(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ අමාත්‍ය ධූර දැරූ ඩී.එම්.ස්වාමිනාදන් සහ තිලක් මාරපන මහත්වරුන් නව රජයේ අමාත්‍ය ධූර බාර නොගැනීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
නව රජයේ අමාත්‍ය මණ්ඩලය 30කට සීමා කළ යුතු හෙයින් කැපකිරීම් කිරීමට කැමති මන්ත්‍රීවරුන් සිටීනම් කියන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී කළ ඉල්ලීමකට අනුව ඩී.එම් ස්වාමිනාදන් සහ තිලක් මාරපන මහත්වරුන් ඉහත තීරණය ගෙන ඇති බව කියති.
එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ සංවර්ධන උපාය මාර්ග සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා වූ මලික් සමරවික්‍රම මහතාද නව රජයේ තනතුරු බාර නොගෙන සීටීමට ඊයේ (18) තීරණය කළේය
ඩී.එම් ස්වාමිනාදන් මහතා ඉකුත් රජයේ නැවත පදිංචිකිරීම් සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ලෙසද තිලක් මාරපන මහතා විදේශ කටයුතු අමාත්‍ය ලෙසද කටයුතු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ඨයි. ජ්‍යෙෂ්ඨයින් පෙරමුණ ගතයුතුයි.
මේක මේ කැප කිරීමක් නෙමෙයි, ඇමැති වරු තිහනම් අනිවාර්යයෙන් කට්ටියක් කිපෙනවම තමයි. ඉතින් වැදගත් විදියට ඉවත් වෙනෙ එක හොඳා.. නමුත් ඉතින් ඇමති පෙරේතයෝ ඉන්නවනේ ගැහැව්වත් එළවන්නට බැරි. මම නම් කියන්නේ ශ්‍රී ලංකාවේ ඉඳලා ආපු කිසිකෙනෙකුට දෙන්ට හොඳ නැහැ. මොකද රනිල්ගේ ප්‍රතිපත්තිය පැරදුණු අයට ඇමතිකම් නැහැ කියලනේ. මේ ආපු කට්ටියම ඡන්දෙන් පැරදුණු අය...
විශිෂ්ඨයි, අනික් අයටත් එසේම කළ යුතුයි. එජාපය විවිධාකාරයෙන් බලගතු වෙන බව පේනවා.
මේක කුණු ගොඩක් දැන්, අනික ඇමතිකමක් ගත්තා කියලා ඊළඟ මාස 8දී කරන්න පුළුවන් දේකුත් නෑ. ඒක නිසා කට්ටිය බලන්නේ ඇමතිකම් එපා කියලා ඊළඟ ඡන්දේදී ඡන්ද පදනම රැකගන්න. කියන්නේ කැප කිරීම් කළා කියලා...
කිව්වත් එපා කමකටනැති ඇමති කමේ... ගන්නවා පඩිය දුන්නොත් ඇමති කමේ... එබැවින් කියමි මීපැණි නැත ඇමති කමේ...
ඔහු දන්නවා, ඔහුට ස්ථානයක් නැහැ.
මේ වගේ බල පෙරේතයින් ඉන්න කාලෙක ඉතා හොඳ තීරණයක්...
එතකොට රනිල් අගමැතිකම අත අරින්නේ කවද්ද?
ඔය මාරපනේ, මලික්ලා රටට දැයට මක්කලාටද ඇමතිකම් දෙන්නේ? රටට දැයට වැඩක් කරන පක්ෂෙට ආරක්ෂාවක් දෙන අලුත් මුහුණුවලටත් තැනක් දීලා බලන්න.
මේ කුණුගොඩවල් මොකට ජාතික ලැයිස්තුවෙන් ගෙනාවද? අනික මේ වගේ අයට කොහොමත් ඇමතිකම් නොදිය යුතුයි.
ඇත්තනේ, මොනවා කරන්නද අරගෙන? රට සවාරි යන්න අමාත්‍යාංශවල සල්ලිත් නැතිනම්, අලුතින් සැප වාහනයක් ගන්න විදියකුත් නැතිනම්, කොන්ත්‍රාත් කාරයෙක්ගෙන් වත් කීයක් හරි හම්බ කරගන්න ඇතිවෙන්න අමාත්‍යාංශවලට සල්ලි වෙන්කරන්නෙත් නැතිනම්, ඕක අරගෙන මේ මැතිවරණ කිට්ටුව නිකන් මැරෙන්නේ...