මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලියුම යොමු කළ බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
සිය නිල නිවසේදී අස්වීමේ ලියුම අත්සන් කිරීමෙන් පසු ආගමික වතාවත් පැවැත්විණි.





ඡායාරූප - ඉෂාන් සංජීව
(36698)
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලියුම යොමු කළ බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
සිය නිල නිවසේදී අස්වීමේ ලියුම අත්සන් කිරීමෙන් පසු ආගමික වතාවත් පැවැත්විණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ඔබතුමා මොනතරම් ප්‍රතාපවත් නායකයෙක්ද? ඔබතුමාගේ බලයට හානිකිරීමේ කුමක් හෝ අදෘශ්‍යමාන බලවේගයක් සිරිසේන මහතා සතුව ඇති. මේ අදෘශ්‍යමාන බලවේගයට ඔබතුමාට අවනතවීමට සිදුවුනේ මොනතරම් අපූරු ආකාරයකටද? සිරිසේන මහතාගෙන් ඔබතුමාට සිදුවූ බොහෝ දේ වලට ඔබතුමා වටේ සිටින වාසි පතා කටයුතු කරන සමහර දෙනා වගකිව යුතුයි. මින් ඉදිරියටවත් බාලයන් ඇසුරෙන් අෑත්කිරීම කලයුතු දෙයක්.
ඉතා කෙටි වාර්තාවක්. ඉතින් හරිනේ. මෙවර අගමැති වශයෙන් කටයුතු කලෙත් ඉතා ටික කලක්නේ.... පාර්ලිමේන්තුවට නොගිය එකම අගමැතිද?
ට්‍රාවිස් ගේබ්‍රියල්ගේ පල්ලියේ කුමන්ත්‍රණය ඔහුගේ පාසලේ, පන්තියේ මිතුර නලින් පෙරේරා ඉටු කල වගයි.
කොහොමද තානාපති කාර්යාලවල සල්ලි විසිකිරිල්ල? රට කොටියට ගියා...
මේක ගැන කියනවා නම් පැහැදිලි කරන්න වෙන්නේ මේ විදිහට ගැහැණියකුගේ හොරමිනිහෙක් නීත්‍යානුකූල මිනිහා විසින් අතට අසුකර ගත් විට හොර මිනිහා විසින් ජනතාව ඉදිරියේ තමන්ගේ හොර ගෑනිගේ අනාගත අභිවෘද්ධිය හා ඇයගේ අනාගත සුභ සිද්ධිය පතා මා විසින් අදදින සිට ඇයගේ හොරමිනිහා යන චරිතයෙන් ඉල්ලා අස්වී නීත්‍යානුකූල සැමියාට ඇයව භාර දෙන බවට ප්‍රකාශයක් නිකුත්කර නික්ම යාමකි. මෙය ඉතාම හොඳ ප්‍රවණතාවක්...
අගමැතිකමක් කොහෙද වලංගු නැහැ කියල තීන්දු කරාම...? ඉල්ලා අස්වෙන්න දෙයක් තියෙන්න එපැයි.
බොහොම ස්තුතියි..!!! .
එයාට අමුතුවෙන් ඉල්ලා අස් වෙන්න අගමැති තනතුරක් තිබුනේ නෑනේ. විශ්වාස භංගයෙන් ඒ තනතුර අහෝසි වුනා කියලාවත් දන්නේ නැති බබා. බ්‍රොයිලර් අගමැති පව්. තමන්ගේ තත්වය තියාගෙන වැදගත් විදියට ඉන්නෙ නැතුව මුලු ඇඟ පුරාම අසුචි ගා ගත්තා...
පීචං වීමෙත් හොඳම එක...
මහින්ද මැතිඳුනි, පැරදුනේ රට නොව ඔබයි.
කොච්චර අනාගත්තත් මොලේ පෑදෙන්නේ නැහැ... බලතණ්හාව නිසා
ගියදේ ගියාවේ. දැන්වත් මංගල සුත්‍රයේ කියාදෙන පරිදි බාලයින්ගේ උපදෙස් පිළිනොගෙන ඉදිරි කටයුතු කරගෙන යාමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි...
දැන්වත් ඔබතුමා හරි දේ කිරීම අගය කල යුත්තක්.. මින් ඉදිරියට බලයට ආවොත් තමන්ගේ ළඟ සිටි උදවිය හැරෙන්න වෙන කිසිවෙක් ලං කර නොගත යුතුයි. විශේෂයෙන්ම හකීම් බදුර්දීන් ඇතුළු පිරිස... ඉදිරි මැතිවරණයකදී ඔවුන්ගේ සහය නැතුව ආණ්ඩුවක් පිහිටුවන්න ඔබට අවස්තථාව ලැබේවි..!!!
මෙතුමාගේ අගමැතිකම නීති විරෝධී කියලා නඩු දාලා රාජකාරි වැඩවලට අතුරු තහනමකුත් ගෙනැල්ල, නැවතත් රනිල් මහතාවම අගමැති කරන්න පුළුවන්ද? මට අපැහැදිලියි. අගමැති වෙන්න පුළුවන් පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය තිබෙන මන්ත්‍රී කෙනෙක්ව හොයාගන්න පාර්ලිමේන්තුව තුළ ඡන්දයක් තිබ්බනම් හොඳ නැද්ද? අගමැති වීමට කැමති කිහිප දෙනෙක් ඡන්දය ඉල්ලුවානම් හොඳයි කියල හිතෙනවා. ඇයි රනිල් මැතිතුමායි, මහින්ද මැතිතුමායි විතරක් අගමැති කරන්න හදන්නේ? තුන්දෙනෙක් හරි හතර දෙනක් හරි ඉල්ලලා වැඩිම ඡන්ද තියෙන කෙනා අගමැති වුනානම් හොඳ නැද්ද? පක්ෂ කිහිපයක් ඉන්න නිසා කාටත් 113ක් පෙන්නන්න බැහැනේ. එතකොට ජනාධිපතිටත් ප්‍රශ්නයක් නැහැනේ. එහෙම වුනොත් රනිල් මැතිතුමා හැමදාම කියන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියල හිතාගන්න පුළුවන්...
කෝ අපේ බමුණු මහත්තයා... මන්තරයක් ජප කරන්න ඉන්දියාවටවත් ගියාද?
ඔහොම යං මැතිවරණයක් එනකං... හැබැයි ඉතිං මේ අයගෙන් මැතිවරණ ගැනිලි බොරු.. අර පනින සෙට් එන ගැන ජනතාව බලා ගනීවි. සමනළයින් ටික ජයගත්තා අධිකරණය ස්වාධීනද? අනේ මට තේරෙන්නෙ නැහැ. වන්ෂොට් අයියා නිසා අධිකරණය ගැන තිබූ විශ්වාසය නැතිවුණා. කොහොමත් රටට වඩා ඩොලර් ලොකුයි. සිංහලයයි කියා ගත්තට සුද්දන්ට ජාතක වෙච්ච උන් දැන් වැඩියි ලංකාවේ...
අපෝ ...!!! ලොකු දෙයක්..
දැන් සනීපද?
තමන්ට අසීරු අවස්ථාවේදී පිටු පෑ කිසිවකු නැවත ලං කර නොගත යුතුයි. මේ රටේ සුළු ජාතීන්ට සහ මහ ජාතියට වෙන් වූ ප්‍රශ්න කිසිවක් නැත. ඇත්තේ සියල්ලන්ටම පොදු වූ ප්‍රශ්න පමණයි. එම නිසා කිසිවිටක සුළු ජාතික පක්ෂ පිටුපස යන්න එපා. මේ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න. ඔබට බහුතරය එදාට ලැබේවි!!!
බල තන්හාව, ධන තන්හාව සහ පවුල් තන්හාව නිසා රට විනාශකර තමනුත් හත්පොලේ ගාගත්තා නේද? දැන් ඉතින් දරු පවුලත් එක්කම උසාවි යන්න. හිරේ යන්න ලෑස්ති වෙන්න...
මුත්තේ ඔය අතේ තියෙන උලෙන් මොකක්ද කරන්නේ ? ඕක කන කහන එකද දත් සුද්ද කරන එකද නැත්තම් වෙන මොකක් හරි කහන එකක්ද?
සිංහල කොටි මොනවා කිව්වත් සදාකල්ම නියම සිංහලයාගේ හදවතේ ඉන්නේ ඔබයි.. ජයවේවා මැතිඳුනි..,
ප්‍රධානම දෙය පල්හොරු රැලක් වටේට සිටීමයි. තමන්ගේ පරම්පරාවම බලයට ගේනවා. ඒ අය රටේ සල්ලි දෙමාපියන්ගේ බූදලයක් වගේ තියාගත්තා. මේවයි ඔබගේ වැරැදි. නීතිය ඔබට ඕනෑ ලෙස වෙනස් කළා. යුද්ධයෙන් දිනාගත්තාට දේශපාලන නායකත්වය දීපු ඔබට විශිෂ්ටයෙක් ලෙස සදා නම තබන්නට හැකියි. ඒ ඔබ ගෞරවාන්විතව විශ්‍රාම ගැනීමයි. මේ සිදුවීමට පෙර ප්‍රබල ජනතා කැමැත්තක් ඔහුට තිබුණා. ඒත් බලයට ඇති තණ්හාව සහ නීතිය නොදත් නීති උපදේශකයන් වගේම ජාතිවාදීන් නිසා අප්‍රසාදයට පත්වුණා. මෙදා හිටපු මිනිස්සු වගේම බුද්ධිමත් ඡන්ද මේ සිදුවීම නිසා කලකිරුණා.
යන්තම් ඇති. දැන්වත් ඔය තණ්හාව නැති කරගෙන යන තැනකට වැඩක් කරගන්න.
මෙතරම් පළපුරුදු දේශපාලකයෙක් මෙවැනි තත්වයකට පත්ව විහිලුවකට ලක් වීම කනගාටුදායකයි. ඒත් මෙය මෙතුමා විසින්ම කරගත් දෙයක්.
ලංකාවට ගාන්ධි කෙනෙක් හෝ මාඕ සේතුං කෙනෙකු පහළ විය යුතු කලයයි මේ...
නරිනාටකම් රටට අහිමිකළ දේශප්‍රේමීන්ගෙන් අහන්නේ... කවදද නැවත ලබාදෙන්නේ?
sandy 123..., බමුණු මහත්තය ගැනද හෝදිසි කරන්නේ...? උන්නැහේට හාර්ඩ් ඇටෑක් එකක් හැදිලා මියුලු නුවර විශේෂඥ පශු වෛද්‍ය වරයෙකුගේ වාට්ටුවට ඇඩ්මිට් වෙලාලු!
තමන් අතින් වරදක් සිදුවූ බවට පිළිගැනීමකි. එහෙත් තම පාර්ශවයේ ගැලවීම සඳහා ඉදිරියට යාමට සිදුවේ.
දැන් ඉතින් ඔය මොන බයිලා ගැහුවත් කරපු වැඩේ නීත්‍යානුකූල නැති නිසානේ අයින් වෙන්න වුනේ. එ්කයි තිත්ත ඇත්ත. කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට "ඉල්ලා අස්වීමට තනතුරක් තිබුණාද" කියා විමසා බැලිය යුතුවෙයි. ඔහුගේ අගමැතිකම සහ කැබිනට්ටුවේ ඇමැතිකම් නොවැ. 14 වෙනිදා සහ 16 වෙනිදා දින දෙකකදීම පාර්ලිමේන්තුවේ දී විශ්වාස භංගයකින් අහෝසි වී තිබේ. එම අහෝසිය අභියාචනාධිකරණයද පිළිගෙන තිබෙන අතර ඒ අභියාචනාධිකරණ නියෝගය, ශ්‍රේෂ්ඨාධිකරණයද පිළිගත්තේය. ඒ අනුව මහින්ද රාජපක්ෂට ඉල්ලා අස්වීමට තනතුරක් ඉතිරි වී තිබුණාද යන්න සැකසහිතය. ඕනෑම රටක රටක නායකයන් තනතුර බාරගනිද්දී ජාතියඇමතීම පිළිගත් සම්ප්‍රදාය වෙයි. නමුත් වැරදි පාරෙන් නායකයෙකු වෙන්න ගොස් වැඩේ වැරදුනාට පසු ජාතිය ඇමතීමක් ගැන අපිනම් අසා නැත.
දැන් බලමුකෝ අලුත් කෙනා කරන හැටි... රටේ මිනිස්සු අකමැතිම කෙනා හෙට අගමැති..
මොන විහිළුවක් ද මේ?
මේකට තමයි කියන්නේ නටපු නැටුමකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ කියලා. මාස දෙකක් රට එක තැන තියපු එක විතරයි කලේ....
ශ්‍රී ලංකාවේ 30 වසරක බෙදුම්වාදී ත්‍රස්තවාදය නිමාකිරීමට දේශපාලන නායකත්වය දුන් හිටපු ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව විනාශකළ පිරිස දෙස ඉදිරි දේශපාලන කටයුතු වලදී ඡන්ද දායකයා කතිරෙන් දඬුවම් කරාවි කියා මම සිතමි ...!!!
ශ්‍රී ලංකාවේ 30 වසරක බෙදුන්වාදී ත්‍රස්තවාදය නිමාකිරීමට දේශපාලන නායකත්වය දුන් හිටපු ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව විනාශකළ පිරිස දෙස ඉදිරි දේශපාලන කටයුතු වලදී ඡන්ද දායකයා කතිරෙන් දඩුවම් කරාවි කියා මම සිතමි ...!!!
ඉල්ලා අස්වුණා නෙවෙයි ඉල්ලන් කෑවා හේතුව බල තණ්හාව
මහින්ද නැති තනතුරකින් ඉල්ලා අස්වෙන්නේ කොහොමද ?
'මහින්ද ඉල්ලා අස්වෙයි' ? මොකෙන්ද ?
මාධ්‍යයට බැරිද ඔය අත්සන්කරන ලිපිය පෙන්නන්න. ? මොනවද ඕකෙ තියෙන්නෙ කියලා, මොකද අස්වෙන්න පදවියක් මෙයාට තිබුනෙ නැහැනෙ ..
19 විවස්ථාවෙ හැටියට කරන්න බැරි දෙයක් කරන්න පුළුවන් කියා උපදෙස් දුන් ගම්මන්පිල ඇතුළු නීතිවේදීන් නියම ලෙස නීතිය සමත් වුනු නීතිවෙදීන්ද කියන ප්‍රශ්නය මතුවෙනවා .?
පැරදිලා යන්න අත්සන් කරනකොට අත්පුඩි. ගහන අය අද දැක්කා....
එහෙනම් ඔය කප් ගහලා තිබෙනවා කියන ජෝතිශ්‍යවෙදියෝ කීවේ මෙයා මෙවෙලාවේ බලවත් රනිල්ට එරාෂ්ටකයක් කියලා ? මෙහමත් ගල් පැලෙන බොරුකාරයෝ... දැන්වත් මිනිසුන්ට බොරුකියා මුදල් කඩා නොගෙන ශරීරය මහන්සියෙන් යමක් උපයා ගනු කියා අපි කියමි.
මා සිතන්නේ මෙතුමාව ජනාධිපතිතුමා විසින් අගමැති තනතුරට පත් කරන ලද්දේ රටේ ආර්ථිකයේ පවතින ගැටළුවක් නිරාකරණය කර ගැනීම සඳහා මිස, බල උවමනාවක් සඳහා නොවේ. පසුගිය නොවැම්බරයේදී එජාපෙට නියමිත කාලයේදී ලබන වසරට අය වැයක් ඉදිරිපත් කර ගැනීමට නොහැකි වීම එහි සලකුණකි. එපමණක්ද නොව, දැන් එජාපෙය මංගල වෙනුවට නව මුදල් ඇමතිවරයෙක් පත් කර ගැනීමට යයි. එබැවින් මා සිතන්නේ මේ සන්සිධියට පාදක වූ නියම ප්‍රශ්නය තවමත් විසදී නැති බවයි. එමෙන්ම, ජනාධිපතිවරයා සඳහන් කරන පරිදි තමන්ට රනිල් වික්‍රමසිංහ සමග බරපතල මත ගැටුමක් ඇති බව සහ ඝාතන කුමන්ත්‍රණයක් ඇති බව කීම, මා සිතන්නේ මේ අගමැති තනතුරේ වෙනස සඳහා යොදා ගන්න ලද සාවද්‍ය කරුණු කියායි.
නීත්‍යානුකූලව රනිල් තවම අගමැති 2015 සිට. මහින්ද පත්කළේ නීති විරෝධීව බවත් උසාවියේ තීරණය අනුව රනිල් ඉවත්වුනේ නැතිබවත් ඉදිරියට ඔප්පුවේවි (ජනවාරි 16,17... නඩුවලින්). එහෙම වුනොත් ජනපති ව්‍යවස්ථාව දෙවතාවක් කඩකළ වරදට සහ රට අස්ථාවර කල වරදට සිරගෙදරට යා යුතුමයි. මෛත්‍රී රටට කරපු විනාශය තවම ඉවර නැත.
ඉල්ලා අස්වෙන්න දෙයක් නැහැ පත්වීම මුල ඉදන්ම නිත්‍යානුකුල නොවෙද්දී.
කතාවේ අවසානය... අවසානයේදි මහින්ද කරඩුව පැත්තකින් තබා..
මහින්දගේ සමුදීම උත්සවේ දිහා බැලුවම කියන්න තියෙන්නේ මෙපමණයි සාමාන්‍ය රටේ ජනතාව මෙන්ම ඉහලම පෙලේ සැවොම තමන් කරන වැදගත් හා උසස් මෙන්ම ඉහලම ගනයේ කාර්යන් වලදී පිරිත් දේශනා කිරීම පිරිත් නුල් බැදීම ධර්ම දේශනා පැවැත්වීම අශිර්වාද කිරීම වැනි කරුණු කරනා මධයේ තමයි සුභ කටයුතු කරන්නේ මොකද තමන් කරන මේ කාර්ය ඉතාමත් නිවැරදි හා තැනටත් රටටත් සෞභාග්‍ය සම්පන්න කාරණාවක් නිසා .මෙහිදී හොදින්ම පැහැදිලී මේ කිසිම කාර්යක් කිසිවක් නොමැතිව මහා රාත්‍රියේ රටටම හොරෙන් අගමැති උන කාරයට වඩා උසාවි නියෝගයෙන් ඉල්ලා අස් වීමේ කාර්ය වඩාත්ම සුභ කටයුතක් බවයි ඒ අනුව අගමැති වීමට වඩා ඉල්ලා අස් වීම සුභ කටයුතක් බව මහින්ද හොදින් අවබෝධ කරගන සිටිම.
ඔහොම යන එක ගුණයි අධිකරණ තීන්දුවකින් දොට්ට වැටෙනවට වඩා