(ඩයනා උදයංගනී)
විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙස ඉකුත් 20 වැනිදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් හරීන් ප‍්‍රනාන්දු මහතාගේ අමාත්‍යංශයෙන් ඩිජිටල් යටිතල පහසුකම් විෂයත්, සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ සහ විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මලික් සමරවික‍්‍රම මහතාගේ අමාත්‍යාංශයෙන් විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ යන විෂයත් ඉවත් කරනු ලැබ තිබේ.
මේ පිළිබඳ දක්වමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබේ.
අමාත්‍යවරුන් වන හරීන් ප‍්‍රනාන්දු හා මලික් සමරවික‍්‍රම යන මහත්වරුන් ඉකුත් 20 වැනිදා දිවුරුම් දුන් අමාත්‍යධූරයන්ගෙන් ඉල්ලා අස්වී ඇති බව ඉන් එක් ගැසට් පත‍්‍රයක සඳහන් කර ඇත.
ඉකුත් 21 වැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි හරීන් ප‍්‍රනාන්දු මහතා විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙසත්, මලික් සමරවික‍්‍රම මහතා සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙසත් පත්කර ඇති බව අනෙක් ගැසට් පත‍්‍රයේ දැක්වේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රජයේ ප‍්‍රකාශකයෙක් පැවසුවේ මෙහිදී සිදුව ඇත්තේ අමාත්‍යවරුන්ගේ විෂය කප්පාදුවක් නොවන බවයි.
ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්‍ෂණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස අජිත් පී. පෙරේරා මහතාත්, විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස සුජීව සේනසිංහ මහතාත් දිවුරුම් දී ඇති නිසා එම විෂය පෙර තිබූ අමාත්‍යාංශවලින් ඉවත් කර අමාත්‍යාංශයේ නම් වෙනස් කර තිබෙන බව ද එම ප‍්‍රකාශකයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම දෙයක් හරියට කරන්න බැරි නිලධාරින්ද ඉන්නේ? හැමදේම පටලවන්නේ හිතලමද?
පසුගිය දවස් 50 සිද්ධිය ඇති වූ අවස්ථාවේදී එයට විරුද්ධව ගෙනගිය කිසිම සටනකට සහභාගී වූ බවක් පෙනෙන්නට නොතිබුන ඒ සටන් පැවතුන පැත්ත පළාතකටවත් නොගිය ඔතන ඉන්න එක්කෙනෙකුට නැවත වතාවක් ඇමතිකමක් දුන්නේ මොන හේතුවක් නිසාද? ඒ වගේම තවත් පවුලකටම ඇමතිකම් දුන්නේ මොකද කියලා අපට නම් තේරුම් ගන්න හරිම අමාරුයි. සමහර විට යටින් ඉඳගෙන මදි නොකියන්න සල්ලි පොම්ප කළාද කියලා නම් දන්නේ නැහැ. ඔය වගේ ඒකාධිපති වැඩ වලින් වෙන්නේ එජාපය නැවත වතාවක් ගොඩ ගන්න බැරි අන්දමට නන්නස්තාර වෙන එකයි. මඩකලපුව පැත්තෙන් දැනටමත් "හැරවුම් ලක්ෂයක්" ගැන තර්ජන ඉදිරිපත් වෙනවා. මේ ගොල්ලන්ට ඇහෙන්නේ නැතුව ඇති...
පත්කළ ඇමතිවරුන්ට වැඩ කරන්න ඉඩ නොදී කකුලෙන් අදින පාට තමා පෙනෙන්නට තියෙන්නේ...
මලික්ට තියෙන ටිකත් හරි නම් අයින් කරන්න ඕනෑ. 2015 ලිස්ට් එකෙන් පලමු සැරේට පාර්ලිමේන්තු රින්ගපු මලික් කැබිනට් ඇමති.. හැබැයි 2000 සිට අපරාජිතව පාර්ලිමේන්තු ආව රන්ගේට ඇමතිකමක් නෑ. ඡන්දෙන් දිනන සහ ඡන්ද පදනමක් තියෙන අයට කපන්න රනිල් රුසියානේ...
අනේ අපේ " මල්කිරණ " අයියට නම් " හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා " අමාත්‍යාංශය දුන්නොත් තමයි වඩාත් හොඳ... අර ඇඩ්රස් නැති වූ මහ බැංකුවේත් කොටස් හිඟන්නාට තියෙනවනේ.
ඕන කෙනෙක්, ඕන එකක් හලා ගත්තාවේ! අපිට තියෙන ප්‍රශ්නේ කැබිනට් - නන් කැබිනට් නොවේ. නන් කැබිනට් වුනත් ඇමැති කෙනෙකුට හම්බ වෙන සියලු වරප්‍රසාද හම්බ වෙනවනේ... ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇමති ධුර 30 කට අඩු කරලා තියෙන්නේ වියදම අඩු කර ගන්න නේද? නැත්නම් 225ම ඇමතිවරු වුණාම අපට මොකෝ?
කවුරු කවුරුත් විසිවන සංශෝධනයෙන් රටට වන විපත ගැන දැනුවත් විය යුතුයි.
මලික්ගෙන් " අන්කළ යුතුම " කොටස ඒ කියන්නේ ... සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ ...කොටස නැවතත් එයාටම දීලා. ඒ කියන්නේ නරියට කුකුල්ලු බාරදුන්න වගේ වැඩක්. ලැජ්ජයි..
අර සීනි ඇමති, පිටි ඇමති වගේ ඇමතිකම් දුන්නු එක කට්ටියට අමතක වෙලා...
පොඩි මිනිසාගේ දුක හඳුනන මලික් මැතිතුමනි, අපි ඔබතුමා සමඟයි.
ඉක්මණට 2020 වෙනකම් අපි බලාගෙන ඉන්නේ දෙන්නාගේ දෙකක් නොවෙයි හතරක්ම ගලවා දමන්න.
මේ ගොන්පාට් එක නවත්වලා මහා මැතිවරණයකට ගොස් ස්ථාවර ආණ්ඩුවක් ඇති කර ගැනීමට ජනතාවට ඉඩ දුන්නුත් තමයි හොඳ... මේක විහිළුවක් වෙලා තියෙන්නේ. ලංකාවේ ඉන්න හැමෝම මෝඩයෝ කියලා මේ අතිපණ්ඩිත දේශපාලකයෝ සහ ඔවුන්ගේ උපදේශකයින් හිතා ඉන්නවද දන්නේ නැහැ. අන්තිමට රටටම කෙලවෙලා ගියාම ඔවුන් එක්කෙනෙක්වත් නැහැ.
අලුත් වන ලෝකයේ අපි තවම පොඩි මිනිස්සු. ලෝකය ඉතා සීග්‍රයෙන් ඉදිරියට යනවා. අපිට ලෝකය දිනන්නනම්, ඩිජිටල් තාක්ෂණය, විද්‍යාව හා තාක්ෂණ යන අතින් අපි තවතවත් පර්යේෂණ කළ යුතුයි. නවීන සොයාගැනීම් වලින් පමණයි අපිට ඉදිරියට යා හැක්කේ... "අලුත් අලුත් දෑ නොසොයන ජාතිය ලොව නොනගී " ලෙස කියමනක් ද ඇත. ඉතින් , විද්‍යාව හා තාක්ෂනය මෙන්ම ඩිජිටල් යටිතල පහසුකම් විෂයන් කැබිනට් නොවන අමති කෙනෙකුට ලබාදීම කියන කාරණයෙන්ම හැඟෙන්නේ.. අපේ පාලකයින්ට තවමත් අපේ රට ගෙන යායුතු දිශානතිය පිළිබඳ කිසිඳු අවබෝධයක් නොමැති බවයි. හුදෙක් සිත් සතන් පිනවීමට නත්තල් සීයා තෑගි දෙනවා මෙන් ඇමතිධුර බෙදනවා මිසක් කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයක් නොමැතිවීම රටෙත්, ජනතාවගේත් අවාසනාවකි.
ගලවන්නේ නැතුව කොහොමද අර කැබිනට් ඇමතිකම් නැති නිසා රටට වැඩක් කරන්න විදියක් නැහැ කියන කට්ටියට මොනවා හරි දෙන්නේ?
පහුගිය කාලේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහලොකුවට කතා කළ ඔය සමහර පුද්ගලයෝ ඇමති මණ්ඩලේ කැබිනට් නොවන, පින්, ගොන්, ආදී නම් වලින් 30 පන්නලා පත් කර ගන්න කොට නම් සද්දයක් නැහැ. එතකොට ඕකද ඔය උදවිය කිව්ව බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය? එහෙ ආණ්ඩුවට පුළුවන් ඇමතිවරු ටික දෙනෙක් එක්ක රට අපුරුවට පාලනය කරන්න. මෙහෙ අයට එහෙම බැහැ. හැමෝම ඇමතිකම් නැතිව වැඩ කරන්න බැහැ කියල අඬනවා. මම අර වෙලාවේ අරෙහෙම කළා, මෙහෙම කළා, ඒ හින්දා මට ඇමැතිකමක් දෙන්න තිබුණා වගේ දේවල් කියවනවා. බැලුවහම හැමෝම තමන්ගේ වාසිය සලසාගෙන අන්තිමට ජනතාව රවටනවා.
තේරුමක් නැති, වැඩක් නැති මිනිස්සු තමයි.
දෙකක් මොකද? ගලවන්නකෝ හතරක් අපිට අමාරු වෙයිද කියලා බලන්න.
පහුගිය අවුරුදු 3 හිටියනේ. ජනතාවට හලෝ කියලා වැට් ගැහුවා.
ජනතාව ඔහොම අමාත්‍යාංශයක් තියනවා කියලා දන්නේ තනතුර දෙනවිට පමණි.
කේවට්ටයින්ට උත්තර දෙන්න ඉස්කෝලේ යන්න ඕනෙද ගොයියෝ? ඒ මොන විකාර කතාවක්ද?
රවින් ඔය තර්ජන ගෙදර උන්දැට කරන්න. මට ඔයවගේ මිනිස්සු ඕනෑතරම් හම්බවෙලා තියනවා. ඔක්කොම පුස්සෝ.
ඕවගෙන් ජනතාවට වැඩක් වෙලා නැහැ. දුරකථන ගාස්තු අහස උසට...
රවින් මොන බම්බුවක්ද කතා කරන්නේ?
ජනතාවට අවස්ථාව දෙන්න. සේරම ගලවලා අලුතින් හදන්න.
රටේ ජනතාවට තියන ගැටළු ඕවා නෙමේ. මේවටද බහුතරය හෙව්වේ?
රට වලපල්ලට... රුපියල කුණුකූඩෙට...
දෙයියන්ගේ නාමෙන් බැරිනම් පලයව් කියලා ජනතාව කියන්නේ...
ගම්පෙරළිය කිව්වේ ඕකද?
බමුණෝ, මම දැන් එකපාරක් කීවා...
මලික් නම් හොඳයි...
රටේ ජනතාවට වැට් ගහලා ඩිජිටල් දීලා මිනිස්සු හෙම්බත් වෙලා. ජනතාව කියන්නේ ඕවා අකුලගෙන පලයවු කියලයි.
නීතිඥයෝ දෙදෙනෙක් තොරතුරු තාක්ෂණය, ඩිජිටල් යටිතල සහ විද්‍යා තාක්ෂණ, පර්යේෂණ විෂයවලට ඇමතිකම් දීම විහිලුවක්. රනිල්ගේ මොලේ කොහොමද?
ඔන්න 7ක් ගැලවෙන්න යන්නේ. බහුතරය ගිලා බැහැලා..
ජනතාවට අම්බලන්තොට. සෙල්ලම්කාරයෝ මතක් වෙනකාලේ...
ටෙලිකොම් සභාපති බේරගන්න සහ ටෙලිකොම් එකෙන් වෙළෙඳ දැන්වීම් ලබාගන්න රෙඩ් චෙරි ආයතනය බේරගන්න ගහපු ප්ලෑන් එකක්.