(විනීතා එම් ගමගේ)
අධ්‍යාපන සමුපකාර සමිතිය අතුරු පාලක මණ්ඩලයක් මඟින් පාලනය කළ 2011 සිට 2015 දක්වා වු කාලය තුළ සිදුවී ඇතැයි පෙනීයන රුපියල් කෝටි 5000 කට අධික මූල්‍ය හානි පිළිබඳව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප‍්‍රකාශ කළේය.
වාර්ෂිකව රුපියල් කෝටි 2228 කට ආසන්න ආදායමක් ලැබිය යුතු නමුත් එම අතුරු පාලක මණ්ඩලය මඟින් පාලනය කළ කාලය තුළ ලැබී ඇත්තේ රුපියල් කෝටි 1317 ක මුදලක් පමණකැයි ද ජයසිංහ මහතා පැවසීය.
මෙම මුල්‍ය හානි සමස්ත සාමාජිකත්වය වන ලක්ෂ දෙකකට ආසන්න ගුරුවරුන් වෙත කරන ලද හානියක් සේ සළකා කටයුතු කරන බව ද හෙතෙම කියා සිටියේය.
අතුරු පාලක මණ්ඩලය විසින් එහි පාලනය බාර ගැනීමට පෙර පාලනය කළ ලංකා ගුරු සේවා සංගමයේ පාලක මණ්ඩලය විසින් රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂයකට කුරුණෑගල ඉඩමක් මිලදී ගත් බවත් එය අධිවේගී මාර්ගයට අසු වූ බැවින් එම සංගමයට රුපියල් හාර කෝටි 25 ලක්ෂයක වන්දි ලැබුණු බවත් පැවසූ ජයසිංහ මහතා එවැනි ලාභ ලැබූ ආයතනයක් අතුරු පාලක මණ්ඩලය විසින් විනාශ මුඛයට ගෙන ගොස් ඇතැයි ද සඳහන් කළේය.
මේ අතර මහජන බැංකුවෙන් 13.2% ක පොලියට රුපියල් කෝටි 100 ක ණය මුදලක් ලබා ගෙන සාමාජිකත්වයට 14.7% ක පොලියට ණය ලබා දුන් බවත් එයින් ද සමුපකාර ලාභයක් ලැබු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
මෙම ණය මුදල ලබා ගත්තේ කිසිදු ඇපයක් තබා නොවන නමුත් ඉඩම උකසට තබා එම ණය ලබාගෙන ඇතැයි අතුරු පාලක මණ්ඩලයේ සිටි සමහරු චෝදනා කරන බව ද ජයසිංහ මහතා කීය.
ජයසිංහ මහතා මේ අදහස් පළ කළේ කොළඹ මහජන පුස්තකාලයේ අද (30) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුටා. හැමතැනම හොරකම්...
දැන් නම් ඡන්දයක් ලංවෙනවා කියලා හිතෙනවා. එ්කනේ මේ අලුත් කතාවක් කියන්න හදන්නේ. 2011 සිට 2015 අතරේ වූ සිදුවීමක් නම් දැන් 2019 ලබනකොට මතක් වෙන්නේ කොහොමද? ඔය මොන කතා කිව්වත් මිනිස්සු නැවත රැවටෙන්නේ නැහැ. කෝ රත්තරනින් හදපු පාරවල්, කෝ ලැම්බෝගිනි, කෝ දුෂණ නවත්තලා ඉතුරු කරපුවා. අඩුතරමේ එක පාරක් හැදුවද?
එයාලත් හොරු, මෙයාලත් හොරු... කවුරුත් හොරුන් ගැන කතා කරලා අමතක කරනවා. අපි හොරුන්ට බැනල නරක් කරගෙන හදවත් රෝග හදාගන්නවා. හොරුන් ගෙන් පිරුණු රට හොරුන්ට ජය වේවා...!!!
එරික් මහතා අපි මෙතන කතා කොරන්නේ දේශපාලකයින් හා ඔවුන් කොතනකින් හෝ සම්බන්ධවී කෙරෙන රටේ හොඳ හෝ රටට අහිතකරයි කියා පලවෙන ප්‍රවෘත්ති ගැනයි. බොහොම සුළුවෙන් මිනීමැරුමක් ගැන ප්‍රවෘත්තියක් දැක්කත් අදහස් පලවෙන්නේ නැතිතරම්ය. විශ්වවිද්‍යාල උද්ඝෝෂණයක කෙළවර දේශපාලනය තිබේ. අලුත් ව්‍යවස්ථාව සිංහල රටට අහිතකර බව පෙනේ එම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට වුවමනා කාටද? සංශෝධනයෙන් කෙලින්ම වාසි ලබන්නෝ කවුරුන්ද කියා දන්නාවිට නායකයින්ගේ නම් නොකියා අදහස් දක්වන්න පුළුවන්ද? බැංකු කොල්ලයේ නායකයා ඇතුළු පාතාලයින් අල්ලයි කියා ප්‍රවෘත්තිය පළවුණාට, කීවාට වැඩක් තිබෙනවාද අඩු වශයෙන් ඒ අන්ගේ නමවත් අපි දන්නේ නැතිනම්. ඒ නිසයි ජෙප්පෝ ගැන කියන්නේ.
එරික් දෙවෙනි ලෝක යුද්ධයේ හොඳ නරක කතා කරන්න පුලුවන්ද හිට්ලර් ගැන කතා නොකර? දෙවෙනි ලෝක යුද්ධයෙන් සිදුවූ එක හොඳක් තමයි ඇමරිකාව සීග්‍රයෙන් දියුණුවීම. නැතිනම් ඇමරිකාව තවමත් හරක් බලනවා.
ගොඩක් ලාංකිකයන්ට අංක පිළිබඳව ගැටළු තිබෙනවා.