(නිමන්ති රණසිංහ)
ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ නාමල් කුමාර නම් පුද්ගලයා යුද හමුදාවට සහ ගුවන් හමුදාවට බැඳී ඉන් පළා කියන පුද්ගලයකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
නාමල් කුමාර නම් පුද්ගලයා යුද හමුදාවට සහ ගුවන හමුදාවට බැඳෙද්දී ලබා දී ඇති සාමාන්‍ය පෙළ සහතිකයේ විභාගය සමත් බව සඳහන් වුවද ඔහුගේ නියම සහතික පිරික්සද්දි විෂයන් හතක් අසමත් වී විෂයන් තුනක් පමණක් සමත්වූවකු බව පෙනී ගිය බව ද රහස් පොලිසියේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අද ප්‍රකාශ කළේය.
ව්‍යාජ සහතික ලබා දී යුද හමුදාවට සහ ගුවන් හමුදාවට එක්වීම ගැනත්, හමුදාවෙන් පලායෑම ගැනත් විමර්ශන බවත් බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහුගේ ක්‍රියා කලාපය ගැන නිතර විමසිල්ලෙන් පසුවූ අප මොහු ගැන දැඩිව විවේචනය කලේ මොහුගේ මෙවැනි ක්‍රියා ගැන අපටද සියුම් ඉවක් තිබුණු නිසාවෙනි. කාව තැම්බුවත් මොහුට අපේ රහස් පොලිස් නිලධාරීන් රැවටීමට නොහැකි වුණා. ජනපතිවරයා මොහුගේ කියුම් තදින් විශ්වාස කිරීමත්, මොහුට පොහොට්ටුවෙන් අපේක්ෂකත්වය ලැබීමත් ගැනද හොඳින් සොයා බැලිය යුතු කරුණක්.
නාමල් කුමාර රඟහලෙන් සමුගනී. මෙයා කතාකරන විදිහෙන් මට මුල ඉඳලම හිතුණේ 5වසර වත් පාස් නැතුව ඇති කියලයි.
ඔය එළිවෙන්නේ...
දැන්නමි පොලිසියයි, නීති පද්ධතියයි ගැන විශ්වාසයක් නැහැ. සියල්ල සිදුවෙන්නේ රටේ අයහපතටමයි. බොරුව රජයන සල්ලිවලට දණ නමන සාමාජයක් සැකසී අවසන්..
මේක නිව්ස් එකක් වුණාට ඔරිජිනල් සිද්ධියට මේක අදාල නෑනේ...!
මෙතනට වැදගත් වෙන්නේ ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන ඔත්තුව දීපු නාමල් කුමාරද? එහෙම නැත්නම් ඔහු හමුදාවෙන් පලාගිය පුද්ගලයෙක් කියලා ජනපති ඝාතනය වෙන අතකට යොමු කිරීමද?
කාගේ හරි කොන්ත්‍රාත්තුවක් බාර අරගෙන කරන්න ඇත්තේ. අන්තිමට කොහෙවත් තියන ඒවා ඇදිලා එන්නේ... මේවා ඔප්පු වුනොත් සෑහෙන්න කාලෙකට ඇතුළට යන්න වෙයි...
ලංකාවේ ඉහළම බුද්ධිසේවා කණුවක්... මෙයා හරියට එංගලන්තේ ශේර්ලොක් හොල්ම්ස් වගේ...
"නාමල්" කියන්නේ හොරාට කියන තවත් නමක්වත්ද දෙයියනේ...?
මේ වගේ කෙනෙක් කියූ කතාවක් අහලද? එහෙනම් මේ සමහරුන්ට ඇමැතිකම් දෙන්න බැහැ කිව්වා වගේම අපේ රට අද පත්ව ඇති අවුල් සහගත තත්වය ඇති කිරීමට පියවර ගත්තේ..?
මේ ටික හොයාගන්න මේ තරම් කාලයක් ගත කරපු රහස් පොලිස් විශේෂඥයෝ ඉතුරු ටික හොයාගන්න තව මොන තරම් කාලයක් ගනීවිද? පුදුම වෙන්න දේකුත් නැහැ මොකද ඔය රහස් පොලිසියේත් බොහොම දෙනෙක් නාමල් කුමාරට වැඩි වෙනසක් නැහැ. නාමල් කුමාර අඩු තරමින් වැඩ තුනක් වත් සමත්...
නාටකයේ හොඳම ටික....
සම්පූර්ණ විහිළුවක්. ලංකාවේ පොලිසිය දන්නේ නැද්ද මේ මිනිහා කරන්නේ බොරුවක් කියලා... හැමකෙනාගේම රඟපෑමක් විතරයි.. ලෝකෙට පෙනෙන්නේ නමුත් මේ කියන අයට නම් එ්ක එහෙම පෙනෙන්නේ නැහැ... පොලිසියේ හෙළුව දැන් හැමෝටම පේනවා.
හමුදාවෙන් පැන්න සාමාන්‍ය පෙළ අසමත් හොර සහතික දීපු කෙනා දූෂණ ඒකකයක අධ්‍යක්ෂක. ජනාධිපති කාර්යාලය සමග සබඳතා පවත්වන්නෙක්. මේ වගේ තුට්ටු දෙකේ තක්කඩි තමා සොරිසේන වටේ ඉන්නේ. මේවගෙ කෙනෙක් ගිය දුර කොහොමද?
සිද්ධිය වෙන පැත්තකට හරවනවා වගෙයි.
මේකේ මාර කතාවක්නේ... හමුදාවෙන් පලාගිය කෙනාව ඇයි හමුදාවෙන් අල්ලන්නේ නැත්තේ?
කුමන්ත්‍රණ පරීක්ෂණය හරියටම කෙරෙන්න ඕනෑ... ඒ වගේම රටේ හමුදාව නොමග යවපු එකට අනිවාර්යයෙන්ම හමුදා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
ජනාධිපතිටත්, මෙයාටත් අතර වෙනසක් තියනවද? මේ ජනාධිපති තවදුරටත් බලයේ ඉන්නවනං, ඒ ගැන කියන්න වචනයක් නැහැ. තවද රාජ්‍ය බැංකුවකින් ලෝන් අරන්, ගෙවන්න නැතුව බ්ලැක් ලිස්ට් වෙලාලු. මෙයා තමයි දූෂණ විරෝධී මෙහෙයුම් අධ්‍යක්ෂකලු. අනේ රටට ගිය කලක්...
අරයගේ ඉත්තෝ ඔහොම අය තමයි ඉන්නේ. මෙයා අරයගේ සමහරවිට නෑයෙක් එහෙමද දන්නෙත් නෑ. මෙයාව පුනුරුත්ථාපනය කරන්න තව පිස්සු නටන්න ඉස්සෙල්ලා.
මොහු හමුදාවෙන් පලාගිය බව හොයාගන්න මෙච්චර කාලයක් ගියාද ? හෙට අන්නිද මොහු මානසික රෝහලෙන් පැනල ගිය පුද්ගලයෙක් කියල හොයාගනිවී.
බිලියන 66,000 ක් රටට අහිමි කරලා අවුරුදු ගණනාවක් රට ආපස්සට ගෙනියන්න මේ මොහුට පුළුවන් වුනා කියන්නේ, ඒවා අහලා තීරණ ගත්තු උගතුන්ගේ බුද්ධිය ගැනත් හිතන්න වෙනවා.
ආදී කාලේ ගමරාළලා "පුහුල් හොරා කරෙන් දැනේ " කියලා කිව්වේ විහිලුවට නොවේ!
දෙපැත්තේම ඉහලම තැන් කිහිපයකින් අඹරපු කතාවකට මේ දුප්පතා නතු වුනා. එච්චරයි කියන්ට තියෙන්නේ.
මෙයා හමුදාවට බැඳුනේ බොරු සහතික දීලා කියන කතාව වෙන එකක් මෙයා ජනාධිපති ඝාතනය ගැන දීපු ඔත්තුව වෙන එකක් මේ දෙකේ සම්බන්දයක් තිබෙනවාද? මට සිතෙන්නේ ඝාතන සැලැස්මට සම්බන්ධ තවම අසු නොවෙච්ච කොටසක් මෙය පසුපස එලවනවා කියලා. මෙයාගේ ඔත්තුව බොරුනම් ඇයි කෙනෙක් රිමාන්ඩ් එකේ ඉන්නේ? මේ හදන්නේ අපේ අවධානය වෙන පැත්තකට යවන්න.
මේ ජනාධිපති සහ ගෝටා ඝාතන කුමන්ත්‍රණය කියන එක තවත් කුමන්ත්‍රණයක් කියලා මට හිතෙනවා. ඒකත් මහින්දව අගමැති බවට පත් කරපු ජිල්මාට් එකේ කොටසක්. කාට හරි උවමනා කෙරුවේ මේක පිට දාලා රනිල් සහ තවත් අය අත්අඩංගුවට ගන්න විය හැකියි. එහෙම නම් ඒක භයානක වැඩ පිළිවෙලක්. මේ නාමල් කියන පුද්ගලයා ජනාධිපතිතුමාගේ ගෝලයෙකු බවත් කියවෙනවා නේද? අනිත් කාරනාව: "දූෂණ විරෝධී මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්"! ඔ ලෙවෙල් වත් පාස් නැති - ඒවගේම හමුදාවෙන් පැනල ගිය - සිපයියෙකුට කොහොමද ලැබිලා තියන නිල නාමය? ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු කෙනෙකුව අපි තවමත් ජනාධිපති ලෙස සැලකිය යුතුද?
"ජනාධිපතිටත්, මෙයාටත් අතර වෙනසක් තිබෙනවාද" හලෝ ඕක අහන්න දෙයක්ද? එයා ජනාධිපති මෙයා සිවිල් වැසියෙක්. එයා රටේ පලවෙනි පුරවැසියා මෙයා රටේ කෝටි දෙකක් වැසියන්ගේ කොතන හරි කෙනෙක්. එයා නමින් මෛත්‍රීපාල සිරිසේන මෙයා නාමල් කුමාර. රටේ ලෝන් අරන් නොගේවපු එකම පුද්ගලයා මෙයා නොවෙයි. අනික මෙයාට කෝටි ගණනක ණය ලැබිලා නැහැනේ. නමුත් කෝටි ගණන්වල ණයගෙන නොගේවපු මිනිස්සු ඉන්නේ. දූෂණ විරෝධී මෙහෙයුම මෙයා පිහිටුවා ගත්ත එකක්. ඉතින් එකේ අධ්‍යක්ෂක වෙන්න කාගෙවත් අවසර උවමනා නැහැ නේද? රට මෙකල ගියේ අර 62 හින්දා.
නාමල් හොරෙක්ද තක්කඩියෙක්ද කියන එක දැනට කෙරෙන ඝාතන කුමන්ත්‍රණ සම්බන්දව පොලිස්සියට අදාළ නැත. නාමල් තක්කඩියෙක් කියා පොලිසිය කරන පරීක්ෂණ නවතා දමන්නේ නැතිනම් අපි නාමල් ගැන කතා කිරීමේ පලය කුමක්ද. නාමල් අපේ අවධානයට ලක්වුනේ ඝාතන ඔත්තුව නිසා මිස ඔහුගේ සහතික නිසා නොවෙයි.
මේ මනුස්සයාගේ කියුම් කෙරුම් වලින් පෙනෙන්නේ මේ මනුස්සය මානසික ආබදයකින් පෙළෙන්නෙකු බවයි. ඔහු කියන දේවල් ගැන සැලකිලිමත්ව සොයා බැලිය යුතුයි.
රහස් පොලීසිය මේව හෙලි කරන්න කලින් සමාජ ජාලා ඔස්සේ කට කතා ආකරයෙන් මේ සිද්ධීන් ඵල වුනා, මේ කේස් එක කොහොමත් ලොකු ලොකු දේශ පාලකයන්ගේ ආන්ඩු පෙරලීමට දාපු සීන් කියන එක ඕනෙ මෝඩයෙකුට තේරෙනව, මොකද ලංකාවේ මීට වඩා වැඩ්ඩො ඉද්දි ඔය වගේ කෙනෙක් දාගෙන මැර වැඩක් කරයිද ? ඔනෙ නම් ප්‍රබල අත්දැකීම් හා පුහුණුවක් තියෙන සරත් ෆොන්සේකාටම තිබ්බනෙ කාටත් නොකියා ස්නයිපර් එකක් පන්නගෙන වෙස් වලාගෙන ගිහින් තනියම ගේම ගහන්න ? මේවා මහ ගොන් කතා...
පොහොට්ටු මහත්වරුන් ගොනාට අැන්දවිම
මහා ලොකු පොලිසියට තාම මාකඳුරේ මදුෂ් අල්ලන්න බැරිඋනා. මේ වගේ පොඩි අය අල්ලලා තමයි වැඩ පෙන්නන්නේ.
ඒ කාලේ සැමුවෙල් ඇනෙස්ලි බිර්ට් ගේ විහිළු මේකත් ඒ වගේද.?
නාමල් කුමාරගේ අධ්‍යාපනේ අඩු උනාට මොකද? අපේ පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරු, හිටපු ඇමතිවරුවත් හරියට විභාගේ සමත් නොවුණු පුද්ගලයෝ උනකොට. විභාගේ වැඩ තුනක් සමත් වෙලා ඔහොම නිර්මාණයක් කරන්න පුළුවන් නම් වැඩ 08 ම සමත් උන නම් කොහොම හිටීද?
අපරාදේ අපිට මොහුව පොහොට්ටුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් කරන්න බැරි වෙනවානේ?
මටත් හිතුන මේ මනුස්සය නටන නැටිල්ලට... මොකක් හරි මල මංගල්ලයක් කර ගනී කියලා නම්. අනුන්ගේ වැරදි පෙන්වන මිනිස්සු හොද වෙන්න බැහැ. ඒ මිනිස්සු ලග ඊට හපන් වැරදි තියනවා හොයන්න ගත්තොත්... දිට්ට ධම්ම වෙධනීය කර්ම අනුව හැම දෙනාටම වරදක් කරලා නම් දඩුවම් ලැබේවි....
" නාමල් කුමාර " ඒ..කාලේ හොර පොල් කැඩුවද .. හමුදාවෙන් පැනල ගියාද කියන එක නෙමෙයි මෙතනට වැදගත් වෙන්නේ එහෙනම් , ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයේ ශාක්ෂි කරුවෙක්ද කියන එක පමණයි..!
හමුදාවෙන් පැනලා නම් මේ වෙද්දි සමා කාල ගනනාවක් පහු වුණා. මොහු නීත්‍යානුකූලව ඉවත්වෙලා ඉන්නවද කියලා හොයලා නැද්ද? හමුදාවෙන් පැනපු අය අල්ලන්න හමුදාව ක්‍රියානොකරන්නෙ ඇයි. මොහු ඉන්නෙ හැංගිලා නෙවෙයිනෙ. රජයට හොර ලියවිලි ඉදිරිපත් කිරීම ගැන නඩුවක් අහන්න ඕනැ තමා. ඒත් මොහු දුන්න ඔත්තු ගැන පරීක්ෂණ කරන්න ඕනැ. හමුදාවට යන්න අධ්‍යාපන සුදුසුකම් ඕනැ වුණාට ඔත්තු දෙන්න හා දූෂන විරෝධි සංගමයක ප්‍රධානියා වෙන්න එහෙම සුදුසුකම් ඕනැ නෑ. මේ හදන්නෙ ඔහු ගැන අප්‍රසාදයක් රටේ ඇතිකරලා ඔහු චෝදනා කල අයට සුදුහුණු ගාන්නයි
මුල ඉඳලාම නාමල් කුමාරගේ නාටකය බොරු බව මුළු රටම දැනගත්තා. හැබැයි ජනාපතිතුමත් මේ දිරච්ච ලණුව ගිල්ලදෝ මන්ද? පොහොට්ටුවේ ගේම මුළුරටම දැන් දැනගත්තා.
අලුත්ම ආරංචිය ඔහු කියපු දේ නිවැරදි බවයි. එය නේද වැදගත් .................. අතීතයේ ඔහු මොනවා කලත් කාටවත් නැති නිර්භීත පිට කොන්දක් තියෙන පිරිමියෙක්
මෙයා මුල ඉදලම ගැහුවේ ගේම් එකක් බව අපි දන්නවා