(හර්ෂණ තුෂාර සිල්වා)
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා පාර්ලිමේන්තුව කැඳවන්නැයි ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අවධාරණය කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් යන මහත්වරුන් අතර පැවැති දුරකතන සංවාදය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ බව සඳහන් කරයි.
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන ලද්දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තමන්ට පැවැරී ඇති බලතල අනුව බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහලේකම්වරයාට දැනුම් දුන් බව එම දුරකතන සංවාදය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ජනාධිපතිවරයා සහ මහලේකම්වරයා අතර සංවාදය මිත්‍රශීලිව පැවැති බව ද එම නිවේදනයේ සඳහන් විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
“මහලේකම්වරයා නොවැම්බර් 1 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ දුරකතන සංවාදයක නියැළුණා.
තමන් ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනය තත්ත්වය සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින බවත් ඇති ව තිබෙන අර්බුදය සියලු පාර්ශව හා පක්ෂ සමඟ සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට සහයෝගය දීමට සූදානම් බවත් මහලේකම්වරයා ජනාධිපතිවරයාට දැනුම් දුන්නා. සාමය, ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍යයට ගෞරව කිරීම සුරක්ෂිත කිරීමේ රජයේ වගකීමක් බවත් මහලේකම්වරයා එහිදි පෙන්වා දුන්නා.
පාර්ලිමේන්තුව කැඳවා පාර්ලිමේන්තු ක්‍රියාදාමය අනුගමනය කරමින් කඩිනමින් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පවත්වන්නැයි මහලේකම්වරයා එම දුරකතන සංවාදයේදී ජනාධිපතිවරයාට අවධාරණය කළා. ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවලට අනුව මානව හිමිකම්, යුක්තිය සහ සංහිඳියාව සම්බන්ධයෙන් දුන් පොරොන්දු හා එම බැඳීම් හා වගකීම් ඉටු කිරීම සම්බන්ධයෙන් අවධානය කළ යුතු බව ද මහලේකම්වරයා එහිදි ජනාධිපතිවරයාට කියා සිටියා”.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහලේකම්වරයා කිව්ව දේවල් අපේ ජනාධිපතිතුමාට සිංහලට පරිවර්තනය කරලා දෙන්න. වැරදියට තේරුම් ගත්තොත් මළකෙලියයි.
තදබල ලෙස අවවාද කළ බව ප්‍රකාශයේ කොහෙද තියෙන්නේ..?
එයා අපි පඩි ගෙවන සේවකයෙක් නේද?
ජී.එස්.පී සහනය නැතිවෙන ළකුණු...
ඕං අපි ඉල්ලන් පරිප්පු කන හැටි...
මහින්ද අකුලාගෙන යන හැටි බලන්න ආසයි..
මම දන්නා විදියට නම් ලංකාවේ පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් ලංකාවේ ජනාධිපතිට...
කෝ... ගෝඨා... මොනවත් නැද්ද කියන්න...?
සතියක් තිස්සේ මේවා අහලා එපාවෙලා. දැන්වත් මේකේ ඉවරයක් දකින්න විදිහක් නැද්ද? එජාපය ඉගෙනගන්න ඕනේ ලංකාවේ ඉන්න අයගේ හැටි. එහෙම වුනානම් අද මාධ්‍ය වලින් එජාප තොරතුරු වාර්තා කරනවා. දැන් ඒ අය උන්නද මලාද කියලවත් මාධ්‍යකින් දැනගන්න බැහැ. මහින්ද ආපු ගමන් කරපු මාධ්‍ය වෙනස්කම් කොහොමද? 2015 ට කලින්වගේ නේද?
දේසපාලුවන්ගෙ පටු අරමුණු සහ ආත්ම ලාභය සදහා සියලුම පුරවැසියන්ට වන්දි ගෙවන්න කාලය ඇවිත්. ඔය එක එක්කෙනාට කඩේ යන පාට කන්නාඩි දාපු අයත් තේරුම් ගනීවි තමන්ගෙ කෙනෙකුට ඕන කරන බෙහෙතක් එහෙම හොයා ගන්න නැතුව පිටරටින් ගෙන්නන බැරි උනාම.
මේ වගේ විදේශ බලවේග වලට දැන් තමයි ඕව කියන්න මතක් වෙලා තියෙන්නේ. ඡන්ද දිගින් දිගටම කල් දාන කොට, විපක්ෂ නායකකම මන්ත්‍රී වරු 16 ක් හිටපු පක්ෂෙට දෙන කොට මේ අය නිදි. මොනව උනත් මේව කිවුව කලා කියඡ මහින්දව යවන්න බෑ. මේවට ලෑස්ති වෙලා තමයි මේ ආණ්ඩුව පෙරළුවේ. කොහොමත් ඉදිරි වසර ඇතුළත මහ ඡන්දෙ ගේනවා මේ ආණ්ඩුව වගේ කල් නොදමා. ඉස්සෙල්ලම පලාත් සභා එනවා. බහුතරයක් මිනිසුන් මේ වෙලාවේ ඉන්නෙ මහින්ද එක්ක. මහින්ද කෙලින් හරි විදියට රට ගැන හිතල වැඩ කලොත් කාලයක් රට පාලනය කරයි. යුද්ධය දිනුවට පස්සෙ කරන්න තිබ්බ අවස්ථාව ආයේ ඇවිත් තියෙන්නේ. දවල් වැටුන වලේ ආයෙමත් නොවැටේවා කියල ප්‍රාර්ථනා කරනවා.
චන්ද්‍රිකා 2002 මාස තුනක් පාර්ලිමේන්තුව කල් දානකොට ප්‍රේමදාස පාර්ලිමේන්තුව කල් දාන වෙලාවේ අපේ මිනිස්සු කතා කලෙත් නැහැ එ.ජා. සංවිධානය කතා කලෙත් නැහැ. මොකද දැන් ? අපිට වුවමනා විදිහට වැඩකරමු.
අමෙරිකාව ඉරාක් වලට සහ ලිබියා වලට ගහලා එම රටවල් අකර්මන්‍ය කරනකොට ඔය එක්සත් ජාතීන් කොහෙද හිටියේ ?
ඒ අය කියන විදියටද අපි වැඩ කල යුත්තේ .... මේක ස්වාධීන රටක්නේ...
වියවස්තාවට අනුව නම් ඇයි මෙතරම් බය පාර්ලිමේන්තුව කැදවන්න.
අකුලාගෙන යන එකට මිනිස්සු 4506ක් කැමැතියි.
යූ.එන් එක රටවල් වල අභ්‍යන්තර දේවල් වලට ඇඟිලි ගැසීම වැරදියි.
මේ පිටරට මිනිසුන්ට තමන්ගේ වැඩක් බලා ගන්නම බැරිද? මොකේ ගායද? මොකද ශ්‍රි ලංකාව ඒ අය කුලියට අපට කුලියට දීපු එකක්ද?
ශ්‍රී ලංකා ජනාධිපති සිරිසේන එක්සත් ජාතීන්ගේ සංවිධානයට පසුගිය වසර කිහිපයේම ගොස් ලෝකයේ රාජ්‍ය නායකයන් ඉදිරියේ මහා ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යයට ගෞරව කිරීම සුරක්ෂිත කිරීම ගැන පුරසාරම් කියූ සිරිසේන පසුගිය සතියේ කරන ලද ප්‍රජතන්ත්‍ර විරෝධී ක්‍රියාව ලෝකයම මේ වනවිට හෙළා දැක ඇත... ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාව සම්බන්ධව පුළුල් ප්‍රචාරය ලබාදී තිබේ. 2015 ජනවාරි 8 වැනිදිනෙන් පසු ජාත්‍යන්තර සම්බාධකවලට ලක්ව තිබූ ජීඑස්පී ප්ලස්, මත්ස්‍ය තහනම සහ තවත් බොහෝ ජාත්‍යන්තර මැදිහත්වීම් ඉවත්කර ලෝකය විසින් කොන්කර තිබූ ලංකාව නැවත ලොවට එකතු කිරීමට මූලිකව කටයුතු කරන ලද්දේ අගමැතිවරයාය. මෙවැනි ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාවන් නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය, නේටෝ සහ වෙනත් ජාත්‍යන්තර සංවිධාන වල සාමාජිකත්වයෙන් පවා ලංකාව ඉවත් කිරීමට ඔවුන් කටයුතු කරනු ඇත. ජනාධිපති පසුගිය සතියේ කරන ලද ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාව ලෝක නායකයන් විසින් හෙලා දැකීම පමණක් නොව ප්‍රතිපත්තින් නොමැති නායකයන් ගේ අදුරදර්ශී බලලොභී ක්‍රියාවන් නිසා ලංකාවේ සිටින ජනතාවට සහ රටේ අනාගතයට කුමක් වේද?
අපේ රටට අනිත් අයට ඇඟිලි ගහන තැනටම ඇදලා රට කැඳ හැලියක් කලා.
හැමෝම කියන්නේ පාර්ලිමේන්තුව රැස් කරන්න කියලා. එය ඉතාම සුළු වැඩක්. එදාට අවිනිතව හැසිරෙන්නේ නැතිව විනීත මිනිසුන් වගේ හැසිරිලා තීන්දුවක් අර ගත්තහම ඔක්කොම ඉවරයි. දියුණු වන ලෝකයට අපි ආදර්ශමත් වෙන්න ඕනේ.
අවවාද දෙන්න අපේ කට්ටිය පොඩි ළමයිද....
ශ්‍රී ලංකාව තියෙන්නේ ලෝකය තුල බවත්, ලෝකය තියෙන්නේ ශ්‍රී ලංකාව තුල නොවන බවත් බොහෝ දෙනාට තවම හරි හැටි වැටහී නැති බවයි මෙතන තියෙන බොහෝ අදහස් වලින් පෙනී යන්නේ.
අපේ රට අප්‍රිකානු ගෝත්‍රික රටක තත්වයට පත්වී ඇත.
මන්ත්‍රීවරු අරගෙන ගාන හරි ගියාම පාර්ලිමේන්තුව කැඳවයි
ලංකාවේ ඡන්ද නොතියා කල් දමමින් ජනතා පරමාධිපත්‍යයට ඉඩනොදී ඉන්න කොට ජාත්‍යන්තර ප්‍රජාව කියන කට්ටියයි, ඔව්න්ට ආවඩන එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන ආයතනයයි නිදගෙනද ඉන්නේ?
දැනටම පාර්ලිමේන්තුව කැඳ හැලියක් වෙලා තියෙන්නේ. ආයි කැඳ වෙන්න දෙයක් නැහැ.
ජනාධිපතිතුමා කලේ හරිම දෙයක්... එහෙම නොකළානම් ජෙනිස්ලා වගේ අයට අකුලාගෙන තමයි යන්න වෙන්නේ.. .