(අජන්ත කුමාර අගලකඩ)
නව අමාත්‍ය මණ්ඩලය හෙට (19) දිනයේදී දිවුරුම් දීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයට පත් කෙරෙන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (18) පස්වරුවේ යැවීමට නියමිතව තිබුණත් එය මෙතෙක් ජනාධිපතිවරයාවෙත යවා නොමැති බවද එම ආරංචි මාර්ග වලින් පැවැසේ.
ඒ අනුව අමාත්‍ය මණ්ඩලය ලෙස පත් කෙරෙන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය එක්සත් ජාතික පක්ෂය විසින් හෙට (19) දිනයේදී ජනාධිපතිවරයාවෙත යැවෙනු ඇතැයිද පැවැසේ.
2025 නොවැම්බර් මස 04
244
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2094
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අවිනිශ්චිත තත්ත්වයක
ගල්කටස් Tuesday, 18 December 2018 06:28 PM
මංඩලෙ කචල්ද... ඔකත් යුරෝපා සංගමයට යවලා අනුමැතිය ගන්නවද දන්නෙත් නැහැ.
Sathyayaa Tuesday, 18 December 2018 11:02 PM
දිවුරුමටත් නින්දාවක් තනතුරු ලැබුණට පස්සේ හිතක් පපුවක් නැතුව ජනතාව ගසා කන කොට.
Raveendra Wednesday, 19 December 2018 02:00 AM
225 ම පොරකනවා ඇති මට අරක ඕනේ මට මේක ඕනේ කිය කියා. නැතිව ඔය රටට සේවය කිරීමට නොවෙයි.
Rasi Wednesday, 19 December 2018 05:42 AM
කාට දුන්නත් රවිට නමි මුදල් ඇමතිකම දෙන්න එපා. එයා ඉල්ලන්නේ මුදල්මයි.
gunarathna Wednesday, 19 December 2018 05:49 AM
අමාත්‍ය මණ්ඩලය පත්කරගන්ට බැහැ. මොකද ගෙම්බන්ට අල්ලස් දෙන්ට ඕනෙනේ. කවුරුත් ගන්නේ නැතිව දෙමල සංධානේ එක්ක ආණ්ඩුවක් පිහිටෙව්වනම් රටේ වැඩ ටික හරි කෙරෙනවා.
maxWednesday, 19 December 2018 06:08 AM
දෙමල සන්ධානේ එයාලගේ ඊළාම් ව්‍යාපෘතිය අත ඇරලද එන්න ඕන ගුණරත්න?
sam Wednesday, 19 December 2018 06:06 AM
ද්‍රවිඩ සන්ධානය රජයට සහයෝගය දුන්නාට රජයේ කොටස්කරුවන් නොවේ. ඒ නිසා පාර්ලිමේන්තුවේ ස්ථිර බහුතරයක් සදා ගැනීම සඳහා පොහොට්ටුවෙන් හා ශ්‍රීලනිප යෙන් පිරිසක් රජයට ගෙන්වා ගැනීමට උත්සාහ කරන නිසා, ඒ අයට දීමට ඇමතිකම් ඉතුරු කර තබා ගැනීම මේ ප්‍රමාදයට හේතුවයි. මහින්ද මහතාගේ ආණ්ඩුව දිවුරුම් දුන් අවස්ථාවේදීත් ''මිලියන පන්සීයේ කෑලි'' වලට දෙන්න ඇමතිකම් ඉතුරු කරගෙන හිටියා මතකද ? මේකත් ඒ වගේම තමා .