(විනීතා ගමගේ සහ අජිත්ලාල් ශාන්ත උදය)
වඳවී යන සතුන් වර්ග ඇතුලුව කෘමී සතුන් දහස් ගණනක් හා ශාක කොටස් රැසක්ද සිංහරාජ වනාන්තරයෙන් පිටතට ගෙනයාමට තැත්කළ ස්ලෝවැකියානු ජාතිකයන් 5දෙනෙකු වන සංරක්ෂණ නිලධාරීන් විසින් අද (02) පෙරවරුවේ සිංහරාජ කුඩව පිවිසුමේදී අත්අඩංගුවට ගනුලැබ ඇත.
මීට දින 3කට පමණ පෙර මෙම විදේශිකයන් පස් දෙනා සිංහරාජ ප්‍රදේශයේ ලැගුම් හලකට පැමිණ ඇත. වාහන කුලියට දෙන ආයතනයකින් කුලී පදනම මත රියදුරු රහිතව වෑන් රථයක් කුලියට ලබාගෙන එහි පැමිණ ඇත. ප්‍රවේශපත්‍ර ලබාගෙන මීට දින 2කට පෙර මාර්ගෝපදේශකයෙකු සමග සිංහරාජ වනාන්තරය නැරඹීමට ගොස් ඇති මෙම විදේශිකයන් දින 3ක කාලයක සිංහරාජ වනාන්තරයට පිවිසෙන ප්‍රධාන ද්වාරය අසල පුද්ගලික ලැගුම්හලක නැවතී සිට ඇත.
මොවුන් සිංහරාජ වනාන්තරයට ඇතුලුවීමට ප්‍රවේශපත් ලබාගැනීමේ දී මාර්ගෝපදේශකයෙකුගේ සහාය මුලින් ප්‍රතික්‍ෂේප කර ඇත. ඒ සම්බන්‍ධයෙන් සැක සිතූ ප්‍රවේශපත්‍ර නිකුත් කරන ස්ථානයේ සහ සිංහරාජ වනපාලක කාර්යාලයේ නිලධාරීන් මොවුන් ගැන විශේෂ අවධානයකින් පසුව ඇත.
ලැගුම්ගෙන සිටි ලැගුම්හලේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි තවත් ලැගුම්හලකට ඊයේ (01) රාත්‍රී ගිය මෙම විදෙස් සංචාරකයන් පස්දෙනා මත්පැන් සාදයක් එහි පවත්වන බවට ලද තොරතුරක් අනුව වනසංරක්‍ෂණ නිලධාරීහු අවධානයෙන් සිටියහ.
වෙරිමත්වූ ස්වරූපයක් පෙන්වා පැමිණි වෑන් රථය සාදය පැවැත්වූ ලැගුම්හලේ තබා පා ගමනින් නැවති සිටි ලැගුම්හලට ඊයේ (01) රාත්‍රී ගොස් ඇත. මොවුන්ගේ හැසිරීම සම්බන්‍ධයෙන් සැකසිතූ වන සංරක්‍ෂණ නිලධාරීන්ට අද (02) උදේ සෆාරි ජීප් රියකින් වෑන් රථය නවතා තිබූ ලැගුම්හලට එන විදේශිකයන් හතරදෙනක් හමුවී ඔවුන් පිළිබඳ පරීක්‍ෂාකර තිබේ.
මේ වනවිටත් තර්ජනයට ලක්ව ඇති දුර්ලභ සමනලුන් විශේෂ 3ක් ඇතුලුව ගෝනුස්සන්, හැකරැල්ලන්, බඹරුන්, දෙබරුන්, කණාමැදිරියන් වැනි සතුන් දහස් ගණනක් ඔවුන් සතුව තිබූ බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
එමෙන්ම විවිධ බීජවර්ග හා ශාක කොටස් විශාල ප්‍රමාණයක්ද ඔවුන් සතුවී යැයි පැවසූ එම නිලධාරියා සතුන් අතර ජීවී සතුන් මෙන්ම, මියගිය සතුන්ද සිටි බව සඳහන් කළේය. සිංහරාජ වනාන්තරය තුළින් මෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එකතු කරගත් ශාක හා සත්ව කොටස් ඒ අතර වූ බව හෙතෙම සඳහන් කළේය.
විනෝදයට මේවා එකතු කළ බව ඔවුන් වනසංරක්ෂණ නිලධාරීන්ට පවසා තිබේ. කෙසේවෙතත් අදාල පුද්ගලයන් 5 දෙනා රඳවාගෙන ප්‍රශ්න කරන බවත්, ඔවුන් සතුව තිබූ දෑ අත්අඩංගුවට ගෙන කලවාන වන සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයේදී මේ වනවිට පරීක්ෂාවට ලක්කරමින් සිටින බවද ඔහු පැවසීය.




(ඡායාරූප - අජිත්ලාල් ශාන්ත උදය)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක විශාල ජාවාරමක්. ඔය සත්තු සියල්ලම ආපසු සිංහරාජයටම මුදා හැරලා මේ 5 දෙනා දියවන්නාවට ගෙනගොස් අරලන්නයි තියෙන්නේ. එතන ඉඳගෙන රට කන තඹ සතේකට වැඩක් නැති සත්තු 225 දෙනාම කුදලාගෙන යන තුත්තුකුඩියකට අරගෙන යන්න කියලා.
හාස්‍ය දනවන ඔබේ අදහසේ ඇති බැරෑරුම්කම මම බෙහෙවින් අගය කරමි. ඇත්තටම 225 වෙනුවට 226ක් ලෙස හඳුන්වනවා නම් හොඳයි ජනාධිපතිවරයාත් ඇතුළුව... මේ නරුමයන් ගැලරිය පිනවන කතා කිව්වට සතේ වැඩකට නැති අමනයන්... ඔවුන්ට එහෙයියා කියන දීන සහ එකී නොකී පිංගුත්තරයන් ඉන්න තාක්කල් ඔවුන්ට රජ මගුල්... මොකද අඩුම ගානේ අවුරුදු 5කට සැරයක් දොළ පිදේනි හම්බ වෙනවනේ ජනතා පරමාධිත්වය කියලා කතිරයකින්. රේගු නිලධාරිනුත් මේ දවස්වල හරි හරියට උද්ඝෝෂණය කරනවානේ...
නීතියක් නැති රටක වෙන දේවල් ඔය වෙන රටක ඔය වැඩ බැහැ.. එ් නිසා මේ සිදුවෙන දේවල්වලට අවුරුදු කීපයක් තිස්සේ වැඩිහිටි අපි වගකියන්න ඕනේ... හරි උගත්, බුද්ධිමත් අය පත්කරලා නැති එකට...
සිංහරාජයට පමණක් නොවෙයි, රටේ කොතැනකට ගියත් මෙරටට එන විදේශිකයන්ට රට තුලදී පිළිපැදියයුතු කරුණු හා රටේ සභ්‍යත්වය ගැනත් දැනුවත්කර ඔවුන් සංචාරය කිරීමට යොමුකිරීම සුදුසුයි. ඒ අතරම කියන්න ඕනෑ පසුගිය රජය කාලේ සිංහරාජයේ සිටි අලිඇතුන් ඉවත් කිරීමේ සිට දැන්දැන් පරිසරවේදීන්ගේ විරෝධතා නොතකා සිදුකරන මාර්ග ඉදිකිරීම් නිසා අනාගතයේ මේවාට වැඩි අකටයුතුදේ සිදුවිය හැකියි කියලා..
සේනා දළඹුවෝ එන්නේ මේ වගේ කට්ටිය ගෙනියන සාම්පල් අධ්‍යයනය කරලා. නිකන්ම අත අරින්න එපා. හොඳට හොයලා බලන්න සර්පයගේ ඔලුව කොහෙද කියලා.. මේ වලිගෙ කෑල්ලක් විතරයි.
මේ වාර්තාව ලියා පලකළ කතුවරුන්ගේ භාෂාභාවිතය ඉතා ප්‍රශංසාර්හය...
මේ අහිංසක සතුන් මියයාම සම්බන්ධයෙන් පරිසරයට ආදරය කරන කෙනෙකු හැටියට මා බොහෝ සේ දුක් වෙනවා. මේ විදේශිකයන් පරිසරයට ආදරය කරන්නන් නොවන බව ඉඳුරාම කිව හැකියි. ඒත්.. බොහෝ විදේශිකයන් සතුන්ට දැඩිව ආදරය කරන අය... මේ හොරිකඩ සංචාරකයන් මේ සතුන් මැරුවේත් ගෙනියන්න හැදුවේත් තියෙන නැහැදිච්චකමට හා බේබදුකමට වෙන්න ඇති. ඒත් මේ වගේ වේලාවකදී ඇරෙන්නට අපටත් මේ සතුන් ගැන කිසි වුවමනාවක් නැහැ. ඒ ශෝචනීය තත්වය ගැන මා බොහෝ කලක සිට අත්දැකීම් සහිතව දන්නා දෙයක්... මේ සතුන් මගේ මව්බිම ලොව ඉහළම තලයකට ගෙනඒමට උපකාර වුණා. ඒ ගැන මෙහිදී පැවසීම සුදුසු නැහැ. සිරිමල් මහතා සහ සැන්ඩි මහතා කිව්වා වගේ ඒ 226 ප්‍රධානියා මේවා නොදන්නවා වගේ ඉන්නවා. එසේ ඉන්නේ අපගෙන් ඒ අයගේ රජකමට තර්ජන එල්ල වේ යයි බියෙන්. ඒත් අප පිළිකුල් දේශපාලනයට කැමති නැහැ. ජනතාව මතු දිනෙක සත්‍ය දැනගනීවි...
මේ වගේ විශාල විදේශ විනිමයක් ගෙන එන සංචාරකයින්ට පහසුකම් දෙන මුවාවෙන් සිංහරාජෙත් විනාශ කලානේ අපේ දේශපාලකයන්...!