IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ස්වාමිනාදන් - මාරපන ඇමැතිකම් එපා කියති

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ අමාත්‍ය ධූර දැරූ ඩී.එම්.ස්වාමිනාදන් සහ තිලක් මාරපන මහත්වරුන් නව රජයේ අමාත්‍ය ධූර බාර නොගැනීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය 30කට සීමා කළ යුතු හෙයින් කැපකිරීම් කිරීමට කැමති  මන්ත්‍රීවරුන් සිටීනම් කියන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී කළ ඉල්ලීමකට අනුව ඩී.එම් ස්වාමිනාදන් සහ තිලක් මාරපන මහත්වරුන් ඉහත තීරණය ගෙන ඇති බව කියති.

එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ සංවර්ධන උපාය මාර්ග සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා වූ මලික් සමරවික්‍රම මහතාද නව රජයේ තනතුරු බාර නොගෙන සීටීමට ඊයේ (18) තීරණය කළේය

ඩී.එම් ස්වාමිනාදන් මහතා ඉකුත් රජයේ නැවත පදිංචිකිරීම් සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ලෙසද තිලක් මාරපන මහතා විදේශ කටයුතු අමාත්‍ය ලෙසද කටයුතු කළහ.

 



අදහස් (15)

ස්වාමිනාදන් - මාරපන ඇමැතිකම් එපා කියති

dasun Wednesday, 19 December 2018 12:46 PM

විශිෂ්ඨයි. ජ්‍යෙෂ්ඨයින් පෙරමුණ ගතයුතුයි.

:       175       113

MaheeWednesday, 19 December 2018 07:32 PM

බය වෙන්න එපා දසුන්. මේ 'විශිෂ්ට, ජ්‍යෙෂ්ටයන්ට' වැඩකට නැති ඇමතිකමකට වඩා හොඳට වාසි තියෙන වෙන වෙන උපදේශකකම් ආදිය ලැබෙනවා. මේවා කතා වෙලා කරන දේවල් බව ඔබේ කොල කන්නාඩිය ගැලෙව්වොත් දකින්න ලැබෙයි.

:       0       0

NissankaThursday, 20 December 2018 04:08 AM

මේ දෙන්නම ජාතික ලැයිස්තුවෙන් ආපු අය. ජාතික ලයිස්තුවේ අරමුණ උගතුන්ට, බුද්ධිමතුන්ට හා ප්‍රවීනයන්ට රටට සේවයක් කිරීමට අවස්ථාව ලබා දීම. ඇමතිකම් එපානම් මේ අය පාර්ලිමේන්තුවේ ඉන්න එකත් තේරුමක් නෑනේ.

:       0       0

gunarathna Wednesday, 19 December 2018 12:49 PM

මේක මේ කැප කිරීමක් නෙමෙයි, ඇමැති වරු තිහනම් අනිවාර්යයෙන් කට්ටියක් කිපෙනවම තමයි. ඉතින් වැදගත් විදියට ඉවත් වෙනෙ එක හොඳා.. නමුත් ඉතින් ඇමති පෙරේතයෝ ඉන්නවනේ ගැහැව්වත් එළවන්නට බැරි. මම නම් කියන්නේ ශ්‍රී ලංකාවේ ඉඳලා ආපු කිසිකෙනෙකුට දෙන්ට හොඳ නැහැ. මොකද රනිල්ගේ ප්‍රතිපත්තිය පැරදුණු අයට ඇමතිකම් නැහැ කියලනේ. මේ ආපු කට්ටියම ඡන්දෙන් පැරදුණු අය...

:       1       72

dadi Wednesday, 19 December 2018 12:51 PM

විශිෂ්ඨයි, අනික් අයටත් එසේම කළ යුතුයි. එජාපය විවිධාකාරයෙන් බලගතු වෙන බව පේනවා.

:       193       184

amila Wednesday, 19 December 2018 01:00 PM

මේක කුණු ගොඩක් දැන්, අනික ඇමතිකමක් ගත්තා කියලා ඊළඟ මාස 8දී කරන්න පුළුවන් දේකුත් නෑ. ඒක නිසා කට්ටිය බලන්නේ ඇමතිකම් එපා කියලා ඊළඟ ඡන්දේදී ඡන්ද පදනම රැකගන්න. කියන්නේ කැප කිරීම් කළා කියලා...

:       4       75

athuraThursday, 20 December 2018 03:13 AM

ඔබතුමා ඔය ගැනලා තියන මාස ගාන හරිද මහත්මයා.

:       0       0

Raveendra Wednesday, 19 December 2018 01:44 PM

කිව්වත් එපා කමකටනැති ඇමති කමේ... ගන්නවා පඩිය දුන්නොත් ඇමති කමේ... එබැවින් කියමි මීපැණි නැත ඇමති කමේ...

:       253       546

Prase Wednesday, 19 December 2018 02:08 PM

ඔහු දන්නවා, ඔහුට ස්ථානයක් නැහැ.

:       7       83

Rata Perata Wednesday, 19 December 2018 02:58 PM

මේ වගේ බල පෙරේතයින් ඉන්න කාලෙක ඉතා හොඳ තීරණයක්...

:       129       81

Lusena Wednesday, 19 December 2018 04:29 PM

එතකොට රනිල් අගමැතිකම අත අරින්නේ කවද්ද?

:       26       79

එසමන් Wednesday, 19 December 2018 04:38 PM

ඔය මාරපනේ, මලික්ලා රටට දැයට මක්කලාටද ඇමතිකම් දෙන්නේ? රටට දැයට වැඩක් කරන පක්ෂෙට ආරක්ෂාවක් දෙන අලුත් මුහුණුවලටත් තැනක් දීලා බලන්න.

:       0       4

BamunuarachchiFriday, 21 December 2018 03:41 AM

ඔය ලස්සනට ඇමතිකම් බාර අරගෙන තිබෙන්නේ. රටේ ජනතාවට උවමනා ආණ්ඩුවක් හදන්න ඉඩ නොදී රටම විනාශ කෙරුවා.

:       0       0

Amila Wednesday, 19 December 2018 04:51 PM

මේ කුණුගොඩවල් මොකට ජාතික ලැයිස්තුවෙන් ගෙනාවද? අනික මේ වගේ අයට කොහොමත් ඇමතිකම් නොදිය යුතුයි.

:       2       13

saman Wednesday, 19 December 2018 04:57 PM

ඇත්තනේ, මොනවා කරන්නද අරගෙන? රට සවාරි යන්න අමාත්‍යාංශවල සල්ලිත් නැතිනම්, අලුතින් සැප වාහනයක් ගන්න විදියකුත් නැතිනම්, කොන්ත්‍රාත් කාරයෙක්ගෙන් වත් කීයක් හරි හම්බ කරගන්න ඇතිවෙන්න අමාත්‍යාංශවලට සල්ලි වෙන්කරන්නෙත් නැතිනම්, ඕක අරගෙන මේ මැතිවරණ කිට්ටුව නිකන් මැරෙන්නේ...

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 244 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2094 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site