IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හිටපු නාවික හමුදාපතිට ඇප

( නිමන්ති රණසිංහ ) 

හිටපු නාවික   හමුදාපති  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා  ලක්ෂ  10 ක ශරීර ඇප දෙකක් මත  මුදා හැරීමට කොළඹ කොටු මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (05) නියෝග කළේය.

ඇප මත සිටියදී කිසිදු අයුරකින්  විමර්ශනවලට බාධා නොකළ යුතු බවත් තනතුර පාවිච්චි කරමින් සාක්කිකරුවන්ට  බලපෑම් නොකළ යුතු බවත් විශේෂයෙන්ම  ලුතිනන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරි  යන  නිලධාරීයාට බලපෑම් නොකළ යුතු බවට ද මහෙස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.

දැනුම්දෙන ඕනෑම අවස්ථාවකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවත්  යම් හෙයකින් ඇප කොන්දේසි කඩ කළහොත් ඇප කොන්දේසි අවලංගු කර යළි රක්ෂිත බන්ධනාගාරගත කරන බවද මහෙස්ත්‍රාත්වරයා මෙහිදී පැවසීය.

පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව  එහි ප්‍රධාන සැකකරුවන   ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි  නොහොත්  නේවි සම්පත්ට රැකවරණය ලබා දුන්නැයි කියන සිදුවීම සම්බන්ධයෙන් හා එම  සිද්ධියේ ප්‍රධාන  සාක්කිකරුවකු වන  නාවික හමුදා ලුතින්න කමාන්ඩර් ගලගමගේ ලක්සිරි නැමැත්තාට තර්ජනය කිරීම   හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව ඇති චෝදනා වේ. 

ඡායාරූප - ළහිරු හර්ෂණ

 

 



අදහස් (7)

හිටපු නාවික හමුදාපතිට ඇප

Buddika Wednesday, 05 December 2018 03:30 PM

ගොඩක් හොඳයි ඇප ලැබුණු එක. හොරුන්ගේ නඩු පහුගිය වසර 3ක් පුරාවට කල් යන්නේ මාස ගණන්වලින් ... ඒ මදිවට අත්අඩංගුවට ගන්න එපා කියලා උසාවි නියෝගත් ගත්තා. රටේ ධනය අම්මගේ අප්පගේ බූදලය වගේ. මෙතුමා අත්අඩංගුවට ගන්න එපා කියලා උසාවි ගියේ නැහැ. හිරගතකළ දවසේ ඉඳලා හොරුවගේ හොරට ලෙඩ වුණේ නැහැ. මේ දේ හිතන්නේ නැහැ කවුරුත්..

:       299       348

Kumar Wednesday, 05 December 2018 06:34 PM

චුදිත්යෙකුට රටෙන් පැනයන්න සහයදීම යහපත් ක්‍රියාවක්ද. ඒ වැනි ක්‍රියාවලට සහය දෙන කෙනෙක් උසාවියේ නියමයෙන් අත්අඩංගුවට ගන්න එක අමුතු දෙයක් නොවේ. රටක් දියුණු වෙන්නේ සියලුදෙනාම නීතිගරුක වෙන්න ඕන.

:       0       68

BamunuarachchiThursday, 06 December 2018 10:08 AM

සිංහල අපිට ඕක බොහොම සුළු දෙයක් දෙමල ත්‍රස්තයින්ගෙන් අපිට උන විනාශයට ඔහොම කරලා මදි. මෙතුමා නිදහස් වෙනවා සිකුරුයි. මේ වා මෙහෙම වෙනවානම් රට හමුදාව බාර ගත්තාට කමක් නැත.

:       2       0

පිටිගල මිලානෝ Wednesday, 05 December 2018 11:55 PM

මෙවන් නිලධාරීන්ට ඇප දීමෙන් සාක්ෂි විනාශ වීමට ඉඩ තිබෙනවා.

:       1       11

Bandara Thursday, 06 December 2018 12:53 AM

මොහුගේද වැරදි ඇත.... නමුත් මේ සුළු වැරදි විශාල කොට පුම්බා, නොකෙරූ ලොකු වැරදි වලට හසු කිරීම කණගාටුදායකයි..... මොහු මහා විරුවෙක්.........

:       14       147

චමින්ද Thursday, 06 December 2018 02:19 AM

දැන් ඔය මහා ලොකුවට මානව හිමිකම් ගැන කථා කරන NGO නඩ යුද්ධේ කාලේ බස් වල බෝම්බ පිපිරීමෙන් අහිංසක මිනිස්සු මැරෙන කොට වචනයක් වත් කථා කලේ නැහැ. රණවිරුවෝ නොහිටින්න තව කීයක් අහිංසක මිනිස්සු මැරිලද දන්නේ නැහැනේ.

:       20       13

Uditha - London Thursday, 06 December 2018 04:06 AM

ලංකාව ගැන බොහොම කලකිරීමක් තියෙන්නේ....

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 163 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 789 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site