එක්සත් ජාතික පෙරමුණු රජයේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම මීට ටික වේලාවකට පෙර ආරම්භ විය.
මෙම අවස්ථාව ආවරණය කිරීමට ජනමාධ්‍ය වෙත අවස්ථාව ලැබී නැත.
දිවුරුම් දුන් අමාත්‍ය මණ්ඩලය මෙසේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා - ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචිකිරීම් හා පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය

ජෝන් අමරතුංග මහතා - සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි අමාත්‍ය

ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා - බුද්ධශාසන සහ වයඹ සංවර්ධන අමාත්‍ය

මංගල සමරවීර මහතා - මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය

රාවුෆ් හකීම් මහතා - නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය

තිලක් මාරපන මහතා - විදේශ කටයුතු අමාත්‍ය

රාජිත සේනාරත්න මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

රවී කරුණානායක මහතා - විදුලිබල , බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය

වජිර අබේවර්ධන මහතා - අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

රිෂාඩ් බදියුදීන් මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන්වූවන් නැවත පදිංචිකිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය

පාඨලී චම්පික රණවක මහතා - මහනගර සංවර්ධන සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය

නවීන් දිසානායක මහතා - වැවිලි කාර්මාන්ත අමාත්‍ය

පී. හැරිසන් මහතා - කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය

කබීර් හෂීම් මහතා - මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය

රංජිත් මද්දුම බණ්ඩාර මහතා - රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය

ගයන්ත කරුණාතිලක මහතා - ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය

සජිත් ප්‍රේමදාස මහතා - නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය

අර්ජුන රණතුංග මහතා - ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය

පී දිගම්බරන් මහතා - කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය

චන්ද්‍රානි බණ්ඩාරනායක මහත්මිය - ළමා හා කාන්තා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය

තලතා අතුකෝරල මහත්මිය - අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය

අකිල විරාජ් කාරියවසම් මහතා - අධ්‍යාපන අමාත්‍ය

අබ්දුල් හලීම් මහතා - තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය

සාගල රත්නායක මහතා - වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය

හරීන් ප්‍රනාන්දු මහතා - විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් , විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය

මනෝ ගනේෂන් මහතා - ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය

දයා ගමගේ මහතා - කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය

මලික් සමරවික්‍රම මහතා - සංවර්ධන, උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය
(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය ඒකකය)
(තරිඳු ජයවර්ධන)
අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙන අවස්ථාවට සහභාගී වීම සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියහ.
ජනාධිපතිවරයා හා අගමැතිවරයා හැරුණු විට මන්ත්‍රීවරුන් 28 දෙනකු දිවුරුම් දීමට නියමිත බව දැනගන්නට තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව අමාත්‍ය මණ්ඩලයට සුභ පතනවා.
ඉතාමත් විද්‍යාත්මක අමාත්‍ය මණ්ඩලයක් බව පේනවා.
ජයවේවා රට පෙරට
ලංකාව වගේ කොහෙවත් නැතුව ඇති මේ වගේ කැබිනට් හදන තැනක්, අඩු කලකින් වැඩිපුර කැබිනෙට්
මේක විද්‍යාත්මක ඇමති මණ්ඩලයද? රාජපක්ෂ ආණ්ඩුවට එදා දොස් කිව්වා 65% විෂයන් බැසිල් රාජපක්ෂ යටතේ කියල. අද රනිල් යටතේ විෂයන් කීයද?
36 ක් නෙමෙයි 56ක් හිටියත් මුන් එකෙක්ගෙන්වත් රටට වැඩක් නෑ. මේ එකෙක්වත් එන්නේ රටට ආදරේකට නෙමෙයි උන්ට හැදෙන්න.
හොරකම නොවෙයි ප්‍රශ්නේ පෞද්ගලික තරහවයි කියලා ප්‍රශ්නෙ කියලා ඇමතිකම් දීම,නොදීම තුළින් තවත් තහවුරු විය.......
යෞවන කටයුතු දෙන්න තරුණයෙක් හිටියෙම නැද්ද අප්පා?
මෛත්‍රීගේ ලණුව කාලා විජේදාසටත් යන එන මං නැතිවුණා...
මාතලේ, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, පුත්තලම යන දිස්ත්‍රික් හයක් සඳහා කිසිඳු කැබිනට් නියෝජනයක් නොමැත.
ක්‍රීඩා අමාත්‍යවරයා කරන දෙය බලමු..
අගමැතිතුමාගේ උපදෙස් මත, යසඅගේට දැන් නව කැබිනට් මණ්ඩලය පත් කරලා තියෙන්නේ? ජනාධිපති වුණත්, ඇඟිල්ලේ තරමටයි ඉදිමෙන්න ඕනෑ" කියලා දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි.
සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබද ඇමතිකම දිය යුතුයි කියා මම යෝජනා කරමි.
මේකට නඩු කියපු ජයම්පති මහත්තය නැද්ද? හරි නම් අධිකරණ ඇමතිකම දෙන්න වටිනවා එතුමාට.