තිළිණි ද සිල්වා
අගමැති ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේය. අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය අවලංගු කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා දින නියම කළේය.
නමුත් අභියාචනාධිකරණයේ මන්ත්‍රීවරුන් 122කු ගොනු කළ රීට් පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ විශේෂ අභියාචන පෙත්සම අවසන් වන තෙක් අත්හිටුවීමටද තීරණය කළේය.
ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ සහ විජිත් එම් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාගයට ගැණිනි.
ජනවාරි 16,17,18 දිනයන්හිදී මෙම පෙත්සම විභාගයට ගැනීමට නියමිතය. ඒ වන තෙක් අභියාචනාධිකරණයේ නඩු විභාගය තාවකාලිකව තහනම් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ තීරණයක්. මරා-සිරා උගුලෙන් කොහොමහරි රට බේරා ගත යුතුයි.
දැන් සැපද?
විමලේ... කෝ මේ විමලේ? මේ අනුවණ දේශපාලන අදහස්වල නිර්මාණ ශිල්පීන් ඔවුන්ම තමයි.
දැන්වත් ගෙදර යන්න මුත්තේ..
මහින්ද මැතිඳු අද තනියම වෙල මැද්දේ....
මහරජා පිදුරු ගහෙත් එල්ලෙන්න බලනවා... කොයිතරම් ජනතා ප්‍රසාදයක් මත තේජාන්විතව විශ්‍රාම යන්න තිබුණු කෙනාට වෙච්ච දෙයක්... මේක පටන් ගත්තේ ව්‍යවස්ථාව වෙනස් කරලා තුන් වෙනි පාරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු වෙලාවේ පටන්. දැන් ඉන්න දේශපාලකයින්ට සහ ඉදිරියට දේශපාලනය කරන්න ඉන්න අයට හොඳ පාඩමක්... මේකෙන් හැමෝම ඉගෙන ගත්තොත් හොඳයි. නැතිනම් ඉතින් ඒ ඔක්කොටම වෙන්නේ මේ ආනිසංසේ තමයි. එහෙමත් නැතිනම් අපේ භාෂාවෙන් කියනවා නම් සොරි ඩොට් කොම් තමයි.
මහින්ද ජනාධිපතිතුමාගේ දේශපාලන අනාගතය නැතිකරපු ඔහුගේම ඇම්බැට්ටයන්ට ශාපවේවා..!!!
මේ ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරු මණ්ඩලේ සභාපතිතුමිය එතුමගෙ ළඟම මිතුරියක් නිසා දුන්න අදහස් වැරදියි කියල කියන්න මෙයාලට බැහැ. දැන් රටම දැනගත්තා මේ කට්ටිය කල වැඩේ වැරදියි කියලා.
අනේ ඇත්තට පස්සා දොරෙන් ඇවිල්ලා මෙහෙම අපවාද අහන්න ඕන කෙනෙක්ද මේ? අට පාස් කේවට්ටයන් සහ ගුස්තිකාර මැරයන් විසින් ගෞරවනීය පුද්ගලයෙකුට කළ විනාශය තවමත් තේරුම් ගෙන නැති හැටි...
මේක නම් හොඳටම බොන්න වෙන වැඩක්...
අම්මෝ ලොකු දෙයක්...
මහින්ද ජනාධිපතිතුමාගේ දේශපාලන අනාගතය වැඩි හරියක් නැති කලේ එයාගේ පවුලේ උදවිය !
අනේ මන්දා මහින්ද පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අහෝසි වේ. එමනිසා මන්ත්‍රීකමත් අහිමි වේද ...?
කොහොමද තානාපති කාර්යාලවල සල්ලි විසිකිරිල්ල, අනේ අපේ රටත් සල්ලිවලට යටවුණා.
රවී යනු සහතික ලත් කළමනාකරණ යාවජීව සාමාජිකයෙක් (CIMA) ශ්‍රී ලංකා වරලත් ගණකාධිපති ආයතනයේ යාවජීව සාමාජිකයෙක්. ඒ වගේම 8 ශ්‍රේණියට වැඩ ඉගෙනගත් කෙනෙක් කබ්රාල් හට රවිට නැති දේවල් මොනවද තියෙන්නේ?
මෙයා ජාතිය අමතන්න යනවලු. රාජ්‍ය මාධ්‍ය ආයතන ජාතිය ඇමතීම සඳහා පාවිච්චි කිරීමට මේ හොරාට ඇති අයිතිය කුමක්ද? මෙයා කිව්වේ පහු වෙනකම් හිටියොත් රටක් ඉතුරු වෙන් නැති නිසා අගමැතිකම බාර ගත්තා කියලයි. ඒ වුණාට යන්නේ රට නැත්තටම නැති කරලා අධිකරණයෙනුත් එලෙව්වට පස්සෙයි. මෙහෙම අය නායකයෝ වෙච්ච රටක් මේ තරමින්වත් ඉතුරු වුණු එක දේව හාස්කමක්...
මහින්දත්, රනිලුත් දෙන්නම විශ්‍රාම යන්න ඕනෑ. මහින්ද පුතාට දුන්නොත් හොඳයි. රනිල්ගේ විකල්පය සජිත් ප්‍රේමදාසයි.
අපි හැමෝම මුහුදට පනිමු පුතාට දුන්නොත්...