IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


දුමින්ද - බැසිල් හමුවෙති

 

(නාලක සංජීව දහනායක)

 

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා අතර අද (31) විශේෂ සාකච්ඡාවක් පැවැති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිවී තිබූ ගැටලූ හා ඒවා විසඳාගන්නා ආකාරය පිළිබඳව මෙහිදී දෙදෙනා දීර්ඝව සාකච්ඡා කර ඇත. නව රජය පිහිටුවීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හා පාක්‍ෂිකයන්ට යම් යම් ගැටලු ඇතිවීමෙන් තමන් කලකිරීමට පත්ව සිටින බව දුමින්ද දිසානායක මහතා මෙහිදී බැසිල් රාජපක්‍ෂ මහතාට ප‍්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.

එම ගැටලු විසඳීමට මැදිහත්වන්නේ නම් ශක්තිමත් රජයක් පිහිටුවීමට තමන් සහය පළකරන බව දිසානායක මහතා පවසා ඇතැයි වාර්තාවේ. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සාකච්ඡා කර එම ගැටලු විසඳීමට තමන් පුද්ගලිකවම මැදිහත්වන බව බැසිල් රාජපක්‍ෂ මහතා දුමින්ද දිසානායක මහතාට දැනුම් දුන් බවද වාර්තාවේ.

කොළඹ පිහිටි දුමින්ද දිසානායක මහතාගේ නිවසේදී මෙම සාකච්ඡාව සිදුව ඇති අතර මෙය පැය දෙකකට ආසන්න කාලයක් පැවැති බවද වාර්තාවේ.



අදහස් (25)

දුමින්ද - බැසිල් හමුවෙති

sirimal Wednesday, 31 October 2018 01:12 PM

ජනාධිපතිගේ කැඳවීම අනුව අද පැවැති එජනිස කණ්ඩායමේ රැස්වීමට දුමින්ද දිසානායක ඇතුළු මන්ත්‍රීවරු 11 දෙනෙකු සහභාගී වී සිටියේ නැති බවයි කියන්නේ. බැසිල් රාජපක්ෂ මහතා දුමින්දගේ ගෙදරට දුවගෙන යන්න තරම් වැඩේ දරුණුවී ඇති බවයි ඉන් ගම්‍ය වන්නේ. 113 දැනටමත් තිබෙනවා නම් තවදුරටත් ප්‍රමාද කරන්නේ මොකද කියන එකයි ප්‍රශ්නය... දැනට එජාපයෙන් මන්ත්‍රීවරු 5 දෙනෙකු මහින්දට සහය පළකර ඇත. ඔවුන් නම් විජේදාස රාජපක්ෂ, ආනන්ද අලුත්ගමගේ, වසන්ත සේනානායක, සුරේෂ් වඩිවේල් සහ දුනේෂ් ගන්කන්දය. එක්සත් ජාතික පක්ෂයේ ලකී ජයවර්ධන සහ රංගේ බණ්ඩාර මහින්ද පාර්ශවයට එකතු වෙන බවට දුෂමාන ආරංචියක් පැතිරී ඇත. යම්හෙයකින් "රනිල් යළි අගමැති වුනොත් පැය දෙකක් වත් ජනාධිපතිධූරයේ නොසිට ඉල්ලා අස්වෙනවා" යයි ජනාධිපති වරයා පැවසු බවද දැනගන්නට ඇත. "තමාට 113 හදා ගන්නට බැරි නම් අගමැතිධූරයෙන් බැස යන්න සූදානම්" යැයි මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමාට පවසා තිබිණ. හෙමිහිට මේ ගෙවෙමින් තියෙන්නේ ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන තීරණාත්මක ගනඳුරුම කාල පරිච්චේදයයි.

:       1924       2665

RubertWednesday, 31 October 2018 05:37 PM

සිරිමල්, බයිලානේ කියන්නේ. ඔක්කොම "ආරංචියි, ගම්‍යවෙන දේවලුයි, අරහෙන් මෙහෙන් ඇහුණු දේවලුයි" නේ, කිසිම සත්‍ය කරුණක් නැහැනේ ඒ කොමෙන්ට් එකේ. මහින්ද සමරසිංහ ඊයේ කතාවේදී 113 හොයන්නේ නැහැ කියලා කිව්වා ඇහුනේ නැත්ද? නොවැම්බර් 16 පාර්ලිමේන්තුව විවෘත කරනවා විතරයිලු. ඊළඟට කරන්නේ විසර්ජන පනත සම්මත කරගන්න එකලු... එජාපය-ජවිපෙ-ටී.එන්.ඒ හවුල සම්පූර්ණයෙන් විරුද්ධ වුනොත් 113කට වඩා වැඩි නිසා විසර්ජන පනත පරාද වෙනවා. එහෙම වෙනවා වගේ නම්, 113 ආණ්ඩුවට නැහැ නම්, ආණ්ඩුවේ අයත් පනතට විරුද්ධව ඡන්දෙ දීලා 113කින් නෙවෙයි 150 කින්ම එ්ක පරද්දලා.. ඒ කියන්නේ 2/3 කින් පරද්දන්න යන්නේ කියලයි විජේදාස කිව්වේ... එහෙම කරාම ජනාධිපතිට පුළුවන් පාර්ලිමේන්තුව විසිරුවන්න. විසිරෙව්වොත් පෙබරවාරියට වඩා අන්ත වෙනවා. එජාප ජවිපෙ ආසන ගණන. ඡන්දෙකින් දිනන්න බැරි ගන්කන්ද, කරු පරණවිතාන, වගේ තව අය ඕන හැටිය ඒ නිසා ආණ්ඩුවට එකතු වෙනවා. 113 ගැන බය වෙන්න ඕනේ නැහැ.

:       0       0

Sisira Wednesday, 31 October 2018 02:26 PM

දුමින්ද මෙච්චර කාලයක් කතා කලේ කොහොමද?

:       12       61

Asanka Wednesday, 31 October 2018 03:01 PM

ඔන්න හොඳ මොලයක් තියන හමුදා නිලධාරියෙක් හිටියා නම් අපේ හමුදාවේ රට ගැන ඇත්තටම කැක්කුමක් තියන.... මෙන්න මේක තමයි වෙලාව ක්ෂණික කුමන්ත්‍රණයක් මගින් හමුදා පාලනයක් ඇතිකරගන්න. ඔය එක දේශපාලකයෙක්වත් අපට විශ්වාස නැහැ.

:       909       3354

sirimalWednesday, 31 October 2018 03:38 PM

ඔතන ඔය "හොඳ" කියන එක තමා තියෙන ප්‍රශ්නය...

:       0       0

RubertWednesday, 31 October 2018 05:23 PM

වැඩිය ඉස්කෝලේ යන්න බැරිවුණාද?

:       0       0

benatWednesday, 31 October 2018 06:14 PM

අපේ රට හමුදා කුමන්ත්‍රණ වලින් අල්ලලා ගොඩ ගන්න කිසිම හැකියාවක් නැහැ මෙයා... තවත් අගාදෙට යන්න නම් ඔයාගේ කැමැත්ත, ඒ අදහස හොඳයි. ඔයා හමුදාවේද? අපේ රටේ හමුදා පාලනයක් ආවොත් ලෝකෙන්ම සම්බාධක දාපු ගමන් එක සතියෙන් රටේ ක්‍රියාකාරිත්වය ඉවරයි. තෙල් නවත්වපු ගමන් ඔයාට වෙන්නේ හේන් කොටන්න තමයි. ඊට අමතරව තමිල් නාඩුවේ මූලිකත්වයෙන් ඉන්දියාව මොනවා කරයිද? යුද්ධයක් දිනුවා කියලා දැනටමත් හමුදාවට සලකනවා හොඳටම වැඩියි. ඔයා දන්නවද එක නිලධාරියෙක්ට සියලු දීමනා සමග කීයක් ලැබෙනවද කියලා. තාම යුද්ධය කාලේ හිටපු නිලධාරීන් සහ සොල්දාදුවෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා සේවයේ... යුද්දේ දිනුවට පස්සේ ඔවුන්ගේ පඩි සහ දීමනා ගොඩක් වැඩිවුණා. කොටින්ම යුද්දේ කාලේ ගිය යුද වියදමට වැඩි වියදමක් දැන් යුද්දේ නැතුව යනවා.

:       0       0

PereraWednesday, 31 October 2018 06:40 PM

ඔබ හමුදා පාලනයක් තිබුණු රටක ජීවත් වෙලා තියෙනවද? ඒ ක්‍රමය හොඳයි කියන්න..?

:       0       0

sandyWednesday, 31 October 2018 07:20 PM

අපේ අවාසනාවට එ්කත් දේශපාලනීකරණය වෙලා.

:       0       0

ගයාන් ප්‍රියන්තThursday, 01 November 2018 04:35 AM

ලංකාවේ එහෙම කරන්න බෑ මහත්තයෝ. ලංකාවේ හමුදාපති කෙනෙක් නෑ. ඉන්නේ ත්‍රිවිධ හමුදාපතිවරු. හමුදා බලය කෑලි වලට කඩලා තියෙන්නේ. කාටවත් තනි තීරණ අරන් එහෙම කරන්න බෑ. ලංකාව දේශපාලනව අස්ථාවර වෙච්ච කිසිම වෙලාවක එහෙම දෙයක් නොවුනේ ඒකයි.

:       17       13

Amila Wednesday, 31 October 2018 03:23 PM

බලන් ගියහම ඇමරිකවේ පුරවැසියෙක් නේ මේ ගේම් ගහන්නේ.

:       0       0

ERMI Wednesday, 31 October 2018 03:35 PM

කොහොමද චන්ද්‍රිකා නෝනාගේ වැඩ !!

:       0       0

මානෙල් Wednesday, 31 October 2018 03:54 PM

නව අගමැතිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීම සදහා වන කටයුතු මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් භාරව සිටින්නේ බැසිල් රාජපක්ෂ වන අතර මේ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින පාර්ශවයන් මුළුමනින්ම දිනාගැනීමට නොහැකි වීම ඔවුන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී ඇත. ශ්‍රීලනිප ආසන සංවිධායකයින් සමඟ ජනාධිපති පැවැත්වූ රැස්වීමෙන් අනතුරුව පැය 3කට අධික කාලයක් දුමින්ද හා බැසිල් අතර වන සාකච්ඡා පැවැත්වී ඇති අතර එහිදී දුමින්ද විසින් ඉදිරිපත් කළ කරුණු වෙත බැසිල් රාජපක්ෂ එකඟත්වය පළ කොට නොමැති බවද වාර්තාවේ. එහිදී දුමින්ද විසින් "පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යන්නේ නම් තරග කරන්නේ ශ්‍රීලනිපය ප්‍රමුඛ සංධානයෙන්ද පොහොට්‍ටුවෙන්ද" යන්න විමසා ඇත. එසේම සංවිධායකයන් පත් කිරීමේ ගැටලුව, පළාත් සභා මැතිවරණයේදි දෙපාර්ශවයට ලැබෙන නාම යෝජනා ප්‍රමාණ ආදී ගැටලුවලට බැසිල් පිළිතුරු දී නැති අතර ඔහු අවධාරණය කර ඇත්තේ මහින්ද මහතාට සහය වීමට පොරොන්දු පත්‍රයක් අත්සන් කර දුන්නාට පසුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කළ හැකි බවයි.. එහෙත් ඊට දුමින්ද ඇතුලු කණ්ඩායම එකඟ වී නැත.

:       0       0

Amila Wednesday, 31 October 2018 06:22 PM

මේවට ඉස්සෙල්ලා රටේ ප්‍රශ්නය විසඳන්න ඕනෙ නේද? දැන් අමරවීර මහත්තයා කිව්ව විදියට එක්සත් ජනතා නිදහස් සංධානය නේද ජාතික ආණ්ඩුවෙන් ඉවත් වුණා කියලා කතානායකට දැනුම් දුන්නා කිව්වේ... ඒත් ගිවිසුම අත්සන් කරේ එකසත් ජාතික පක්ෂය සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය අතර මිසක් එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ක නෙවෙයි නේද? ඒක නිසා තවමත් එම ගිවිසුම අවලංගු වෙලා නෑ නේද? එතකොට මහින්දගේ පත්වීමත් එහෙම බැලුවොත් වලංගු නෑ නේද? ඒක නිසා වෙන්න පුලුවන් රනිල් තවමත් අගැමති කියලා කියන්නේ. පොඩ්ඩක් හොයලා බලන්න.

:       0       0

IRON Wednesday, 31 October 2018 07:08 PM

දුමින්ද තාත්තාව අමතක කරලා අතීතය වළලලා පාක්ෂිකයෝ විඳි දුක් අම්මා, සහෝදර, සහෝදරයෝ විඳි දුක් අමතක කොට අද ඉපදුනු දුමින්ද කෙනෙක් වීම දෛවයේ සරදමක්ද?

:       0       0

kamil Wednesday, 31 October 2018 07:09 PM

රාජපක්ෂලා ඉදිරියේ දුමින්ද දණගස්සවයිද?

:       0       0

kamalaani Wednesday, 31 October 2018 07:10 PM

මුළු ජීවිතේම පාවා දෙන්නද යන්නේ?

:       0       0

Wasantha Wednesday, 31 October 2018 07:29 PM

අසංක වගේ මොලේ අවුල් අයට වටිනවා.

:       0       0

Sathyapala Wednesday, 31 October 2018 11:25 PM

සල්ලි දීලා බිලිබාගන්න යන්න ඇති...

:       0       0

dhammika perera Thursday, 01 November 2018 01:37 AM

දුමින්ද, ඔබතුමා සතාව හොඳට අදුරනවා ඇති... කරන්න තියෙන දේ හරියට කරන්න. මුන්ව කිසිසේත් විශ්වාස කරන්න එපා. බලයට එන්න ඕන දෙයක් කරයි. බලයට ආවට පස්සේ සොරි තමයි. මංගල, ටිරාන්, ශ්‍රීපති එලියට දැම්මේ වැඩේ කරගෙන,... ශ්‍රීපති ජීවිතෙන් වන්දි ගෙව්වේ... ප්‍රනාන්දුපුල්ලේ, ප්‍රභාකරන් අමතක කරන්න එපා... බල්ලොත් එක්ක නිදාගත්තොත් අඩුගානේ මැක්කොත් එක්ක හරි නැගිටින්න පුළුවන්... නමුත් මේ අය එක්ක නිදාගත්තොත් ආයිත් නැගිටින්න ඔයා ඉතුරුකරන්නේ නෑ.

:       0       0

Kumara Thursday, 01 November 2018 02:55 AM

අපිට කිසිම කෙනෙක් විශ්වාස කරන්න ඕනේ නැහැ.

:       0       0

Saradiyel Thursday, 01 November 2018 02:55 AM

දුමින්දට හොද අනාගතයක් තියෙනවා. රාජපක්ෂ පවුලෙන් පිට කිසිවකු මීට පසු ශ්‍රීලනිපයේ නායකත්වයට පත්වන්නේ නැහැ. යූඑන්පියට එකතුවී රටට වැඩක් කරන්න. රාජපක්ෂ සමග සිටින සැමටම නඩු තිබෙනවා. ස්වභාවධර්මයගෙන් හෝ ඔවුන්ට දඬුවම් ලැබෙනවාමයි.

:       0       0

gunarathna Thursday, 01 November 2018 03:39 AM

දුමින්ද මහත්තයෝ දේශපාලනය කරනවා නම් මහින්ද එක්ක වැඩකරන්න. කටු කකා ඉන්ට ඕනෙනම් රනිල් එක්ක වැඩකරන්න. හැමෝම දන්නවා ඔබතුමා කලකිරිලා ඉන්නේ මෛත්‍රීට දෙවෙනිපාර ඉල්ලන්න මහින්ද ඉඩදෙන එකක් නැහැ කියලනේ... ඔබතුමා බලන්න ඊළඟ ජනාධිපති මෛත්‍රීම තමයි. මහින්ද සම්පූර්ණ බලය යොදවලා මෛත්‍රීව ජනාධිපති කරනවා. හේතුව ඊළඟ පාර්ලිමේන්තුවේ වැඩිම බලය තියෙන්නේ අගමැතිට. ඒක විධායක බලයට වඩා බලගතුයි.

:       0       0

PA - RA Thursday, 01 November 2018 03:40 AM

මෙයාලා එකාටඑකා බැන බැන රට රවටනවා.

:       0       0

malraj Thursday, 01 November 2018 03:44 AM

ජනාධිපතිගේ කැඳවීම අනුව අද පැවැති එජනිස කණ්ඩායමේ රැස්වීමට දුමින්ද දිසානායක ඇතුළු මන්ත්‍රීවරු 11 දෙනෙකු සහභාගී වී සිටියේ නැති බවයි කියන්නේ. බැසිල් රාජපක්ෂ මහතා දුමින්දගේ ගෙදරට දුවගෙන යන්න තරම් වැඩේ දරුණුවී ඇති බවයි ඉන් ගම්‍ය වන්නේ. 113 දැනටමත් තිබෙනවා නම් තවදුරටත් ප්‍රමාද කරන්නේ මොකද කියන එකයි ප්‍රශ්නය... දැනට එජාපයෙන් මන්ත්‍රීවරු 5 දෙනෙකු මහින්දට සහය පළකර ඇත. ඔවුන් නම් විජේදාස රාජපක්ෂ, ආනන්ද අලුත්ගමගේ, වසන්ත සේනානායක, සුරේෂ් වඩිවේල් සහ දුනේෂ් ගන්කන්දය. එක්සත් ජාතික පක්ෂයේ ලකී ජයවර්ධන සහ රංගේ බණ්ඩාර මහින්ද පාර්ශවයට එකතු වෙන බවට දුෂමාන ආරංචියක් පැතිරී ඇත. යම්හෙයකින් "රනිල් යළි අගමැති වුනොත් පැය දෙකක් වත් ජනාධිපතිධූරයේ නොසිට ඉල්ලා අස්වෙනවා" යයි ජනාධිපති වරයා පැවසු බවද දැනගන්නට ඇත. "තමාට 113 හදා ගන්නට බැරි නම් අගමැතිධූරයෙන් බැස යන්න සූදානම්" යැයි මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමාට පවසා තිබිණ. හෙමිහිට මේ ගෙවෙමින් තියෙන්නේ ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන තීරණාත්මක ගනඳුරුම කාල පරිච්ඡේදයයි...

:       22       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

වාසි බලාගෙන පුංචි ආණ්ඩු හදන්න එකතු වෙන්නේ නෑ
2025 මැයි මස 10 893 1

විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා උදව් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජ


වැවට වැටුණු හෙළිකොප්ටරයේ ඉන්ධන ඉවත් කරන්න සැරසේ
2025 මැයි මස 10 845 0

මාදුරුඔය ජලාශයට කඩා වැටුනු හෙලිකොප්ටරයේ ඉන්ධන වැව පුරා විසිරිම වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.


ඩෙංගු -චිකුන්ගුන්යා මඩින්න සෞඛ්‍ය බලධරයෝ රැස් වෙති
2025 මැයි මස 10 152 0

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තා වීම වැඩිවීමේ අවදානම පිළිබඳව කරුණු සොයා බැලීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ කැඳවී


ජනපති කාර්යාලයේදී වෙසක් බැති ගී දින හතරක්
2025 මැයි මස 10 136 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ


ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ
2025 මැයි මස 10 551 2

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්


පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 1987 6

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 554 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1378 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 353 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site