IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


වව්නතිව් මාර්ග බාධකය අසළ තිබී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ සිරුරු හමුවෙයි

(ඉන්දිකා රාමනායක)  
                                                  
වෙඩි වැදි මියගිය බවට සැකකරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ මළ සිරුරු අද (30) පෙරවරුවේ මඩකලපුව වවුනතීව් පොලිස් මාර්ග බාධකයේ තිබී සොයාගෙන තිබේ.  
                                 
මෙම කොස්තාපල්වරුන් දෙදෙනා වවුනතීව් පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි අය බවත් ඊයේ පස්වරු 6.00 ට මොවුන් රාත්‍රී රාජකාරි සඳහා  මෙම මාර්ග බාධකයට පැමිණ ඇති බවත් පොලිසිය කියයි.                                                           

අද පෙරවරු 6.00 ට මොවුන්ගේ රාජකාරිය නිමවීමට නියමිතව තිබූ අතර රාජකාරි භාර ගැනීමට එහි ගිය වෙනත් කොස්තාපල්වරයෙක් මොවුන් දෙදෙනාගේ මළ සිරුරු  එහි තිබෙනු දැක සිද්ධිය පොලිසියට දැනුම් දී තිබුණි.

ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල



අදහස් (19)

වව්නතිව් මාර්ග බාධකය අසළ තිබී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ සිරුරු හමුවෙයි

THESHAN Friday, 30 November 2018 04:09 AM

එහෙනම් දැන්ම වැඩ පටන් අරගෙන වගේ.....................

:       550       732

සුරංග Friday, 30 November 2018 04:57 AM

ඒ කාලේ නම් මෙහෙම දේවල් උනේ නෑ, අපෙ හාමුදුරුවනේ..........

:       1515       2026

sachith Friday, 30 November 2018 05:06 AM

නිය පොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරවෙන් කපනකම් තියාගන්නේ නැතුව මේවට එක්මන් ක්‍රියාමාර්ග ගන්න.

:       3       5258

රවින් Friday, 30 November 2018 06:19 AM

දෙන්නෙක් ජීවිතක්ෂයට පත්වන්න තව කීදෙනෙක් මුරපොලේ සිටියාද? තුවාල මොන වගේද? කැපුම්? ගිනිඅවි? හැකි ඉක්මණින්ම මුල හොයාගන්න. ඔඩුදුවන්න දෙන්න එපා.

:       1       138

amitha Friday, 30 November 2018 06:24 AM

ඔය පටන් අරන් තියෙන්නේ... අවුරුදු 3 1/2 ක් තිස්සේ කරපුවයේ ප්‍රතිඵල තමයි...

:       2028       1857

ලුම්බිණි Friday, 30 November 2018 06:29 AM

මෙම සිද්ධිය ගැන අද පාර්ලිමේන්තුවේ යම්යම් දේශපාලකයින් ප්‍රකාශ කරලා තිබෙනවා. මේ අය කටපියාගෙන උන්නොත් නේද හොඳ? රහස් පරීක්ෂක නිලධාරීන්ට එම රාජකාරිය බාර දීලා.

:       106       114

sanath Friday, 30 November 2018 06:34 AM

CCTV කැමරා තිබුණා නම් අපරාධය කළවුන් සොයාගන්න පහසුයි.

:       3       9

Hafeel Friday, 30 November 2018 07:14 AM

සහජීවන, සංහිඳියාව කියමින් මහා විරුදින, මුල්ලිවයික්කාල් දිනවල් සමරන්න අවසර දීලා තියනවා. නමුත් රණවිරුවන්ට යුද ජයග්‍රහණ දිනය සමරන්න බැහැ. අද රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට වගේම තමයි මේකත්...

:       21       467

sirimal Friday, 30 November 2018 08:04 AM

ඊළඟට මේවගේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ කොළඹ ඇතුළු ප්‍රධාන නඟර වලද? උතුර නැඟෙනහිර මුල්කොට වෙනත් නඟරවල කලබල ඇතිකර දැනට රටතුළ නිර්මාණයවී ඇති අස්ථාවර අරාජික භාවය සඳහා විසඳුම් සෙවීමට ගන්නා උත්සාහයක්ද මේ?

:       0       163

jayath Friday, 30 November 2018 08:20 AM

ඔහොම කියන්න එපා. අන්තිම නරකයි ඒක සහ ජීවනයට බාධාවක්... ඕක මේ පොලිස් නිලධාරීන් දෙන්නා අතර පුද්ගලික ආරාවුලකට වෙච්ච දෙයක්.. ඕනෑනම් පශ්තාත් මරණ පරීක්ෂණය අර තාජුදීන්ගේ මරණයට සම්බන්ධ උන්නැහේට කියලා කරවාගන්න පුළුවන්... මරු රිපෝට් එකෙක් දේවි!!!

:       107       430

banda Friday, 30 November 2018 09:08 AM

විමලයෝ මෙන්න කොටි නැගිටිනෝ .....

:       1705       2230

sisiraFriday, 30 November 2018 09:39 AM

අවුරුදු 30ක් පරිප්පු කාපු එක අමතක වෙලාවගේ ඔබතුමා ඒක විහිලුවකට අරන් වගේ අසූගණන් වල පටන්ගත්තෙත් මේ වගේ තමයි පක්ෂග්‍රාහී නොවී රට ගැන හිතන්න අපේ මිනිසුන්ට වැරදිලා තියන්නේ ඔතනයි.. තාම කණගාටුයි.. ඔබතුමා 2009න් පසු උපන් කෙනෙක් වෙන්න ඇති

:       1509       1337

සේනක Friday, 30 November 2018 10:34 AM

සිසිර, ඕවා එච්චර ගණන් ගන්න එපා. ඔවුන් වගේ අය හිටිය නිසා තමයි අවුරුදු තිහක් තිස්සේ යුද්ධයක් කරන්න වුණේ.

:       427       391

DasunFriday, 30 November 2018 12:27 PM

බණ්ඩාගේ සෙවල බණ්ඩක්කා ගතිය දෙපැත්තෙන්ම වැක්කෙරෙනවා. ඔය කට කොටි බෝම්බ දානකොට කොහෙද තිබුනේ...?

:       299       496

dk Friday, 30 November 2018 10:51 AM

මේ මොකද වෙන්නේ? රජය ඉක්මණින් ක්‍රියාත්මක විය යුතුයි.

:       0       7

ප්‍රේමතිලක පෙරමුණ Friday, 30 November 2018 10:52 AM

පළමුව මේ සිදුවීමට නියම හේතුව සොයාගෙන කඩිනමින් රටේ ජනතාව දැනුම්වත් කළ යුතුයි.. ඇත්තටම හේතුව නැවත එල්ටීටීඊ සම්බන්ධයක් නම් නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ නියපොත්තෙන්ම කඩන්න ඕනෑමයි.. ඒකට ජාති, පක්ෂ භේද ගාවගන්නත් එපා..

:       0       107

Jagath Leanage Friday, 30 November 2018 11:22 AM

ඕක රනිල් අගමැති වෙච්ච කාලේ වුණා නම් අර ගොබිලෝ දෙන්නා මෙලහකට ජාත්‍යාලේ අවුස්සලා ඉවරයි. වෙලාවට මහින්දගේ කාලේ...

:       754       1143

BamunuarachchiFriday, 30 November 2018 03:51 PM

හලෝ ෙම් අයට මෙපමණ ඔලුව උස්සන්න දුන්නේ රනිල්ගේ ඊනියා සංහිදියාව. දැන් ඒ ඔලුව කරටියෙන් කඩලා පාත් කරන්න පුළුවන් පුද්ගලයාට පනදීලා ගන්න වෙනවා. එයාට තාම බලයක් නැත. අවුරුදු 4ක් කාපු රට මහින්දට සති 4ක් ගොඩගන්න බැහැ. නමුත් මාස4 කින් ගොඩදාවී...

:       185       151

Jaya Sunday, 02 December 2018 09:19 AM

මෙන්න නියම මැටි බමුණෙක්... මහින්ද ආවේ අපිට ආදරේටද? හික් හික්.. මේ වගේ දේශපාලන අවබෝධයක් නැති අය ඉන්න රටක්... ඉතින් මහින්දට තියෙන්නේ හරක් පට්ටියට රට, ජාතිය, ආගම ගැන සද්දෙන් කියන්න විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 231 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2088 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1595 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site