IMG-LOGO

මන්නාරම මහෙස්ත්‍රාත් කාබන් නිර්ණ වාර්තාවේ මුල් පිටපත ඉල්ලයි

(සිතුම් චතුරංග) 

ඇමෙරිකාවේ  ෆොලොරීඩා හි  බීටා ඇනලිටික් ආයතනය   මන්නාරම සමූහ මිනී වළ පිළිබඳව  කාබන් නිර්ණ වාර්තාව  කෙළින්ම ලිඛිතව  මහෙස්ත්‍රාත් අධිකරණයට ලබාදෙනතුරු  අධිකරණ වෛද්‍යවරයා ලබා දුන් වාර්තාව  ප්‍රකාශයට පත් නොකරන බව  මන්නාරම මහෙස්ත්‍රාත් ටී සරවනරාජා මහතා  ප්‍රකාශ කළේය.

 
මහෙස්ත්‍රාත්වරයා  විවෘත අධිකරණයේදී  ඒ බව ප්‍රකාශ කළේ  අතුරුදන්වුවන්ගේ ඥාතීන්  වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් මෝසමක් මගින්  අද දහවල්  නඩුව කැඳවු අවස්ථාවේදීය .
 
 අධිකරණ වෛද්‍යවරයා අද උදෑසන මහෙස්ත්‍රාත්වරයාට ලබා දුන්  කාබන්  කාල නිර්ණය වාර්තාවේ පිටපතක් මුදාහරින ලෙස  අතුරුදන් වූවක්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ඉල්ලා සිටියහ.
 
 එම වාර්තාව නිල වශයෙන් අදාල ආයතනයෙන්  මහෙස්ත්‍රාත් අධිකරණයට එවා නැති නිසා  අධිකරණ වෛද්‍ය වරයා දුන් පිටපත ප්‍රකාශයට පත් කළ නොහැකි බවත්  නිල පිටපත ලැබුණු පසු  එය ප්‍රකාශයට පත් කරන බවත්  මහෙස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

 

 



අදහස් (3)

මන්නාරම මහෙස්ත්‍රාත් කාබන් නිර්ණ වාර්තාවේ මුල් පිටපත ඉල්ලයි

de silva Wednesday, 20 February 2019 06:28 PM

මේක මෙච්චර සඟවාගෙන ඉන්න හේතුව කුමක්ද ? දොස්තර ගැන මහේස්ත්‍රාත් තුමාට විශ්වාසයක් නැද්ද ?

:       15       4

sachithThursday, 21 February 2019 04:10 AM

මේක නීත්‍යනුකුල කටයුත්තක් නිසා තම නිල වාර්තාව ඉල්ලන්න ඇත්තේ. පිටපතක් වෙනසක් කරන්න පුළුවන්නේ. එකක් පිලිඅරගෙන නිල වාර්තාව වෙනස් උනොත් ගොඩක් දේවල් වෙනස් වෙනවනේ.

:       1       0

Bamunuarachchi Friday, 22 February 2019 03:24 AM

මෙම රාජකාරිය කරනකොට අත් වැස්මක් පලදින්නේ නැද්ද? ඒවා සේෆ්ටි වලට අදාළ දේවල්. ආරෂාව පලමුව.

:       18       104

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 624 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site