IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


දිවයින පුරා ඖෂධවේදීහු වැඩ වරති

(සිරංගිකා ලොකුකරවිට)

සේවා අවශ්‍යතාවක් නොමැතිව කරන ලද අනිසි බඳවා ගැනීමකට විරෝධය පළකරමින් දිවයින පුරා රජයේ ඖෂධවේදීහු අද (01)  ලෙඩ නිවාඩු දමා ඇත.
 
මේ සම්බන්ධව අදහස් දක්වමින් රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රියංකර පෙරේරා මහතා පැවසූයේ  වැඩ වර්ජනය ක්‍රියාත්මක වුවද ළමා රෝග, පිළිකා, වකුගඩු රෝග සහ හදිසි අනතුරු වැනි අත්‍යාවශ්‍ය කටයුතු රෝගීන්ට අපහසුතාවයක් සිදු නොවන පරිදි පවත්වාගෙන යන බවයි.
 
අද(01)  සවස සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමග සාකච්ඡාවක් පවැත්වීමට  වාචික කැඳවීමක් ලැබී ඇති බවත් ගැටලුව යහපත් ලෙස විසඳේ යැයි බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
 
 මීට පෙර මෙම ගැටලුව සම්බන්දව දැනුම් දුන්නද සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත්  බැවින් වැඩවර්ජනයක්  සිදුකිරීමට තීරණය කළ බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ය.
 
 



අදහස් (7)

දිවයින පුරා ඖෂධවේදීහු වැඩ වරති

ලුම්බිණි Friday, 01 February 2019 05:13 AM

පුරුද්දක් හැටියට රජයේ සේවයේ බඳවා ගැනීම් බොහෝ විට කරන්නේ සේවා අවශ්‍යතාවක් නොමැතිව දේශපාලන හේතු මුල් කරගෙන. මේකට වර්ජනය කරන එක හරිද කියන එක නම් ප්‍රශ්නයක්.

:       0       0

Raveendra Friday, 01 February 2019 06:03 AM

සාධාරණ හේතුන් වලට විරෝධතා ,වර්ජන කිරීම අප කිසිවිට වැරදි ලෙස නොදකින්නේය. එමෙන්ම තමං ගන්න වැටුපට සමාජය වෙනුවෙන් සාධාරණයක් කරන්නේද යන්නත් තම තමන්ගේ සිත් අවංකව සොයා බැලිය යුතුය. මෙය දියවන්නාවේ ඊයේ 225 ටත් පොදුය .එමෙන්ම දවස365 න කිනම් දවසක් වර්ජනයක් හෝ විරෝධයක් නොමැතිව ගෙවී යන්නේද ගැටලුවකි. මෙවන් පරිසරයක කිසියම් හෝ රටක් දියුණුවන්නේ නම් එය ප්‍රතිහාරයකි.

:       0       21

Raveendra Friday, 01 February 2019 06:04 AM

සාධාරණ හේතුන්වලට විරෝධතා, වර්ජන කිරීම අප කිසිවිට වැරදි ලෙස නොදකින්නෝය. එමෙන්ම තමන් ගන්න වැටුපට සමාජය වෙනුවෙන් සාධාරණයක් කරන්නේද? යන්නත් තම තමන්ගේ සිත් අවංකව සොයා බැලිය යුතුයි. මෙය දියවන්න ඊයේ 225ටත් පොදුය. එමෙන්ම දවස365න් කිනම් දවසක්, වර්ජනයක් හෝ විරෝධයක් නොමැතිව ගෙවී යන්නේද ගැටලුවකි. මෙවන් පරිසරයක කිසියම් හෝ රටක් දියුණුවන්නේ නම් එය ප්‍රාතිහාර්යයකි.

:       0       10

dhamneth Friday, 01 February 2019 06:07 AM

රෝහල්වලින් බෙහෙත් ලබාගන්න රෝගීන් කීපදෙනෙක්ම මා සමග පවසා තිබෙනවා. වෛද්‍යවරයාගෙන් බෙහෙත් තුණ්ඩුව ලබාගත්තට පස්සේ පැය ගණනක් පෝලිමේ බලාසිටින්න ඕනෑ කියා තුණ්ඩුවේ බෙහෙත් ලබාගන්න. මේකෙන් පෙනීයන්නේ ඖෂධ වේදීන්ගේ හිඟයක් තිබෙන බවයි. මාධ්‍යයට පුළුවන් රෝහල්වල බෙහෙත් පොලින් තිබෙනවද කියා සොයා බලන්න...

:       0       42

ranjith Friday, 01 February 2019 07:06 AM

මේ ගොල්ලන් හොඳට මහජනතාවට සේවය කරනවනේ... රෝහල් වල පෝලිම් වල රස්තියාදු කරවන තරම දන්නේ අහිංසක රෝගීන් විතරයි.

:       0       45

yaha Friday, 01 February 2019 07:38 AM

වැඩ කරන අයගේ ප්‍රශ්න තියෙනවා ඇති තරම්... ඒවා විසඳන්නේ නැතුව හැමදා දේශපාලකයෝ කරේ පිල්මාරුවයි.. ආණ්ඩු මාරුවයි... බොරුවට මහින්දටත් ඊට පස්සේ රනිල්ටත් හොරා කියකියා.. මිනිස්සු අවුස්සපු එක විතරයි...රන්ජා එහෙන් දැන් අමුතු රඟපෑමක් දානවා.. මොවුන් තනිකරම බොරුව කරන්නේ... ජෝන්සටන් නිදොස් කොට නිදහස්.. එතකොට අපි තමා වැරදි කාරයින්... මේ බොරු සීන් නැතුව වැඩ කරන අයගේ ප්‍රශ්න විසඳන්න ඕනේ... වර්ජන දක්වා දුරදිග යන්නේ නැතුව... දැන් මාධ්‍ය සාකච්ඡා තියලා කියයි ඖෂධවේදීහු මිනිස්සුන්ව අමාරුවේ දානවා කියලා... ලේසිම උත්තරේ.. අපි හැමදාම අඳිනවා...

:       0       0

sandy123 Saturday, 02 February 2019 06:00 AM

මේවා ඔක්කම බොර දියේ මාළු බාන වැඩ. ඡන්දයක පෙර නිමිති දැක්කම හැමෝගෙම බඩ දඟලනවා. කොයි මාලුවාද බාගන්නේ කියලා... දේශපාලකයොත් මේවා අවසන් මොහොත වෙනකම්ම තියාගෙන ඉඳීවි... ඡන්ද කොල්ල කන්න. රාජ්‍ය සේවයේ බොහෝදෙනෙක් තමන්ට වැටුප් ලබාදෙන මහජනයාට සලකන්නේ මහාම මහ තුප්පහි විදිහට. හැම දෙයක්ම අකර්මන්‍ය කර තමන්ගේ ගොඩ වැඩි කරගන්න ප්‍රතිපත්තියක තමයි තමන්ගේ රැකියාව භාවිතා කරන්නේ. පලිහක් විදිහට. රටක කොඳුනාරටිය බදු රාජ්‍ය සේවය මෙහෙම වෙනකොට අනිත් රැකියාවන් ගැන කුමන කතාද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගින්නට හසු වූ තිදරු පියා මරුට
2025 මැයි මස 11 475 0

කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.


‘තුවාල වූ අය බේරගන්න උපරිමය කරන්න‘
2025 මැයි මස 11 1359 0

කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත


රැඳවියන්ට වෙසක් තෑග්ගක්
2025 මැයි මස 11 378 0

වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ


සිද්ධස්ථාන දෙකක් පූජා භූමි කරයි
2025 මැයි මස 11 1390 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


වෙසක් සඳ ඔක්කොම එක් කරයි
2025 මැයි මස 11 535 0

රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.


අහසට වෙඩි තබා අසල්වැසියා බය කරලා
2025 මැයි මස 11 794 0

ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1023 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1441 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 372 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site