(ඩයනා උදයංගනී )
පළාත් සභා මැතිවරණය නොවැම්බර් 10ට පෙර පැවත්වූයේ නැතිනම් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
පළාත් සභා මැතිවරණය වසර 2ක් පමණ කල්දැමීමට විරෝධය පා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවද සභාපතිවරයා කීවේය.
ඔහු මේ බව පැවසුවේ රාජගිරියේ පිහිටි එම කොමිෂන් සභාවේදී මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණය වලක්වපු නීති විරෝධී මැතිවරණය පවත්වන්න මෙයා සුදානම් උන දවසේ ඉදං තව දුරටත් සදාචාරාත්මක අයිතියක් නැහැ ඔය පුටුවේ ඉන්න.
දැන් වයසත් හරි. බුණුබුරෝඑක්ක එන ගමන් පිනක් දහමක් කරගන්න.
ඇයි ජනාධිපතිවරණයට කළින් ගෙදර යන්න හිතුනේ ආතතිය වැඩිවෙයි කියලා බයේද?
මේකත් මේ දවස්වල අපරාධ නඩු කල් දාන්න වගේ කල් ඉල්ලන්නේ...
අනේ අස්වෙන්නකෝ ...දැන් කී පාරක් කිව්වද ඔහොම .....
නියම කවටයෙක්. ඔය වාගේ අය මේ දූපතට තව අවශ්‍යයි..
හැම තර්ජනයම අපිට, ඉතින් යන්න.. ඔබතුමා පත් කලේ අපිද? ඡන්දයක් තිබුණත්, නැතත් අපේ මොනවද වෙනස් වන්නේ?
තවත් කයිවාරු කාරයෙක්. 60 පැනපු අය මොන කෙන්ගෙඩියටද තව රස්සාවල් කරන්නේ? මේ අයවයි, 60 පැනපු දේශපාලකයන්වයි ගෙදර යවන්න මොකෙට්ටවත් බැරි එකෙන් තේරෙන්නේ ලංකාවේ අයගේ තියන නෝන්ජල් ගතියයි...
අස්සයා ගිහින් ඉවරයි... කටින් බතල හිටුවීම
අර එක්කෙනෙක් රනිල් ආයේ අගමැති වුනොත් ජනාධිපතිකමෙන් අස්වෙලා ගෙදර යනවා යනවාමයි කිව්වා වගේද?
පළාත් පාලන, පළාත් සභා, මහමැතිවරණ සහ ජනපතිවරණය පවත්වන්න මොන තරම් වියදමක් දරන්න වෙනවද? මැතිවරණ කීපයක් එකට පවත්තලා ඒ විදිහටවත් වියදම් අඩු කර ගත්තනම් හොඳයි කියලයි මං කියන්නේ.
නොවැම්බර්වලට ඉස්සෙල්ලා ඡන්දයක් එනවා වගේ...
මෙයත් පොහොට්ටුවේ සාමාජිකත්වය අරන් වගේ....
ඡන්දයක් තියන්න බැරි ඡන්ද කොමිසමෙන් වැඩක් නෑ.. කොහොමත් මේ ආණ්ඩුව ඡන්ද තියන්න දෙන්නෙත් නෑ.. තියලා ආණ්ඩුවට දිනන්නත් බෑ.
ඉල්ලා අස්වෙනවට වඩා හොඳ නැද්ද රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයීතින් තහවුරු කරන්න පෙර ගමන් කරුවා වුණානම් !!
මෙයාගේ කතාව හිස් බෙලෙක්කයක වගේ වගේ සද්දෙ විතරයි
මට චීන සහ ඇමෙරිකානු වැසියන් දෙගොල්ලම මුණ ගැසිලා තියෙනවා. ඡන්දයක් ගැන ඔව්න්ට තියෙන උනන්දුව අවමයි. ඒකට ලංකාව ඡන්දයක් එනකන් ඉන්නවා හැමදාම තියෙන තත්වයන් ටිකක් හරි ඉස්සරහට යයිද බලන්න. අපේ රටේ වැරැද්ද කොතනද කියල තේරුම් ගන්න මේ ආකල්පයම ඇති.
කාපු බීපු වෙලාවට පුංචි විහිළුවක් කෙරුවට රාලහාමිලා වගේ අය ගණන් ගන්නේ ඇයිද සුළු දෙය.....//
අනේ කොමසාරිතුමා නොවැම්බර් කියපු හාමා කාලය හොඳටම වැඩියි. ඒ හින්දා මාර්තු වල ට පෙර ඡන්දයක් නොතිබ්බොත් ඉල්ලාවෙන බව කියන්න එතකොට තමයි ජනතාවට ඔබ වීරයකු වන්නේ. නොවැම්බර් කීව විට මිනිස්සු හිනා වෙනවා නේ.
මෙයාගේ පවුලේ උදවිය පුදුම මිනිස්සු. සහෝදරයා සුනන්ද දේශප්‍රිය දේශ ද්‍රෝහියෙක් වගේම ජාති ද්‍රෝහියෙක්. කොටි සංවිධානය නැවත නාග සිටුවීමට ඩයස්පෝරාව සමග රටට එරෙහිව ක්‍රියාකරන රාජ්‍ය නොවන සංවිධාන වල මුල් පෙලේ ක්‍රියාකාරිකයෙක්. මේ රජය බලයට පැමිණි විගසම මේ රටතුළට ඇවිල්ල වැඩ පටන්ගත්ත. මේ මැතිවරණ කොමසාරිස් මේ රට බෙදීමේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න ඩයස්පෝරාවේ නියෝජිතයෙක් ලෙස ක්‍රියා කරන රාජ්‍ය නිලධාරියෙක්. මෙයාව මෙතරම් කාලයක් මේ ධුරයේ තියන්නත්, ඉදිරියට තබාගන්නත් දෙමල ජාතික සංවිධානය සහ ඩයස්පොරවත් මේ රටේ අගමැති ඇතුළු එහෙයියන් කණ්ඩායමකුත් ක්‍රියාත්මකයි.
මොනවා උනත් මෙතුමා නිසා තමා මිනිස්සු ඡන්දේ දෙන්න පෙළඹුනේ......