IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ජනපති හා අගමැති අතර හදිසි සාකච්ඡාවක්

(අජන්ත කුමාර අගලකඩ)
 
නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර හදිසි සාකච්ඡාවක් අද රාත්‍රීයේ පැවැති බව වාර්තාවේ.

 
ජනාධිපති නිල නිවසේ පැවැති එම  සාකච්ඡාවට රාජිත සේනාරත්න, රංජිත් මද්දුමබණ්ඩාර සහ නවීන් දිසානායක යන මන්ත්‍රීවරුන් ද සහභාගී වී ඇත.
 
අද රාත්‍රී අටට පමණ ආරම්භ වූ එම සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් පැවැති බව ද වාර්තාවේ. 
 
සරත් ෆොන්සේකා, පාලිත රංගේ බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ට සහ ශ්‍රීලනිපයේ සිට ආණ්ඩුවට ගිය මන්ත්‍රීවරුන් හතර දෙනකුට අමාත්‍ය ධුර ලබා නොදීමට හේතු වූ කාරණා ජනාධිපතිවරයා එහිදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිසට දැනුම් දී ඇතැයි ද දැනගන්නට තිබේ.



අදහස් (7)

ජනපති හා අගමැති අතර හදිසි සාකච්ඡාවක්

ගල්කටස් Wednesday, 19 December 2018 05:27 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන තීරණ ගැනීම එම පක්ෂය සතු දෙයකි. අනිත් දෙ⁣දෙනා සම්බන්ධව අධිකරණයට යා හැකිය. සියල්ල අධිකරණය විසඳනු අැත. 36ක් පත් කලහොත් පුරවැසියන් ලෙස අප අධිකරණයට යා යුතුමය. ජනතා මුදල් කාබාසිනියා කරන බැවිනි .

:       1583       2118

Devin Wednesday, 19 December 2018 05:59 PM

වසන්ත සේනානායක ඇතුළු යු ඇන් පි සෙට් එකට ඇමති කම් එන එන වෙලාවට දුන්න කෙනා දැන් කොහොමද අනිත් අයට දෙන්න බැහැ කියන්නේ ?

:       0       0

Mahee Wednesday, 19 December 2018 07:05 PM

ඉබ්බ දියයට දැම්මහම ඇන්නාවේ කිව්වලු. රනිලුත් හිත හිතා ඉන්න ඇත්තේ මේ හතර දෙනාට කැරට් අලේ නොදී බේරෙන්නේ කොහොමද කියලා. ඇයි තමන්ගේ මිනිස්සු ඉන්දැද්දී මේ හාල්පාරුවන්ට මොකටද දෙන්නේ. දැන් වැඩේ ජනාධිපතිතුමා පිට දාල ෂේප් වෙන්න පුළුවන්.

:       0       0

Saththaya Thursday, 20 December 2018 01:03 AM

පළමුව නීතියයි, ශිස්ටාචාරයි මේ රටේ ස්ථාපිත කල යුතුයි. ඒ වෙනුවෙන් අධිකරණයට යා යුතුයි.

:       0       0

bandula Thursday, 20 December 2018 01:11 AM

මේ සියලු දෙනාම සිතන්නේ තම තමන්ගේ පක්ෂ වලට වෙන වාසි අවාසි මිසක් රට හා එහි අනාගතය ගැන නොවේ, ඒකනේ මේ කඹ ඇදිල්ල.

:       0       0

ranjan Samarasinghe Thursday, 20 December 2018 10:18 AM

ඇමති ධුර 30 ඕනෑවටත් වඩා වැඩියි.

:       0       0

Bamunuarachchi Friday, 21 December 2018 02:46 AM

අර එපාවුණා ගොයියන්ට ඇමතිකම් දෙන්න කියන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 568 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 724 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 302 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site