(රේඛා තරංගනී ෆොන්සේකා)
දුම්රිය දෙපාර්තමේන්තුවට පාඩුවක්ව පවතින ඇඳන් සහිත නිදන මැදිරි සංකල්පය ඉදිරියේදී ඉවත් කර , ඒ වෙනුවට රාත්‍රී දුම්රිය නිදන ආසන මැදිරි වැඩි කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
මේ තුළින් වැඩි දුම්රිය දෙපාර්තමේන්තුව ලාබ ලැබීම වැඩි කර ගත හැකි බවද හෙතෙම පැවසීය.
පළමු වැනි පන්තියේ නිදන මැදිරි ප්‍රවේශව පත්‍රයක මිල රුපියල් 1200 ක් වන අතර එක් මැදිරියක ගමන් කළ හැක්කේ මගීන් 12 දෙනකුට පමණි.
ආසන වශයෙන් ගත්විට මගීන් 40 කට වැඩි සංඛයාවකට මැදිරියක ගමන් ගත හැකි බව පෙන්වාදෙන සාමාන්‍යාධිකාරිවරයා 50 කට ආසන්න පිරිසකට ගමන් කළ හැකි මැදිරියක මගින් 12 දෙනකුට නිදන මැදිරි ලෙස වෙන් කිරීම දෙපාර්ත මේන්තුවට සිදුවන පාඩුවක් බව පැවසීය.
නිදන මැදිරි වෙනුවට නිදන ආසන සහිත මැදිරි පාඩු නොවන මට්ටමෙන් පවත්වාගෙන යාහැකි බව සඳහන් කරන දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා එය වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටික ටික මොලේ පෑදෙනවා වගේ. ඔය වගේම සිග්නල්, මාර්ග නඩත්තුව වගේ ඒවටත් මොලේ පෑදේවා..!!!
පමාවී හෝ මෙවැනි බුද්ධිමත් තීරණයක් ගැනීම ගැන අගය කරන අතර ජනතාවට ඉතාමත් සැප පහසු ගමන් ලබා දෙන්න.
පාඩු සිදුවෙන්නේ මේ අයගේ නොහැකියාව නිසා මිස නිදන මැදිරි නිසා නොවෙයි. බදුල්ලේ / මඩකලපුවේ වගේ තැන් වල ඉඳලා පැය 6 කින් කොළඹ එන්නේ මොන කෝච්චියද?
ඕක ඉතින් දැනුත් තියන දෙයක්නේ .. කෙල හලාගෙන .. ගොරවන දුම්රිය මගීන් අපිනම් ඕන තරම් දැකල තියනවා .
වටිනා අදහසක්, වෙන රටවල නිදන මැදිරි යොදන්නේ නම් 2000 -3000 වැනි දුර යාමටය. කිලෝමීටර් 400 වැනි දුරකට යාමට ඇඳන් අවශ්‍ය නැත .
අපේ දුම්රිය මැඳිරි බොහොමයක් ඉතාම පැරණි දිරාපත්වූ ඒවා බව පෙනෙන්ට ඇති බැවින් ඒවා ඉවත්කර නවීන පහසුකම් සහිත නව මැඳිරි හඳුන්වා දීමටත් ඒවා වගකීමෙන් පාවිච්චි කිරීමේ වැදගත්කම පිළිබඳව මඟීන් දැනුවත් කිරීමටත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කල යුතුවෙයි. ලෝකයේ ඉතාම අඩු මුදලකට ගමන් කල හැකි දුම්රිය සේවයක් ඇත්තේ අපේ රටේ බවයි මම හිතන්නේ. මෙතරම් සුළු මුදලක් අයකරමින් දුම්රිය සේවාවක් පවත්වාගෙන යන්නේ කොහොමද කියන එකත් පුදුමයක්. දුම්රිය මෙන්ම දුම්රිය ස්ථානද නිසි පරිදි පවත්වාගෙන යාම වැදගත් වෙයි. විශේෂයෙන් දුම්රිය ස්ථානවල ඇති වැසිකිලි ආදියද ප්‍රසන්න භාවයකින් යුක්තව පවත්වා ගෙන යාම වැදගත් වෙයි.
අපට දුම්රිය දෙපාර්තමේන්තුවක් අවශ්‍ය නැත. ෆේස්බුක් එකේ ඉන්නවා කෝච්චි ගැන දැනුම තියන කොල්ලෝ ඕන තරම්. ඒ උදවිට දුන්නානම් අපූරුවට කෝච්චි ටික දුවවනවා. මේ අලුත් ඇන්ජින්, පවර් සෙට් පවා ලැබුණේ ඒ උදවියගේ කැපවීම නිසා. ෆේස්බුක් එකේ එක කෝච්චි සම්බන්ධ සමූහයක මිතුරෙකු ඉන්නවා ඔහු පෞද්ගලික ධනයෙන් ඉන්දියාවට ගියා මෙම අලුත් ඇන්ජින්, පවර් සෙට් වල ගුණ දොස් නිරික්ශණය කර රේල්ලුවට දැනුම් දීමට. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් ආණ්ඩුවේ මුදලින් පිටරට ට්‍රේනින් යන්න හදන කාලෙක, මෙවැනි සිදුවීම් අගය කල යුතුයි.
එන්න එන්න දුම්රියේ පහසුකම් අඩු වෙනවා. පහසුකම් අඩු වුනාම අමාරු වෙන්නේ දුර යන මගීන්ට.