IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


සණස බැංකුවේ කෝටි 75 ක් ඉල්ලා තැන්පත්කරුවෝ විදී බසිති

(තිලකරත්න දිසානායක)
 
 
ගම්පහ, විගොඩ සණස බැංකුවෙහි තැන්පත් කර ඇති රුපියල් කෝටි 75කට අධික මුදල් ආපසු ලබා ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටිමින් විගොඩ සණස තැන්පත්කරුවෝ අද  (18) සවස ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිටදී සාමකාමී විරෝධතාවයක නිරත වුහ.
 
විගොඩ සණස බැංකුවෙහි මුදල් තැන්පත් කොට ඇති නයිවල, වේයන්ගොඩ, විගඩ, උඩුගම්පොළ, බෙම්මුල්ල, දිවුලපිටිය, යක්කල, ගණේමුල්ල ඇතුළු ගිණුම් හිමියන් විශාල පිරිසක් මීට එක්ව සිටි අතර ඔවුන් අතුරින් ඇතැමුන් පවසා සිටියේ තමන් විදේශගතව සිට රැගෙන ආ මුදල් සහ රැකියා කර  ලැබු විශ්‍රාම මුදල් පවා මෙහි තැන්පත් කර මාසිකව පොලිය ලබා ගනිමින් දරු පවුල් රැකගැනීම සිදු කළ බවයි.
 
මෙහිදී තැන්පත් කරුවන් සුරැකීමේ සංවිධානයන්හි සභාපති ලක්ෂණ අබේගුණවර්ධන මහතා පවසා සිටියේ 2400 ක් පමණ වන පිරිසක් මෙම සණස බැංකුවෙහි මුදල් තැන්පත් කර ඇති බවත් මෙම පිරිසට කඩිනම්න් සහනයක් සලසා දෙන ලෙස අදාළ අංශ වෙතින් ඉල්ලා සිටින බවත්ය.

 



අදහස් (19)

සණස බැංකුවේ කෝටි 75 ක් ඉල්ලා තැන්පත්කරුවෝ විදී බසිති

yaha Friday, 18 January 2019 12:39 PM

හොඳ වැඩේ.. කීයක් හරි වැඩියෙන් දෙනවා කිව්වොත් ඕනෑම කුණු ගොඩක දානවා. මසුරුකම.. රාජ්‍ය බැංකු තියෙනවා. ඒවගේ දාන්න.

:       152       167

upaliFriday, 18 January 2019 02:31 PM

මාගේ (මියගොස්) පියා නිතර කිව්ව දෙයකි. සල්ලි නිතරම රාජ්‍ය බැංකුවක තැන්පත් කරන්න. රජයක්, ආණ්ඩුවක් තියෙනවා හැම වෙලේම...

:       3       52

priyanthaFriday, 18 January 2019 05:35 PM

අප්පෝ මල්ලි එකනම් කරන්න බැහැ.. රනිලයා එලවනකල්.

:       188       109

NishanSaturday, 19 January 2019 08:07 PM

සණස කියන්නේ අර්ධ රාජ්‍යය ආයතනයක්. මෙහෙම තැන්පත් සල්ලි එක සැරේ ගන්න ගියොත් රාජ්‍ය බැංකුත් බංකොලොත් වෙනවා. මොකද බැංකු කිසිවක් ගනුදෙනුකරුවන්ගේ තැන්පත් මුදල් තමන් සන්තකේ තියන් ඉන්නේ නෑ. සල්ලි තමුන් ළඟ තියාගන්න ඕන අය ඇයි මේවයේ තැන්පත් කලේ?

:       20       7

පෙරුමාල් Friday, 18 January 2019 01:06 PM

දැන් මොකද වෙලා තියෙන්නේ? වෙන කවුරු හරි දාපු සල්ලි ගොඩකට ඒ සල්ලි යට වෙලාද?

:       0       9

sarath perth Friday, 18 January 2019 01:19 PM

පව් අසරණ මහජනයා දාඩිය මහන්සියෙන් හම්බකරපු සල්ලි .

:       1       45

සමීර Friday, 18 January 2019 01:26 PM

රජය මේ අයගේ සියලුම තැන්පත් මුදල් ලබාදෙන්න බැදිලා නැහැ. ගොඩක් වෙලාවට උපරිමය ලක්ෂ තුනක් වගේ වෙනකන් විතරයි ලබා දෙන්නේ. එහෙම තමයි මේවායේ කොන්දේසි තියෙන්නේ. අනෙකුත් බැංකු වල උනත් එහෙම තමයි. ඕනිම බැංකුවක සල්ලි දාද්දි ඒ අනතුර තියෙනවා. බැංකුවට වෙන වත්කම් තියෙනවා නං ඒවා විකුනලා මුදල් දෙන්න පුළුවන්, එහෙම නැත්තන් බැංකුවට වෙන ආයෝජනයක් හම්බුනොත් මුදල් දෙන්න පුළුවන්. ඒවත් සැහෙන කල් යන වැඩ. දැන් අර එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් කියන ආයතනයේ මුදල් දාපු අයටත් ඒකනේ වෙලා තියෙන්නේ. සෙලාන් එකට මේක වුනා. ආයේ ප්‍රමුඛ බැංකුවට මේක වුණා

:       23       75

Laasko Friday, 18 January 2019 01:47 PM

හරිම වැදගත්...

:       0       4

lanka Friday, 18 January 2019 02:25 PM

අද රටේ බැංකුවක්වත් විශ්වාස කල නොහැකියි. මේ විදියට දැන් අපිට සිදුවන්නේ නිවෙස තුළ ආරක්‍ෂිත ස්ථානයක මුදල් තබා තිබීමටයි. මට සිතෙන්නේ පොලිය අඩුවූවත්, දැන් රාජ්‍ය බැංකුවල මුදල් තැන්පත් කිරීම නුවණට හුරු බවයි.

:       0       22

saliya prabhath Friday, 18 January 2019 04:02 PM

තැන්පත් කරුවන්ගෙන් සල්ලි ගන්න කොට මේ වගේ හොරු කවදාවත් කියන්නේ නැහැ. සල්ලි ගැන රජය වග කියන්නේ නැහැ. සෙලාන් එකටත් වුණා. එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් කියන ආයතනයේ මුදල් දාපු අයටත් ඒකනේ වෙලා තියෙන්නේ. සෙලාන් එකට මේක වුණා. ආයේ ප්‍රමුඛ බැංකුවට මේක වුණා කියලා ඒවා කියලා හොරුන්ට පැනලා යන්න. ලේසියෙන් රිංගන්න බැහැ. මේ රටේ නීතියට අනුව බේරෙන්න ලැබෙන්නේ නැහැ. එ්කට තමයි තාරක නීතියක් තියෙන්නේ...

:       1       43

ajith Saturday, 19 January 2019 01:51 AM

සමෘද්ධි බැංකු ගැනත් සොයල බැලුවොත් නරකද? එම බැංකුවේ තැන්පත් කරන්නේ අහිංසක වියපත් මිනිස්සුන්ගේ සමෘද්ධියෙන් කපාගන්න මුදල් . ඒ ටික ආරක්ෂා කරන වැඩ පිළිවෙලක් අවශ්‍ය කාලයක් මේක.

:       0       6

එල්.ජී.ජේ.ධර්මරත්න Saturday, 19 January 2019 02:34 AM

මේ වන විට රජය පිළිබඳවත් රාජ්‍ය ආයතන පිළිබදවත් වි්ශ්වාසය බිදවැටෙමින් පවතිනවා.

:       0       6

තිලක් Saturday, 19 January 2019 03:51 AM

බැංකුවට සල්ලි නැත්නම් දෙන්නේ කොහොමද ?කරන්න දෙයක් නැහැ .

:       0       0

Rohana Saturday, 19 January 2019 06:45 AM

මෙය සණස සංවර්ධන බැංකුවද? වෙනත් බැංකුවක්ද? කියා පැහැදිලි නැත. සණස සංවර්ධන බැංකුවෙන් නම් මෙවැනි දෙයක් ඇති බව දැනගන්නට නැත.

:       0       0

PRIMAS IGNETIYAS Saturday, 19 January 2019 07:03 AM

සණස ගොඩ නැගුවේ කිරිවන්දෙණිය මහතාගේ උත්සාහය සහ ඔහුගේ මනා නිවැරදි දැක්ම මත පදනම් වූ බුද්ධියයි. මෙවැනි වංචනික නිලධාරීන් නිසා ජනතාවගේ මහන්සියෙන් මුදලින් ගොඩ නැගු ලාංකික සණස ව්‍යාපාරය විනාශ වීමට ඉඩ දිය නොහැකිය. මෙවැනි වංචාකාරින්ගෙන් සණස ව්‍යාපාරය ආරක්ෂා කරගනිමු. සණස සාමාජිකයිනි, ඔබගේ සටනට ජය.

:       16       4

chandana Saturday, 19 January 2019 12:27 PM

මමත් මේ ආයතනයට සැපයුම්කරුවෙක් හැටියට වසර 2 ට පමණ පෙර නිතරම ගියා... මට හොඳටම තේරුම් ගියා මේ දේ වෙනවා කියල කවදා හරි... මම මගේ පියා අපේ ඉඩමක් විකුණලා සල්ලි දැම්මා ඊටීඅයි එකේ. මගේ බලවත් ඉල්ලීම නිසා වෙලාවට ඉවත් කර ගත්තා..

:       0       78

සෙනෙවි Saturday, 19 January 2019 01:16 PM

මෙම බැංකු මෙහෙයවනුයේ ගමේ අය තෝරාගන්නා අය විනා රජයෙන් නොවේ. එබැවින් මෙයට රජය වගකිය යුතු නැත. චංචා නීතිය අනුව කටයුතු කළ හැක. මේවා මෙහෙයවන අයගේ චර්යාව ගැන තැන්පත් කරුවන් දැනුවත් විය යුතුයි. නමුත් රටේ දේපල සෙරකම් කරන දේශපාලුවන් නැවත නැවත තෝරා යවන ජනතාවක් සිටින රටක මේවා අරුමයක් නොවේ දැන් හිත හදා ගැනීම හැර වෙනත් දෙයක් නැත. පාරවල් අවුරා කලබල කර සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කිරීම අපරාධයකි.

:       0       1

සෙනෙවි Saturday, 19 January 2019 01:16 PM

මෙම බැංකු මෙහෙයවනුයේ ගමේ අය තෝරාගන්නා අය විනා රජයෙන් නොවේ. එබැවින් මෙයට රජය වගකිය යුතු නැත. චංචා නීතිය අනුව කටයුතු කළ හැක. මේවා මෙහෙයවන අයගේ චර්යාව ගැන තැන්පත් කරුවන් දැනුවත් විය යුතුයි. නමුත් රටේ දේපල සොරකම් කරන දේශපාලුවන් නැවත නැවත තෝරා යවන ජනතාවක් සිටින රටක මේවා අරුමයක් නොවේ දැන් හිත හදා ගැනීම හැර වෙනත් දෙයක් නැත. පාරවල් අවුරා කලබල කර සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කිරීම අපරාධයකි.

:       0       1

prabhath Tuesday, 22 January 2019 07:00 AM

ඔකේ කිසිම බැංකු කටයුතු ගැන දැනුමක් තිබ්බ එවුන් හිටියේ නැහැ .... යන්තම් ඉස්කෝලේ ගිය එවුන් තමයි ඔක්කොම නිලධාරී .....අධ්‍යක්ෂ මණ්ඩලයේ කීප දෙනෙක් උන්න ඉගෙන ගත්තු එත් බැංකු කටයුතු විෂය නෙමෙයි ....අනුන්ගේ සල්ලි තමන්ගේ වගේ වියදම් කල .....තමන්ව උලුප්පගන්න ලක්ෂ ගණන් වියදම් කලා .....සල්ලි දාපු උන් ....අධ්‍යක්ෂ මණ්ඩලය ඔහේ බලාගෙන හිටිය ......ඔඩිට් කරන්න අපු එවුන් මොනවා කලද දන්නේ නැහැ .....කීයක් හරි වැඩිය දෙනවා කිව්වොත් ඕන මගුලක් කරන උන්ට වෙන්නේ ඕක තමයි .....අපි නම් අපේ හිතවතුන් කීප දෙනෙක්ම ...ලක්ෂ පනහකට වැඩිය තැන්පත් කරන්න හිතාගෙන හිටපු අපෙන් නිකමට වගේ අහපු නිසා බෙර ගත්ත ......උගුලට අහුවුන අය ගැන කනගාටුයි ........

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31612 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14009 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11093 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 171 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1103 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site