( නිමන්ති රණසිංහ)
පාතාල නායක මාකඳුරේ මධුෂ් සහ ජනප්‍රිය ගායක අමල් පෙරේරා යන දෙදෙනා සමඟ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කුමන ආකාරයේ සබඳතාවක් පැවැත්වුයේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ජාත්‍යන්තර පොලීසිය හරහා කටයුතු කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (13) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කරුණු දක්වමින් සඳහන් කළේය.
මේ වන වන විට මාකඳුරේ මධුෂ් නැමැති පාතාල නායක සහ ජනප්‍රිය ගායක අමල් පෙරේරා ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින අතර ඔවුන් සමඟ පසුගිය කාලයේදී හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සබඳතා පවත්වා ඇති බවට ලැබෙමින් පවතින තොරතුරුවලට අදාලව ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය කටයුතු ජාත්‍යන්තර පොලීසියේ මැදිහත්වීමෙන් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේය.
2016 වසරේදී ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ හිටපු නියෝජ පොලිස්පතිවරයා සමඟ දැඩි සබඳතාවක් තිබී ඇතැයි ද කරුණු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දැක්වීය.
ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් වරයා ඝාතන කුමන්ත්‍රණ සැලසුමට අදාල නඩුව අද කැඳවු අවස්ථාවේදී මෙම කරුණු අධිකරණයට වාර්තා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම කුණු බේරුවල බොක්කට කිවා වගේ තම, දැන් ඉතින් අහුවෙන අහුවෙන පාතාලය මෙයත් එක්කම විතරයි සම්බන්දකම් තියල තියෙන්නේ.
බොහෝ කලක සිට පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධානියා වන ලතිෆ් මහතා පන්නා දැමීමට වෙහෙසුන සහ මදුෂ්ගේ ගෝලයින් පිරිසක් තම ආරක්ෂකයින් ලෙස තබාගෙන සිටි වෙල් විදානේ ගැන වහා පරීක්ෂණයක් කලයුතු බව බලධාරීන්ට නොතේරේද ?
කාට බොරු කලත් අපගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බොරු කරන්න බැහැ. එම තත්වය රටවැසියන් ලෙස අප සැම ලැබූ විශාල ජයක්. හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට කිව්වා සේ ඉදිරියේදී හොඳ හොඳ දේ අපට බලාගත හැකි වේවි.
අදහස් නැත
රහස් පොලිසියට දැන් මොකක් හරි කුනුහරපයක් කියල මේ පටලැවිල්ල ලිහාගන්න ඕන...... මදුෂ්ගේ විස්තර අද වෙනකන් හොයාගන්න බැරි උන ස්ට්ෆ් එකට පින්සිද්ද වෙන්න වැඩේ කරගත්ත
හොදයි සම්බන්දයක් තිබිලා ඔප්පු උනත් එයාව ගෙන්න ගන්නේ කොහොමද අපි ඩුබායි රටත් එක්ක අපරාද කාරයෝ හුවමාරු කරගන්න ගිවිසුමකට අත්සන් කරන්නේ නැතුව.
ඒ සැරේ තව අලුත් නාට්‍යක්ද?
ඔය අපරාදකාරයෝ ටික ලංකාවට ගෙන්න ගන්න බැරි මොකක්දෝ ගිවිසුම් ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ - ඉතින් මොකටද ඔය පොලෝසියේ මහත්තුරු දුක්විදගෙන ඕවා හොයන්නේ?