ශ්රී ලංකා -සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් සංශෝධන කිහිපයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව සිංගප්පූරු අගමැති ලී සියැන් ලූන්ග් මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) සඳහන් කර ඇත.
එම ගිවිසුම් ප්‍රඥප්ති සැකසීමේදී ශ්‍රී ලංකා පාර්ශවයෙන් සිදු වී ඇති අතපසුවීම් කිහිපයක් හේතුවෙන් මෙලෙස වෙනස්කම් සිදු කරන බවද එහිදී ජනාධිපතිවරයා එරට අගමැතිවරයාට දැනුම් දී තිබේ.
එරට අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර අද (25) පැවැති හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
( ඩේලි මීරර් ඇසුරෙනි)
(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට අතිශයින් වැදගත් නිවැරදි කිරීමක් පිළිබඳ ජනාධිපතිතුමාට කෘතඥපූර්වක ස්තුතිය...!!!
මෙතුමා ළඟ ඉන්න අනිත් කට්ටිය ඕක එපා එපා එපාමයි.. කියලා නේද ඕසේ දැම්මේ?
සංශෝධන කරාට කමක් නැහැ. නමුත්, කිසිම විටක ඕක අවලංගු කරන්ට නම් එපා.
ජනාධිපතිට සිංගප්පූර් භාෂාව පිළිබඳ හොඳ දැනුමක් තියන වැසියෙක්..
ඇත්තෙන්ම රටට හානියක් නොවෙන ආකාරයට පුරවැසියන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීමට, රටේ දියුණුවට සුදුසු ගිවිසුම් වෙනත් රටවල් සමග අත්සන් කිරීමේ වැරද්දක් අප නම් නොදකින අතර කොලේ වසා අත්සන් කරනා ගිවිසුම් වලට නම් අප අවංකවම විරුද්ධ වන්නෙමු. විශේෂයෙන් අප රටේ තිබෙන මහා අය කියා ගන්න තුට්ටුදෙකේ පක්ෂ සහ අන්තවාදී හිවල්ලුන් සිටිනා පක්ෂ අතර ඇති කරගන්න ගිවිසුම් අත්සන් කිරීමට පෙර පුඩු ජනතාවට කියවීමට හැකිනම් එය රටට කරනා සේවයකි. (බලය රැකගැනුම වෙනුවෙන් ඕනෑම අටමඟලයකට අත්සන් කිරීම අප රටේ ඉන්න නිවට කාලකන්නි දේශපාලකයන්ට ඉහළ ප්‍රසිද්ධියක් ඇත.)
එහෙමද? කරන්න කලින් වීරවංශ, ඩිලාන්, දිනේෂ්, මහින්දගේ උපදෙස් ගත්තද? නායකයෙක් තීරණය ගත යුත්තේ ඡන්ද දෙස බලාගෙන නෙමෙයි. රට දිහා බලාගෙන. අපිට පිටුපසින් සිටි සිංගප්පූරුව, අද ගව් ගණනක් ඉදිරියෙන්.. ඒ රටේ අනාගතය දිහා හොඳින් බලා තීරණ ගත්ත නිසා... අදත් අපේ රට විනාශ කරන්නේ දේශපාලකයෝ.
මම මේ නිකමට කල්පනා කලේ පාසලේ හෝඩියේ පන්තියේ ළදරුවෙක්.., විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් ඉදිරියේ විෂය නිර්දේශ පිළිබද සාකච්ඡා කර, ඒවා සංශෝධනය කලයුතු ආකාරය පැහැදිලි කරන්නේ කොහොමද කියලයි... ලෝකෙටම ඉන්නේ එකෙක් පමණක් නිසා, ඒ වැඩෙත්, ඒ විදිහටම කරයි මේ අපට නොතේරුණාට...
ඔය වඩාගෙන ගිය දෙන්න තමයි කිව්වේ පනත ඉරාදමනවයි කියල සංශෝධනය කරන්නත් එයාලටම බාරදෙන්න