(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද අරලියගහ මැදුරේ පැවැති මාධ්‍ය හමුවකදී ජනමාධ්‍යවේදීන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවසීය.
‘‘එක එක යෝජනා එනවා. ඔක්කොටම කළින් පාර්ලිමේන්තුව කැඳවන්න කියලයි අපි ඉල්ලන්නේ.‘‘ යයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙරුවන් සරණයි ....!!!
ජන මතයට පිටු පා ව්‍යවස්ථා විරෝධීව කටයුතු කිරීම ගැන ඔහුට දෝෂාභියෝගයක් ගෙනායුතුයි. මෙතෙක් ඔහු කටයුතු කර ඇත්තේ හිටපු ජනාධිපතිගේ රූකඩයක් ලෙස බව පැහැදිලියි.
නියමයි...
ජනාධිපතිව පත් කරන්නේ ජනතාවනේ. ජනාධිපතිට මොකටද පාර්ලිමේන්තුවේ විශ්වාසයක්? ප්‍රජාතන්ත්‍රය කතා කරන අය විධායකය මොකක් කියලා හිතන් ඉන්නවද දන්නේ නැහැ? ඔක්කොම පාර්ලිමේන්තුවට ඕනේ විදියට වෙන්න ගියොත් ප්‍රජාතන්ත්‍රය කියල කතා කරන්නේ මොකක්ද?
ඕකට මහින්ද කල්ලිය සහයෝගය දුන්නත් පුදුම වන්න එපා..
විශ්වාස භංගයක් ගෙනැල්ලා නොවෙයි පන්නන්න ඕනෑ. මඩු වලිගයෙන් ගහලා පන්නන්න ඕනෑ කරපු පහත් හා නින්දිත වැඩේට. මේ වගේ කෙනෙක්ව රටේ ජනාධිපති කරලා රටට වූ විනාශය කියලා නිම කරන්න බැරි තරම්...
මට නිකන් හිතෙනවා මෛත්‍රීපාලට මානසික ලෙඩක් කියලා. පේන විදියට සිසොෆ්රෙනියා...
දැං මඩු වලිගෙන් ගහන්ඩ ඕනේ තමුන්ට ජනාධිපති අපේක්ෂකයෙක් නැතුව අස්සෙ හැංගිලා මේ රට අගාධයකට ඇදලා දාපු අයට නේද?
ඒ එක්කම මේ පනින රිලව් ගැන බලා ගන්න.
අපූරුවට පොරොන්දු ඉටු කරලා සාධාරණ සමාජයක් හැදු යුග පුරුෂයා, එලවන්න නම් එපෝ..!!!
කැතම ගතිගුණ තිබෙන්නේ.. හැම පත්වීමක්ම කෙරුවේ හොර රහසේ. ගෙවල් ගානෙ ගියේ ඕකට වෙන්න ඇති. අරගන ගිහින් කුඹුරේ හිටෙව්වත් වැඩක් නැහැ. එක කුරුල්ලෙක් බය නැහැ. ජනතාව නැවත යම රජ්ජුරුවන්ගේ පාලනයට දෙන්නේ නැහැ කිව්වා. මෙයත් අඩි 6ක් යටට යයි කිව්වා. දැන් ලොකුම හොරාට දුන්නා. අගමැතිකම ජනතාව ගැන හිතුවා නම් මෙහෙම කරයිද? විශ්වාස භංග අවශ්‍ය නැහැ. ඉල්ලා අස්වෙන්න මෙයාව... තියන් හිටියොත් පාකිස්ථානයට මුළු රටම ලියල දීලා. හොර රහසේ පොළොන්නරුවට ගිහින් හැංගිලා ඉඳියි..
ගමරාලටත් ජනාධිපති උණ වැලඳුනා වගෙයි..
වසර 40ක පමණ දේශපාලන ඉතිහාසයක් පමණක්ම තිබෙන ව්‍යවස්ථාවෙන් තමන්ට කළහැකි නොහැකි දෙයවත් හරිහැටි නොදන්නා, ප්‍රතිපත්තියක් නොමැති රටක අනාගතයක් ගැන නොසිතන ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්ද කියා නොදන්නා, ජාත්‍යන්තර සමුළුවලදී පමණක් මහා ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන පමණත් කතාකරන බම්බු දේශපාලකයන් රටක නායකත්වය හොබවනවිට රටක් දියුණු කරන්නේ කෙසේද? රාජ්‍ය නායකයකුට අත්‍යාවශ්‍යෙයන්ම තිබිය යුතු උගත්කමක් බුද්ධියක් සහ දුර දක්නා නුවණත් තිබෙන දූෂකයින් සමග කුමන්ත්‍රණ නොකරන ශක්තිමත් ජනාධිපතිවරයකුගේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාවට හොඳින් දැනෙමින් තිබේ. එම මහඟු අවස්ථාව අද වනවිට එක්සත් ජාතික පක්ෂයේ දොරටුවට පැමිණ තිබේ.
ඉතාමත්ම වැදගත් යෝජනාවක්... එසේ නොමැති වුවහොත් මෙවැනිම දෙයක් අනාගතයේදීත් සිදුවෙයි. සර්පයා හඳුනාගෙන කටයුතු කිරීම කා හටත් යහපතක්.
මඩුවලිගෙන් ගහන්න ඕනේ අපිට. මහජනතාවට. මේ වගේ මී හරක් 226 කට ඡන්දෙ දුන්නාට. කොච්චර කිව්වත් ඊළඟ ඡන්දෙටත් එන්නේ මේ මී හරක් වර්ගයම තමයි. අනේ අපේ රටට ගිය කලක්. ලංකාව නම් කවදා හැදෙයි ද මන්දා.
මුලින්ම කියන්න ජනාධිපති කෙනෙක්ට විරුද්ධව විශ්වාසභංගයක් නෙවෙයි දෝෂාභියෝගයක් ගේන්න කියලා... දෝෂාභියෝගයක් යනු දේශපාලන වංකගිරියකි. එ්නිසා එමගින් ජනාධිපති ඉවත්කිරීම සිහිනයක් පමණි.
බුදු හිමියන් බුද්ධත්වයට පත්වී දෙවන සතියේම තමන්වහන්සේට බුදුවීමට සෙවනදුන් බෝධීන් වහන්සේට සතියක් පුරා ඇසිපිය නොහෙලා අනිමිස ලෝචන පූජාව කළා. අපේ ජනාධිපතිට 2015 දී ජනාධිපති වීමට උදව්දුන් එ.ජා.ප නායකයා එලවා දැම්මා. බුදුදහම ප්‍රධාන ආගම වන අප රටේ (කළගුණ සැලකීම) බුදු දහම පිරිහීයාම කොහොමද?
කිසිම පෞරුෂයක් නැති කෙනෙක් රජකරවීමේ විපාක විඳින්න වෙලා..
තමන්ගේ ආණ්ඩුව ගලවලා විසි කරනකන් බලන් හිටපු ඒජාපයට ඕකත් කරගන්න බැරිවෙනවා. ඇත්තටම හරි හමන් බුද්ධි අංශයක් නැති රනිල් වගේ හිටපු අගමැති කෙනක් රටට අති භයානකයි. මොකද පිට රටකින් හරි රට අල්ලගත්තොත් නිකන් බයිලා ගහගහ ඉඳීවි.
දින 100 දන්නේ නැහැ කියපු කෙනානේ...
ජනාධිපතිට විරුද්ධව ගේන්න ඕනෑ දෝෂාභියෝගයක් මිස විශ්වාසභංගයක් නොවෙයි...
එතකොට මහින්ද මහතා නිකන්ම ජනාධිපති. රනිල් මහතා එ්කට මොකද කරන්නේ?
විශ්වාසය මත පදනම්ව, ඡන්දය ලබාදුන් ජනතාවට හෙළුව පෙන්වා සමච්චල් කරන යුගයක, කාපු පතේ පැහැරීම ප්‍රජාතන්ත්‍රවාදය වූ රටක, තම බලය, තම විරුද්ධවාදියාවම බලයට ගෙන ඒම උදෙසා, වෙනසක් සිදු කරන අවධියක, මේ සිදුවෙන ජන්මයෙන් ලද හැකියාවෙන් කරන විප්ලවයට, "හූවක්" කියා එකතුවීම හැර වෙන මොනවා කරන්නද? ජයවේවා!!
උඩරට ගිවිසුමට පස්සේ ඇතිවුණු මහා පාවාදීම...
විශ්වාස භංගය එජාපෙන් ගෙනාවිට එයට මහින්දගේ කණ්ඩායමත් ඡන්දය දී සම්මත කරගත්විට වර්තමාන ජනාධිපති තනතුරෙන් විසිවෙනවා. එවිට ව්‍යවස්ථානුකූලව අගමැතිවරයා ජනාධිපති වෙනවා. දැන් පෙනේද යන්නේ කොහාටද කියලා?
ඔය ගන්නා ක්‍රියාමාර්ගය..... කරවල කෑල්ලක් අරන් දුවන බල්ලෙකුට උම්බලකඩ පොල්ලකින්ග් ගැහැව්වා වගේ වැඩක් ..
හිත් වේදනාවට කියන කතා, බහුතරය පෙන්විය නොහැකි එජාපය, 2/3 බලයක් පෙන්වන්නේ කොහමද?
ගුණමකුවන් ගැන කවි ගී ලියවුනා මඳි....!
රනිල් එපා මහින්ද එපා මෛත්‍රී කොහෙත්ම එපා. අලුත් නායකයෙක් රටට අවශ්‍යව ඇත. පක්ෂ පාට ජාති නොබලා අලුත් නායකයෙක් පත් කරමු
මං හිතන්නේ එජාපයේ උදවිය මේකට කරදර වෙන්න ඕනෑ නැහැ. මහින්ද මහතා අගමැති වී පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වූ සැනින් ජනාධිපතිතුමාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන බව මට නම් විශ්වාසයි.
සර්පයා තන්ගේම වලිගය ගිල්න්න පටන් ගත්තොත් .. ඌට ආයේ බඩ ගාන්නවත් කෙලින් වෙන්න වත් බැහැ .. වමාරන්නේ නැතුව. රට හොරුන්ගෙත් හොරුන්ට යනවා. අපි කබලෙන් ලිපට. ඕන එකෙකුට ජය වේවා!
ලංකාව අවුල් තත්වයට පත්කළ ජනාධිපති ගෙදර යවන එක තමා හොඳ... මොනම ව්‍යවස්ථාවකවත් මෙවැනි වගන්තියක් ඇතුලත්වී ඇත්නම් එය වෙනස්කරන්න. හරියට අලිමදිවට හරක් එකතුවුනා වගේ.
අපේ ඡන්දෙන් ජනාධිපති වුණේ... අපි එජාපෙ මිනිස්සු ඡන්දෙ දුන්නේ පල්හොරුන්ට විරුද්ධව, නිදහස වෙනුවෙන්.. අද බලය වෙනුවෙන් ඒ පල්හොරු රැළ එක්කම එක්වෙලා... මින් පස්සේ රටේ නීතියක් නැහැ. ජනාධිපතිත් රාපක්ෂලාට ඕනෙ ලෙස වැනෙන පතෝල කරලකි. මිනිස්සු ඡන්දෙ දුන්නේ පල්හොරු එක්ක එකතුවෙන්නද? නැවත ඡන්දයක් එනකම් අපි බලා ඉන්නවා ඔබට සලකන්න. පොළොන්නරුවෙන් මොහු ගෙදරම තමයි. ප්‍රාදේශීය සභාවකටවත් වද්දගන්න එපා. සෝභිත හිමියන්ගේ ආදාහනය දවසේ මොකක්ද කිව්වේ? දෝෂාභියෝග ගැන එපා... ඒවා ප්‍රායෝගික නැති දේවල්...
මෙයත් විමල් 8 පාස් වගේ එවැනි කෙනෙකු ගෙන් අපිට මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ වැඩේ කියන්නේ මෙයා දැනට මාස දෙකකට කලින් කිව්වේ මොනවද කියල ආපස්සට හැරිලා බැලුවොත් . මෙයා වගේ ජනාධිපති කෙනෙක් ලංකාවේ ඉඳල නැහැ ඉන්න එකකුත් නැහැ............
දෝෂාභියෝගයක් ගෙන්න ඕන හරි හමත් සිහියක් නැතිව කතිරය ගහපු අපිටමයි.
අගමැතිකම අරගෙන ඉස්සෙල්ලම මහා බැංකුව හොරකාවනම් ජනාධිපතිකම ලැබුණ නම් ........
අහිංසක යෝජනාවක්...........
අපේ ඡන්ද බලය යනු කිසිම තේරුමක් නැති දෙයක් බව තේරුම් ගන්න මේක හොද අවස්ථාවක් . අපි මහා ලොකුවට හිතුවට ජනතා පරමාධිපත්‍ය කියල දෙයක් ලංකාවේ නෑ. බල අරගලයක් සහ නාට්‍ය රගදක්වීමක් පමණි
ජනාධිපති බය වෙලා ඉන්නේ. පාර්ලිමේන්තුව කල් තැබුවේ එකට තමා. අපි තවමත් පිලි ගන්නේ ගරු රනිල් වික්‍රමසිංහ මේ රටේ අගමැති කියලා. දේශපාලන විවේචන තිබුනට පිළිගත් සම්ප්‍රධායක් තියෙනවා. ජනතාවගේ ඡන්දය මොකටද මෙවෙන් දේවල් කරනවානම්. මුලින් පැරදුන අපේක්ෂකයෝ මන්ත්‍රීධූර වලට දානවා. දැන් තව එකක්. මේ වලට මොවුන් විතරක් වන්දි ගෙව්වට කමක් නැහැ. අපිවත් ඒ නාරා වලට ඇදලා දානවා.
මු වගේ අයෙක්ට බුවල්ලෙන් තැලීම බු වල්ලටත් කරන අපහාසයක්.
ශ්‍රී ලංකාවේ වර්තමාන සියලු දේශපාලකයෝ දූෂිත බව ජනතාව හොඳින් දන්නා කරුණකි. සමහර දේශපාලකයෝ ප්‍රසිද්ධියේ දුෂිත නොවන හොරකන් නොකරපු දේශපාලකයෙක් පෙන්වන්නයි ජනතාවට අභියෝග කරන්නේ ලැජ්ජාවක් නොමැතිවය. එහෙම දේශපාලනයක් තියෙන මේ රටේ හොරුන් අතරින් කාලයට හා තමාගේ ඉදිරියට ගැලපෙන හොඳම හොරා තෝරා ගැනීම තමයි සිරිසේන කරලා තියෙන්නේ. සිරිසේන මුහුණ දීලා හිටියේ ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වැනි තත්වයකට. මේ අවස්ථාවේ මහින්ද හැර වෙන කිසිවෙක්ව අගමැති කළා නම් මහින්ද සහ රනිල් එකතු වී සිරිසේනව කන එක ඒකාන්තයි. ඒ නිසා විසෙන් විස නසී යන්න අනුව යමින් මහින්දව අගමැති කිරීම හැර සිරිසේන ට වෙන විකල්පයක් නැත.එහෙත් මෙම පත් කිරීම අනාගතයේ දී කොටි වල්ගය අල්ල ගත්තා වගේ වීමට ඉඩ ප්‍රස්ථා තිබෙන බව සිරිසේන නොදන්නවා නොවිය හැක.
පොළොන්නරුවේ පොඩි විජයගේ මයිලක් තරම් වටින්නේ නැහැ. ගමට එන්න දෙන්නේ නැහැ. අද හිටියා නම් ගම කෑවා කියලා මහින්ද කලින් කරන්න ගිය දඬුවම දෙයි මල්ලි. නැති වුනෙත් පාවාදෙන්න ගිහින් නේද?