නිමන්ති රණසිංහ
පස්වරු 6.00
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් හිටපු ඛනිජ තෙල් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතාට ඇප ලබාදීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (29) නියෝග කළේය.
ලක්ෂ පහක ශරීර ඇපයක් මත ඔහු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර නඩුව දෙසැම්බර් 4 වැනි දා යළි කැඳවීමට නියමිතය.
පස්වරු - 5.45
(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
අත්අඩංගුවට ගත් හිටපු ඇමැති අර්ජුන රණතුංග මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට මීට සුළු වේලාවකට පෙර ඉදිරිපත් කෙරිණි.
(තරිඳු ජයවර්ධන)
ඛනිජ තෙල් සංවර්ධන හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසය විසිනි.
ඊයේ (29) ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ ඇති වු උණුසුම් අවස්ථාවේ දී ඇමැති ආරක්ෂක නිලධාරියකු විසින් කළ වෙඩි තැබීමකින් අයකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලැබූ අතර එම සිද්ධියට සැකපිට රණතුංග මහතා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හිටපු අමාත්‍යවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඡායාරූප - රෝමේෂ් ධනුෂ්ක සිල්වා
විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා උදව් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජ
මාදුරුඔය ජලාශයට කඩා වැටුනු හෙලිකොප්ටරයේ ඉන්ධන වැව පුරා විසිරිම වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තා වීම වැඩිවීමේ අවදානම පිළිබඳව කරුණු සොයා බැලීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ කැඳවී
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අර්ජුනට ඇප
ලුම්බිණි Monday, 29 October 2018 11:07 AM
රනිල් අගමැති වූ අවස්ථාවෙන් මහින්ද අගමැති වූ අවස්ථාවේත් වෙනස කොපමණද?
d.upul Monday, 29 October 2018 11:10 AM
ආරක්ෂකයා වෙඩි තිබ්බ. දුමින්දට මරණ දඬුවම හිමිවුණා.
Nissanka Monday, 29 October 2018 11:12 AM
අනුහයේ ලෝක කුසලානය දිනා දුන්නා වගේම මගේ රටට ප්‍රජාතන්ත්‍රවාදය දිනා දීම සඳහාත් ඔබට ශක්තිය ලැබේවා. 2015 පොදු අපේක්ෂකයා වෙන්න තිබුණේ ඔබ.
d.upul Monday, 29 October 2018 11:17 AM
තැවි තැවී ඉන්නේ නැතිව එදා රනිලුත් මේවගේ ක්ෂණිකව තීරණ ගත්තනම්......
සරත් Monday, 29 October 2018 11:39 AM
මම මේ තීරණයට විරුද්දයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හිටපු ඇමතිවරයෙක් එක රැයින් තමන්ගේ අමාත්‍යාංශය නැතිවුනහම ඔහුට අයිතියක් තියෙනවා ඔහුගේ පුද්ගලික දේවල් කාර්යාලයෙන් ඉවත්කරගන්න. ඒකට අමාත්‍යංශයේ වැඩ කරන සේවකයින්ගේ අවසරයක් උවමනා නැහැ. අර්ජුනට හිරිහැර කරපු අයව වහාම අත්අඩංගුවට ගතයුතුයි.
ඉසුරුන්දී Monday, 29 October 2018 11:54 AM
මෙයා කරලා තියෙන දේවල් වලට එල්ලලත් මදි...
sandyMonday, 29 October 2018 12:52 PM
කරුණාකරලා පොඩ්ඩක් පැහැදිලා කරන්න බලන්න අපිටත් දැනගන්න.
isurandiMonday, 29 October 2018 02:00 PM
මෙයාගේ පැටිකිරිය කියන්න ගියොත් පත්තරයත් මදි... මෙයා රාජ්‍ය බලය යොදවලා පුද්ගලික විදුලි බලාගාරයක් රටේ ජෛව විවිධත්වය ඉහළින්ම තියෙන සිංහරාජයේ පිහිටුවලා තියෙනවා. වරායේ ඉන්නකම් සහෝදරයත් එක්ක ගසා කෑවා. දැන් තෙල් සංස්ථාව... ඒවා තියෙන ෆයිල් ටික ගේන්න ගිහින් තමයි ඊයේ ප්‍රශ්නය ඇතිවුනේ...
ශෂිකලා Monday, 29 October 2018 12:46 PM
දැන් තමයි ඉසුරන්දිගේ මොලේ නෑ කියලා තේරුනේ
චාන්දනී Monday, 29 October 2018 06:24 PM
ඔයා හිතනවාද ඔයාට මොලේ තියෙනවා කියලා. අනුන්ගේ සීනි කිරන්නේ නැතිව මාතෘකාවට අදාලව අදහස් දමන්න.
සතයපාල Monday, 29 October 2018 12:52 PM
යහපාලනය වෙනුවට සිරිසේන මැර පාලනය ස්ථාපිත කර ඇත. අමාත්‍යාංශයකට දෙපාර්තමේන්තුවකට හෝ සංස්ථාවක ඇතුල් වෙන්නේ කවුද? කොහොමද? පොලිසිය මගින් අත්අඩංගුවට ගත යුත්තේ කවුද? නොගත යුත්තේ කවුද? කියලා තීරණය කිරීමේ අයිතිය නූගත් මැර කල්ලි විසින් තමන්ට පවරාගෙන ඇති අතර රටේ නීතිය හා සාමය යනු මැරයන්ගේ කැමැත්ත හා අභිප්‍රාය වී ඇත.
ස්ටැන්ලි Monday, 29 October 2018 12:59 PM
අපේ මිනිස්සු හැමදාමත් කරන්නේ කාගේ හරි පැත්තක් අරන් ඒ මිනිහා බේරන්න, සුද්ද කරන්න හදන එක. මේවල අදහස් දාන කිසි කෙනෙක් මේ අයගෙ මේ වැඩ හන්ද රටට වෙන විනාසේ ගැන කතා කරන්නේ නෑ. අපේ දරුවොන්ට වෙන විනාසේ ගැන කතා කරන්නේ නෑ. දැන්වත් මේ දේසපාලුවෝ වෙනුවෙන් කතා නොකර තමන්ගේ රට ගැන කතා කරන්න. අපේ මතු පරපුරට උරුම වෙන විනාසේ ගැන කතා කරන්න. දැන් අපිට ඉතිරිවෙලා තියෙන්නේ පිල් දෙකයි. එකක් දෙසපාලුවන්ගේ පිල. අනික අසරණ ජනතාවගේ පිල. පාරට බහින්න කාලේ හරි. තවත් හිටියොත් අපිට ඉතිරි වෙන දෙයක් නෑ. මමත් මගේ මුළු පවුලත් ඉන්නේ යුරෝපේ. ඒත් අපිට කැක්කුමයි ලංකාවේ ඉන්න බොහෝ දෙනාට වඩා.
ගල්කටස් Monday, 29 October 2018 01:10 PM
එක්ස්ප්‍රස් ඇප අහෝ සාමාන්‍ය මිනිසෙකු වුනානම් කොහොමද පළමුව පරීක්ෂණ අවසන් නැත 14 දවසක් හිරෙ.
Thushara Monday, 29 October 2018 02:07 PM
ඕනෑම තැනක යම්කිසි ආයතනයක පාලනය මාරුවීමේදී නව බලධාරින්ට බාරදෙන ක්‍රමයවේදයක් තියෙනවා. තාමත් හරි හමන් නිසි බලධාරියෙක් හෝ අැමැතිවරයෙක් නොමැති අවස්ථාවකදී අමාත්‍යවරයා ලෙස අර්ජුන මහත්මයා රටේම වැදගත් අමාත්‍යාංශයක් වන ඛණිජතෙල් අමාත්‍යාංශයට යාම වරදක් නොමැති බවයි පෙනෙන්නේ. ඕක ඇතුලේ ඉන්න තෙල් මාෆියාවට සම්බන්ධ මැරයෝ යොදා ගැනීම අනුමත කළ නොමැති ක්‍රියාවක්...
sandy Monday, 29 October 2018 02:38 PM
ඉසුරුන්දී, ඔයා පේන කියන්න දන්නවා. ඕනේ කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. සත්‍ය ජයගන්න බව දැන ගන්න.
රොෂාන් Monday, 29 October 2018 03:01 PM
ජනතාවට හිරිහැරයක් වන දඩාවතේ යන අයව යැවිය යුතුයි.
Sara Monday, 29 October 2018 03:13 PM
ලංකාවේ දේශපාලනය යනු දේශපාලකයන්ගේ සූරාකෑම පමණකි. මිනිසුන්ගේ සිත්වලට කාවද්දලා ඇත්තේද එම පණිවිඩයයි ....
kani Monday, 29 October 2018 03:26 PM
ලුම්බිණි, මේක මහින්ද කරපු වැඩක් නෙමෙයි... ඔබේ ආදරණීය රනිල්ගේ ඇමති අණදුන් මිනීමැරුමක්, තමන් කැමති විදියට බලන්න පුලුවන් නමුත්...
de silva Monday, 29 October 2018 03:33 PM
ආණ්ඩුව එක දවසින් වෙනස් වුණාම පාර්ලිමේන්තුව කිසිම සාධාරණ හේතුවක් නැතිව කල්දමල තිබෙන කොට හිටපු ඇමතිවරයෙකුට තම පරණ කාර්යාලයට යන්න මැරයෝ බාධා කරනවා නම් මේකද මෛත්‍රී පාලනය? තත්වය පාලනය කරගන්න බැරි වුණාම, අර්ජුනගේ ජීවිතය බේරාගන්න ආරක්ෂක නිලධාරියා වෙඩි තබන්න ඇති... දුමින්ද සිල්වාගේ ප්‍රශ්නෙත් මෙතනත් ලොකු වෙනසක් තිබෙනවා
suddaTuesday, 30 October 2018 12:07 AM
අර්ජුන ආවේ තමන්ගේ ලිපි ගොනු ගෙනියන්න කියනවා වෙලාවකට. ඔහු වරායේ ඉඳිද්දී වැඩිමල් සහෝදරයාව සභාපති කරලා ලොකු ප්‍රශ්න ආවා. දැනුත් පෙට්‍රෝලියම් සභාපති ඒ අයියයි. ඉතින් ඔය ලිපි ගොනු වල මොනවා තියෙනවද කවුද දන්නේ.
සතයපාල Monday, 29 October 2018 03:59 PM
උපුල්ගේ ටිකිරි මොළයට මේවගේ කරුණු තේරුම් ගන්න අමාරුයි වගේ.