(අජන්ත කුමාර අගලකඩ)
පළාත් ආණ්ඩුකාරවරු පස් දෙනෙක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
කොළඹ නාගරික මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරමින් සිටි අසාද් සාලි මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාරයා ලෙස පත් කර තිබේ.
පසුගිය දා ජනාධිපති නීතීඥවරයකු ලෙස පත් කැරුණු මෛත්‍රී ගුණරත්න මහතා දිවුරුම් දුන්නේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙසයි.
මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සරත් ඒකනායක මහතා උතුරු මැද ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන් අතර උතුරු මැද මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළ පේෂල ජයරත්න මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන්නේය.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන්නේ එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුකාර කාඩ් පැක් එක අනයි... ඕක හෙට ආයෙත් වෙනස් වේවි.
බස්නාහිරට නම් මේ පාර තනි වල් උෟරෙක් පත් කරලා හිටං ... අපිට නම් සත පහක වැඩක් නැහැ.
හයියෝ රටකට ගිය කලක්... හැමදේම තමන්ගේ බලතණ්හාව උදෙසා පමණි.
පිස්සුව හොඳටම තදවෙලා වගේ...
පළාත් 9 න් 2කම මුස්ලිම් ආණ්ඩුකාරවරු... කොහොමද සිරාගෙ ජාතික හැඟීම..? අසාද් සාලි කියන්නේ වෙනම මුස්ලිම් කලාපයක් ඉල්ලපු කෙනානේ... මෛත්‍රී ගුණරත්නට දෙන්න තිබුනේ දකුණු පළාත, මොකද එයාට කාපු කුරුඳු පොලු පාර තාම මතක ඇතිනේ...
අනේ අපෝ ....රටකට ගිය කලක්... මේ අය නැතුව වෙන හොඳ මිනිස්සු නැත්ද?
දන්නැති ගේම හොඳට ගහනවා.. කොච්චර වෙලා සෙල්ලම් කරයිද දන්නේ නැහැ...
මේ මනුස්සයා සියලුම දේ අනනවා. ඔක්කොම තමන්ගේ හෙන්චයියෝ... පේෂල එයාගේ ගෝලයෙක්. හිස්බුල්ලා පරාද වුණු කෙනෙක්.. ඒකනායක හිටපු මහඇමැති... අසාද් සාලි සහ ගුණරත්න ඡන්දයකින් බලයට එන්න බැරි කෙනෙක්. මේක අම්මගෙ අප්පගේ බූදලයක්ද?
අපේ රටේ නූගත් ඡන්ද දායකයා බුද්ධිමත් වනතාක් මේ රට හදන්න බෑ. ජාති, ආගම්, කුල භේද පැත්තකින් තියමු අසාද් සාලි කියන්නේ කව්ද ආණ්ඩුකාරවරයෙකු වන්න මොනවද තියෙන සුදුසුකම්...?
දැන් ඉතින් තනතුරු බෙදබෙදා ඉඳීවි ඊළඟ මැතිවරණයක් එනකම්ම...
මොකටද මේ සතපහකට වැඩකට නැති පින්පඩි දීමනා උලාකන ආණ්ඩුකාරයෝ,මහා ඇමතියෝ ..? සුද්දා එක ආණ්ඩුකරයෙකුගෙන් මේ කුඩා දිවයින පාලනය කලේ... තක්කඩි දේශපාලකයන්ගේ සන්හරයම ජාතික තලයට ඒමට පාර කපන කාලකන්නි පළාත් සභා හෙළාදකිමු. වර්ජනය කරමු.