(නිමන්ති රණසිංහ)
පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස අද (28) අධිකරණයේදී නම් කෙරුණු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත්තේය.
අද නඩුව අධිකරණයේදී කැඳවු අවස්ථාවේදී රහස් පොලීසිය විසින් ඔහු එම සිද්ධියේ දෙවැනි සැකකරු ලෙස නම් කරනු ලැබුවේය.
නිල ඇඳුමෙන් අධිකරණයට පැමිණ සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා නඩුව 2.30 තෙක් කල් තැබීමෙන් අනතුරුව තමන්ට අයිති රියක නැගී පිටත්ව ගිය අතර නැවත සාමාන්‍ය ඇඳුමෙන් සැරසී අධිකරණයට පැමිණිමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගැනීමට සිදු විය.
ඔහු මේ වන විට බන්ධනාගාර නිලධාරීන් බාරයේ රඳවා සිටී.
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ
ශ්රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ විය. ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඉන්දු පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ග
මාදුරුඔය ජලාශයට කඩා වැටුණු බෙල් 212 වර්ගයේ, හෙලිකොප්ටර් ගුවන් යානයේ, සුන්බුන් කොටස් අද සවස නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ කණ්ඩායමක් එක්ව ගොඩ ගැනීමට කටයු
විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා උදව් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජ
මාදුරුඔය ජලාශයට කඩා වැටුනු හෙලිකොප්ටරයේ ඉන්ධන වැව පුරා විසිරිම වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට
පිටිගල මිලානෝ Wednesday, 28 November 2018 09:35 AM
මේ දවස්වල ඉක්මනින්ම පොලිසියට බාරවී නඩුවෙන් නිදොස් කොට නිසහස් වීමක් ලබාගන්න වගේ ප්ලෑන් එක නම්. ඊට පෙර ආණ්ඩුව පෙරලුනොත් නම් වැඩේ කොට උඩ.
sirimal Wednesday, 28 November 2018 09:46 AM
දැන් එතකොට අලුත් ආණ්ඩුව යටතේත් රණවිරුවන්ට විමුක්තියක් නැද්ද? ඒ ගොල්ලෝ කලින් කිව්වා නේද? අපි බලයට ආවහම රණවිරු දඩයම නවත්වනවා කියලා. එ්කත් හරියට රුපියල බාල්දුවෙන එක නවත්වන එකයි. සිංගප්පූරු ගිවිසුම අහෝසි කරන එකයි වගේ "කියන කොට එහෙමයි කරනකොට මෙහෙමයි" ජාතියේ අමු කෙප්පයක්ද?
d.upulWednesday, 28 November 2018 11:06 AM
මොන විරුවෙක් වුනත් මිනීමැරුම් චෝදනාව බරපතලයි.
Uditha - London Wednesday, 28 November 2018 09:47 AM
මේ රටට මොකද වෙන්නේ ? හැම පැත්තෙන්ම බැලුවත් අරාජික වෙනවා බලන් ඉද්දි? තරුණ පරම්පරාව පොඩි දේටත් මිනි මරනවා. රටේ ඉහල නිලදාරීන් කරන වැරදි එහෙන්. මොකද වෙන්නේ මේ... අපි රටවල් වලට වෙලා ඉදන් හම්බ කර කර එවනවා.
Srimala Wednesday, 28 November 2018 10:13 AM
මෙන්න යහපාලන ආණ්ඩුවේ රනිල් අපේ රණවිරුවන්ව බොරුවට අත්අඩංගුවට ගන්නවෝ... පලිගන්නවෝ... ආ මට වැරදුනා. මෙන්න මහින්ද අගමැති අකුරට නීතිය ක්‍රියාත්මක කරමින් අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරලා වැරදිකරුවන්ට දඬුවම් කරනවා.
ShanthaWednesday, 28 November 2018 10:59 AM
මෙයාව අත්අඩංගුවට ගන්නකම් පක්ෂ භේදයකින් තොරව හැමෝම බලාගෙන හිටියා. මෙයා නීතිය අතට ගත්ත කෙනෙක් කියල මුළු ලංකාවම දන්නවා. ඉතා නොහොඹිනා ලෙස හම්බන්තොටදී මාධ්‍යවේදියකුට පහරදීපු එක අපි හැමෝම දැක්කා.
අනුර පැස්කුවල් Wednesday, 28 November 2018 10:13 AM
ඉතා නොහොඹින ලෙස ගාල්ලේදී මාධ්‍යවේදියකුට පහර දුන් මේ පුද්ගලයාට අදටත් ඒ සිද්ධිය පිළිබඳව දඬුවමක් දී නැත. රට අද තිබෙන තත්වයට පත්වන්න වගකිව යුතු තවත් පුද්ගලයෙක්...
gds Wednesday, 28 November 2018 10:17 AM
අපේ රට ඉවරයි... දැන් මොක ආවත් එක තමයි...
Nissanka Wednesday, 28 November 2018 10:18 AM
ජනාධිපතිතුමා රනිල්ව අගමැතිකමෙන් අයින් කළේ රණවිරු දඩයම නවත්තන්න නේද? දැන් කවුද මේවා කරන්නේ?
BamunuarachchiThursday, 29 November 2018 04:12 AM
හලෝ එක මොන කතාවක්ද? දැන් ඕක නැවත්තුවොත් කියාවි අන්න අධිකරණයට ඇඟිලි ගහනවා කියලා. ඕවා ගානට මිම්මට විසදේවි කලබල වෙන්න එපා.
Wedihitiya Wednesday, 28 November 2018 10:36 AM
හොඳ වැඩක්. රට වෙනුවෙන් අපේ කොල්ලො කෙල්ලො කොටියගේ තුවක්කුවට පපුව දෙද්දි මේ මහත්වරු ඒ නිල ඇඳුම පොරවගෙන හමුදාවටම නිගාදෙන ජරාවැඩ කරල තියෙනවා නම් උපරිම දඬුවම් දෙන්නම ඕනෑමයි...
Sorisoma Wednesday, 28 November 2018 10:43 AM
දැනට නීතිය ස්වාධීනයි කියලා පෙන්නන්න මිසක්...
athula Wednesday, 28 November 2018 10:50 AM
අත්අඩංගුවට ගන්න ඕන. මීට කලින් රටේ නීතිය කාටත් එක වෙන්න ඕන. අපේ බදුමුදල් වලින් ගන්න අවි ආයුද වලින්ම අපේම දරුවන් හිතුමතේට මරාදමන්න දෙන්න බැහැ. මේවා සහගහන අපරාද. ඔය රණවිරු අර විරු මේ විරු ඕන නැහැ .. අපරාදකාරයෙක් නම් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන
C.K.Lankaputhra Wednesday, 28 November 2018 11:00 AM
කප්පම් ගන්න අහිංසක කොල්ලො මරපු කෙනාත් රණවිරුවෙක් නම් මෙහෙම කියන අයගේ කටවල් වලට ඇසිඩ් වක්කෙරුවත් මදි...