(බිඟුන් මේනක ගමගේ )
නව කැබිනට් මණ්ඩලය පත්කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට කටයුතු කරමින් තිබෙන බව එහි නිලධාරියෙක් පැවසීය.
පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙහි මේ වනතුරුත් කැබිනට් හා සෙසු ඇමැතිවරුන්ගේ නම් යාවත්කාලීන නොවීම සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහු මේ බව කීය.
පාර්ලිමේන්තුවේ සභා ලේඛන කාර්යාලය මගින් මෙම යාවත්කාලීන කිරීම සිදුකෙරෙන බවත් නව ඇමැතිවරුන්ගේ නාමාවලිය සහිත ගැසට්ටුව පාර්ලිමේන්තුවට මේ වනවට ලැබී ඇති බව ද එම නිලධාරියා කීය.
මේ වනවිට අදාළ නාමාවලිය පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට යොමු කර ඇති බවත් වෙබ් අඩවිය යාවත්කාලීන වීම කඩිනමින් සිදුකරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.