(රංජිත් රාජපක්ෂ)
තම දෛනික මුලික වැටුප රු 1000 අවශ්‍ය බව පවසමින් හැටන් ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ අද (28) උදැසන ආරම්භ කළ උද්ඝෝෂණයක් හේතුවෙන් හැටන් නුවරඑලිය, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු හැටන් මල්ලිඅප්පුව මංසන්ධියෙන් සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇත.
වතු කම්කරුවන්ට රුපියල් 1000 ක මුලික වැටුපක් ලබාදෙන බව පවසමින් වතුකරයේ වෘත්තිය සමිති නායකයින් තමන්ට පොරොන්දු වි රු 700 ක මුලික වැටුපක් පමණක් ලබා දි තමන්ව මුලා කළ බව ඔවුහු පවසති.
නව වැටුප් වැඩි කිරිම අනුව මිට ඉහත තමන්ට ගෙවු රු 140 ක දිරි ගැන්විමේ දිමනාවද අහිමි වු බව ඔවුහු සඳහන් කරති.
කළු කොඩි අතැතිව හැටන් මල්ලිඅප්පුව මංසන්ධියෙන් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් වතු කම්කරුවන් උද්ඝෝෂණය කිරිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා පැමිණ ඇති අතර එම මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවංකකම රැපියල් 1500ක්වත් දවසට ලැබිය යුතුයි. පව් මේ මිනිස්සු සාධාරණ ඉල්ලීමක් කරන්නේ...
මොවුන්ගේ ඉල්ලීම සාධාරණ වුනත් මෙය අනුමත කළ නොහැකියි. හේතුව ප්‍රධාන මාර්ගයක් උද්ඝෝෂණයට උපයෝගී කර ගැනීම කිසි විටකත් සාධාරණ නැත. තමන්ගේ දෙයකට මාර්ගයේ ගමන් ගන්නා අනිකුත් අයව අපහසුවට ලක් කිරීම නොහොබිනා වැඩක්. මෙය සියලුම උද්ඝෝෂණය කරන උදවියට අදාලයි.
වෘත්තිය සමිති නිලධාරීන්, කම්කරුවන් මුලාකළානම් ඔවුනොවුන්ගේ බෙල්ලෙන් අල්ලා ගන්නැතුව පොදුජනයාට මොකද කරන්න කියන්නේ? පාරවල් අවහිර කිරීමෙන් පාඩුවෙන්නේ පොදු ජනයාට. ඔය කියන වෘත්තීය සමිති නිලධාරීන් පත්කළේ පොදු ජනයා නොවේ. වතු කම්කරුවන්මයි. තමන් පත්කළ අය විසින් එම කාර්ය හරියට නොකරනවා නම් රටේ ඉන්න අනිකුත් අය මොනවද කරන්න ඕනේ?
මේ මිනිස්සු කවදාවත් පාරට බැහැල උද්ගෝෂණය කරපු කොටසක් නොවෙයි. මේ මිනිස්සු අනුගමනය කරන්නේ අනිත් අය කරන දෙවල් බලලා.... උදාහරණයකට විශ්ව විද්‍යාල සිසුන් හැමදාම පාරට බහිනවා , දේශපාලකයන් කොළොඹ පාරවල් දිගේ කරන උද්ඝෝෂණය කරනකොට ජනතාව කොච්චර අපහසුතාවයට පත්වෙනවද?
ව්‍යාපාරයක පිරිවැය තීරණය වෙන්නේ ඒකට ලැබෙන අදායම අනුවයි. තේ වලට ලැබෙන අදායම අඩුවෙනකොට ඉල්ලන ඉල්ලන ගණන් ගෙවන්න බැහැ. ඒක මේ රටේ සුළු තේ ව්‍යාපාරිකයින් පවා දන්නවා. රටේ ජීවන වියදම් ඉහල ගිහින් තියෙන්නේ රට පාලනය කරපු කරන රජයන් අනුගමනය කරපු ප්‍රතිපත්ති නිසා.