තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
තමන් අගමැති ධූරයේ සහ අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු නියෝගය ක‍්‍රියාත්මක කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අගමැති ධූරයේ කටයුතු කළ මහින්ද රාජපක්ෂ සහ අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන ,ජොන්ස්ටන් ප‍්‍රනාන්දු හා ආචාර්ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් විසින් ගොනු කළ විශේෂ අභියාචනා පෙත්සම් දෙකක් සලකා බැලීම ලබන සිකුරාදා (14) තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) නියම කළේය.
මෙම අභියාචනා පෙත්සම ප්‍රසන්න ජයවර්ධන , ප්‍රසන්න ජයවර්ධන සහ එල්. ටී.බී දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැදවිණි.
වගඋත්තරකරුවන් වෙත නිසි පරිදි නොතීසි ලැබී නොමැති වීම හේතුවෙන් අභියාචන පෙත්සම් සලකා බැලීම මෙදිනට කල් තැබිණි.
මෙම විශේෂ අභියාචන පෙත්සමේ වගඋත්තරකරුවන් රනිල් වික්රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂය , දෙමළ ජාතික සන්ධානය , ජනතා විමුක්ති පෙරමුණ , ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය , සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය යන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 122 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
නීතීඥ සනත් විජේවර්ධන මහතා මඟින් වෙන වෙනම ගොනු කළ මෙම අභියාචන පෙත්සම් දෙකෙහි මෙසේද සඳහන් වේ.
අභියාචනාධිකරණය නීතිය වැරදි ලෙස අර්ථකථනය කරමින් මෙම තමන් එම තනතුරු වල කටයුතු කිරීම අත්හිටුවමින් පොරේදා (03) අතුරු නියෝගයක් නිකුත් කර ඇත. මෙම අතුරු නියෝගයෙන් වගඋත්තරකාර පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍යවරුන්ට අගතියක් හා අප‍්‍රතිකාරී හානියක් සිදුවන බවද පෙත්සමේ සඳහන් වේ.
එසේම තමන් තනතුරුවල කටයුතු කිරීම අත්හිටුවමින් දුන් එම තීන්දුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවද එහි සඳහන් වේ.
එබැවින් පෙත්සම මෙම විශේෂ අභියාචනා පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත් , අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතුරු නියෝගය ඉවත දමන ලෙසද මෙම විශේෂ අභියාචන පෙත්සමේ සඳහන් වේ.
එම තීන්දුව ක‍්‍රියාත්මක කිරීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙසත් , අභියාචනාධිකරණය හමුවේ පෙත්සම්කාර වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 122 දෙනෙකු විසින් ගොනු කර ඇති ක්වෝ වොරොන්ටෝ රිට් ආඥාවක් නිෂ්ප‍්‍රභ කරන්නැයි ද මහින්ද රාජපක්ෂ සහ අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ චමල් රාජපක්ෂ , දිනේෂ් ගුණවර්ධන , ජොන්ස්ටන් ප‍්‍රනාන්දු හා ආචාර්ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් සිය විශේෂ අභියාචන පෙත්සම් වලින් ඉල්ලා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති, අගමැති, විපක්ෂනායක සහ මන්ත්‍රීවරුන් සියල්ල අධිකරණය තුළින්ම පත් කළා නම් වැඩේ ඉවරයි. අපිට නම් මේක දැන් අැණයක්. එපාවෙලා තියෙන්නේ කිසිම කෙනෙකුට මෙක විසඳන්න වුවමනාවක් නැහැ. ඔක්කොම පිස්සෙන් වගේ කල් මරණවා... හරි කෙලින් එකවර නියම වෙලාවට තීරණයත් අධිකරණයටත් ගන්න බැරි නම්.., එතැනින් එහාට කථා වැඩක් නැහැ.. රට හෑල්ලුවට ලක්කරනවා විනාශයට පාර කපනවා සියල්ලන්ම. දැන් මාස දෙකකට අාසන්නයි ඕක විසඳගන්න බැරිඅයට පුළුවන්ද? රට ගොඩ නගන්න.. සියල්ලන්ම බොරුවෙන්, වංචාවෙන් සහ බලයට කෑදර නමින් මාධ්‍ය හමුවල කියන කථා අහැව්වාම හිතෙන්නේ නිකන් රට සුරපුරයක් කරයි කියලා. එ්ත් වර්තමානයේ පවතින කිසිම පක්ෂයකින් රටට වෙන සෙතක් නැති බව නම් පැහැදිලියි.
රටම කල් ඉකුත් වෙලා ඉවරයි..
පොහොට්ටුවේ නායකයින් කල් ඉකුත් සැමන් ටින් එකක් වගේ.
මේක අධිකරණය හදපු ගැටළුවක් නෙමේ. ගැටලුව හැදුව බල පෙරේතයෝ නැති බලයක් තියෙනවා කියන එක තමයි ගැටළුව... අවසන් විසඳුම රටේ ජනතාව පාරට බැහැලා හොරු, තක්කඩි එලවන එක මිස අධිකරණයට බනින එකනොවේ.
කන්නේ බොන්නේ අඳින්නේ පිටරටවලින් ණයට අරගෙන, තව ඡන්දත් ඉල්ලනවා,
දැන් සනීපද?
දැන් ජනාධිපතිතුමාම පිලි අරන් තියෙනවනේ තමන්ට බහුතරය නැහැ කියලා. දැන් ඉතින් රටම දන්නවා කථානායකතුමාට පොත් වලින්, කුණු කූඩ වලින්, පුටු වලින් ගැහැව්වේ, පුටු කැඩුවේ, මයික් කැඩුවේ, මුළු රටම ලෝකය ඉදිරියේ අපකීර්තියට අවමානයට පත් කලේ බහුතරය පෙන්වන්න වෙන එක නවත්තන්න කියලා. ලැජ්ජයි. පාර්ලිමේන්තුව හෑල්ලු කරලා රටේ නම කැත කරපු එක නම් මේ රටේ ජනතාවට කවදාවත් අමතක වෙන එකක් නැහැ.
2018 ඔක්තෝබර් 25 වෙනිදා වනවිට රටේ තිබුණු තත්ත්වය නැවත මතක්කලාම මට හිතෙනවා ජනාධිපතිතුමා 26 වෙනිදා කල දේ ඉතා නිවැරදියි, එහෙත් කල විදිය සුදුසු මදි.