IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් යාපනයෙන් සොයා ගනී

රොමේෂ් මධුෂංඛ

                 

යාපනය මණියන්තොට්ටම් ප්‍රදේශයේ සඟවා තිබූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4ක්  සොයා ගැනීමට යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් සමත්වී තිබේ.

යාපනය ගුරුනගර් මාර්ගයේ මණියන්තොට්ටම් මංසන්ධියේ දී පිහිටි බස්නැවතුම්පලක් ආසන්නයේ සඟවා තිබූ අදාළ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

යාපනය යුද හමුදා බුද්ධි අංශයට හා පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා සෙබලුන් පිරිසක් විසින් අදාළ ප්‍රදේශය සෝදිසි පරික්ෂාවකට ලක් කිරීමේදී  අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4 ක් සහ විදුලිමය නොවන ඩෙටනේටර් 10 ක් පොහොර උරයක දමා සඟවා තිබියදී සොයාගෙන ඇත.

 



අදහස් (5)

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් යාපනයෙන් සොයා ගනී

MISHAL-MATARA Sunday, 25 November 2018 06:45 AM

එදා කොටි නැගිටිනවා කියලා කියපු කට්ටිය දැන් මොනවද දන්නේ නෑ කියන්නේ...

:       1239       1298

BamunuarachchiSunday, 25 November 2018 09:40 AM

දැන් කියන්නෙත් කොටි නැගිටිනවා කියලා තමයි. ඉස්සර කොටි නැගිට්ටෙව්වා. මෙහෙම හිතන මිනිස්සුද රටක ආණ්ඩු තෝරන්න ඡන්දෙ දෙන්නේ. අනේ අපොයි ශ්‍රී ලංකා මෑණියෝ

:       0       0

ruwanMonday, 26 November 2018 05:34 AM

එදා නැගිට්ට කොටි ගෙනත් හංගපු ඒවා වෙන්නත් පුළුවන්.

:       16       0

ච්න්තා Sunday, 25 November 2018 11:40 AM

නිසල්ට පෙනෙන්නේ නැතිද නැගිටපු කොටින්ව තමයි මේ හාන්සි කරවන්නේ...

:       0       0

jayath Monday, 26 November 2018 05:46 AM

කව්රුවත් නිකම් බොරුවට කලබල වෙලා -තලියේ කිඹුල්ලු දකින්න එපා ඔය ඉන්තෙරුවටම කොටි ඒ කාලේ ගෙනත් හංගපු එකක් . මොකද අද සහජීවනය හින්ද බෝම්බ හංගන කව්රුවත් ඔහේ නැහැ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 549 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 714 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 294 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site