(පාලිත ආරියවංශ)
බණ්ඩාරවෙල තැපැල් කාර්යාලය ඉදිරිපිටදී කොළඹ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
මන්ත්‍රීවරයාගේ නිවස හා කාර්යාලය අද(12) දිනයේ සෝදිසියට ලක් කළ නමුත් ඔහු නොසිටි බවද පොලිසිය සඳහන් කරයි.
සැකකාර මන්ත්‍රිවරයා කිසියම් මොහොතක පොලිසිය පැමිණ බාරවිය හැකි යැයි විශ්වාස කරන බව පොලිසිය කියයි.
අයුතු අවහිරය, රජයේ සේවකයෙකු විසින් තම රාජකාරි ඉටුකිරීම වැළැක්වීමට තුවාල කිරීම, රජයේ නිලධාරියෙකුට අඩන්තේට්ටම් කිරීම හා සාපරාධී බලවත්කාරකම් පෑම යනාදී චෝදනාවන් සැකකාර මන්ත්‍රීවරයාට එල්ලවී ඇති බවද පොලිසිය සඳහන් කළේය.
ඉකුත් 10 වනදා සවස කොළඹ මත්ද්‍රව්‍ය කාර්යාශයේ පොලිස් කොස්තාපල්වරයා පැදවූ ජීප්රථය සැකකාර මන්ත්‍රීවරයාගේ වාහනය පසුකර ධාවනය වූ අවස්ථාවේ මන්ත්‍රීවරයා ගමන් කළ වාහනය ජීප්රියට ඉස්සර කර මාර්ගය අවහිර කර නවත්වා මෙම පහරදීම සිදුකර ඇතැයි පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අය නොපමාව පක්ෂයෙන් පහ කල යුතුයි.
පහුගිය කාලෙ තමන්ගේ පක්ෂ නායකයාටත් සමච්චල් කතා කියමින් සිටි මොහු වහාම මට්ටු කල යුතුයි
අම්මා, තාත්තා කලත් වැරදි නම් වැරදි. පොලිසිය කියන්නෙම රාජ්‍යය සහ ජනතාව. අපි පොලිසියේ සමහර වැරදි සමග එකඟ නොවුනත් ඔවුන් ක්‍රියාත්මක කරන්නේ ජනතා පරමාධිපත්‍ය. ජනතාවගේ චන්ද බලයෙන් පත්වුණු පුද්ගලයෙක්, එහෙම රජයේ සේවකයෙකුට පහර දුන්නා කියන්නේම ඔහු රජයටත්, ජනතාවටත් අභියෝග කරලා තියෙනවා කියන දේ මිසක් වෙන මොකක්ද? එහෙම කාටවත් කරන්න බැහැ. රටේ නීතියක් තියෙනවා. ඒ නිතිය අනුව මේක සාපරාධි ක්‍රියාවක්. අපරාධ නිතිය යටතේ ක්‍රියා කල යුතුයි. වෙන රටක් එහෙම නම් ඔහු ඉල්ලා අස් වෙනවා.. ඒ නිසා ඔහුව අත් අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන ලෙස රජයෙන් ඉල්ලනවා. නීතියේ ආධිපත්‍ය තහවුරු කරන ලෙසත්, නැවත මෙවැනි පුද්ගලයන් පාර්ලිමේන්තුවට ඒම වැලක්වීමට ක්‍රියා කරන ලෙසත් අගමැති තුමාගෙන් ඉල්ලා සිටිනවා. මම සපුමල්
පොහොට්ටුවට සම්බන්ධ කෙනෙක් නම් රාජපක්ෂ ගිණුමට බැරවෙන, එසේ නොවේ නම් හුදකලා සිද්ධින් වන අමුතු කලාවක් මේක .
ජනතාවට වගකීමක් තියෙනවා මෙවැනි අය නැවත බලයට පත් නොකිරීමට
මොහු " මන්ත්‍රි " වෙලා මෙහෙම නම් "ඇමතියෙක් " වුනොත් , " අගමැතියෙක් " උනොත් කොහොම වෙයිද ???
මේ වගේ අයව පක්ෂෙන් නෙරපන්න ඕනේ.
හිවලුන් පාර්ලිමේන්තු යැවීම ලබන පාරෙදිවත් නවත්වමු.
පොලිසිය නම් වන රාජ්‍ය නියෝජනය කරන අයායනයට හෝ එහි නිළධාරින්ට සිදුකළ මෙම කටයුත්ත සදහා පොලිසිය ක්ෂණිකව අවශ්‍ය බලය එම මොහෝතේදිම යෙදිමයි කලයුත්තේ. එසේ දේශපාලකයන්ගේ වැරදි වැඩ වලට ක්ෂණික බලය යෙදුවානමි කිසිදු දේශපලකයෙක් කිසිදවසක නැවත එවැන්නක් නොකරනු ඇත. මෙි රට විනාශකරන්නේ දේශපාලකයන් නොව, දේශපාලකයන්ට අවනිතික වැඩ කිරිමට ඉඩදි බලා සිටින ඒ ඒ සිද්ධි වලට මුහුණ දෙන රජයේ සේවකයන්ගේ නිවට කමයි.
හරිහමන් අධ්‍යායාපනයක් නොමැති අය පාර්ලිමේන්තුවට පත් වුනාම මේ වගේ දේවල් වෙනව.