(සුජිත් හේවාජූලිගේ)
“අපි මහ ඡන්දය තියන්නේ 2020දීයි. මුලින්ම තියන්නේ පළාත් සභා ඡන්දයයි” යි මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා අලුත් කතානායකවරයකු පත් කරගෙන ආණ්ඩුවේ කටයුතු ඉදිරියට ගෙන යන බව කී දිසානායක මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට්ටුව අධිකරණ තීන්දුවට පෙර ජනාධිපතිවරයාට ඉවත් කර ගැනීමේ හැකියාව තිබෙන බවද ප්‍රකාශ කළේය.
දිසානායක මහතා මේ බව පැවසුවේ බොරැල්ලේ පිහිටි හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ නිවසේදී අද(22) පෙරවරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදීය.

(ඡායාරූපය- චතුර එස් කොඩිකාර)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.