිනය අත් හැරගන්න. ගෙදර යවන්නම වැඩේ දෙන්නම්.

:       62       0

sandy123 Friday, 14 December 2018 12:26 PM

මෙයාට වෙන මොනවත් නෙමෙයි, මහන්තත්වේ ඔලුවටම ගහලා. නැහැ... නැහැ... මුළු ඇඟටම ගහලා.

:       27       1

Nalaka Friday, 14 December 2018 07:08 PM

හෙන හත ගහන්න ඕනේ රටට කරපු විනාසෙට!!

:       0       0

Bamunuarachchi Saturday, 15 December 2018 03:44 PM

කියන විදිහටම කරනවානම් එය ඉතා අගයකොට සලකමි. ආණ්ඩුව කරන්න ඉඩ දෙන්නම එපා.

:       0       0

Rohana Sunday, 16 December 2018 01:31 AM

ඕව ඔක්කොම බොරු. ඔය සැලැස්ම ඉදිරියේදී ජනපති සිහිනය සැබෑ කර ගැනීම.

:       0       0

Athula Sunday, 16 December 2018 04:06 AM

මගේ හිතට එකඟව කියනවනම්.... සිරිසේන ගෙදර යැවිය යුතුමයි .

:       8       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

රනිල් ගංගාරාමයට
2025 මැයි මස 12 1 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙසක් පොහොය නිමිත්තෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට අද(12) පැමිණ ආගමික වතාවත් වල නිරත විය.


වසර 57කට පසු ආසියා යොවුන් බොක්සින් ලංකාවේ
2025 මැයි මස 12 52 0

ASBC ආසියානු U22 සහ යොවුන් බොක්සිං ශූරතාවලිය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුරමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනය


දන්සැල් ගැන දැනුම් දීමක්
2025 මැයි මස 12 122 0

බෝවන රෝග සහිත පුද්ගළයින් දන්සල් සංවිධාන කටයුතු වලින් සහ දන්සල් වලට සහභාගී වීමෙන් වලකින්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.


ව්‍යාපාරිකයා රවටා කෝටි 22ක් කොල්ල කාලා
2025 මැයි මස 12 1540 0

ගම්පොළ වෙළම්බොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 22 ක මුදලක් කොල්ල කෑ බව කියන සැකකරුවන් තිදෙනකු මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය ම


ගිනි අවියක් සහ පතොරොම් සමග දෙකක් මාට්ටු
2025 මැයි මස 12 503 0

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලබන සැකකරුවකුගෙන් ලද තොරතුරු මත පිස්තෝල අව


කඩුගන්නාවේ යතුරුපැදි අලෙවිසලක් ගිනි ගනියි
2025 මැයි මස 12 453 0

කඩුගන්නාව පොලිස් වසමේ ඇඹිල්මීගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ යතුරුපැදි අලෙවිසලක් ගිනි ගැනීම හේතුවෙන් එහි තිබූ යතුරුපැදි 20ක් පමණ ගිනිගෙන විනාශ වී ඇති බව පොලි


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1173 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1481 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 384 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site