(තරිඳු ජයවර්ධන සහ නිමල කොඩිතුවක්කු)
දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේ දී සිදුකළ වෙඩි තැබීමකින් තිදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර ඔවුන් තිදෙනාගෙන් අයෙක් රාත්‍රී 6.45 ට පමණ මියගිය බව රෝහල් ආරංචි මාර්ග කියයි. තුවාල ලබා සිටින දෙදෙනාගෙන් අයකුගේ තත්ත්වය බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග කියයි.
දෙදෙනකුට හිසට සහ පපුවට වෙඩි වැදී තිබිණ.
හිටපු ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සංස්ථා පරිශ්‍රයට ඇතුළු වීමට පැමිණි අවස්ථාවේදී එහි සිටි පිරිසක් සමඟ ඇති වු බහින් බස් වීමක් දුරදිග ගොස් එම අවස්ථාවේදී මෙය සිදු වී ඇතැයි පොලීසිය පවසයි.
මේ මොහොත වන විට පොලීසිය, කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා අවට ආරක්ෂාව තර කර තිබේ. ගුවන් පාලම අසලින් මාර්ගය වසා දමා ඇති අතර රැස්ව සිටින පිරිස් අතර දැඩි උණුසුම් තත්ත්වයක් මේ වන විට ඇති වී ඇත.
මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා ඇතුළු ඒකාබද්ධයේ මන්ත්‍රී කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ සිටිති.
( ඡායාරූප ලහිරු හර්ෂණ )
වෙඩි වැදීමෙන් මිය ගිය තරුණයා
විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා උදව් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජ
මාදුරුඔය ජලාශයට කඩා වැටුනු හෙලිකොප්ටරයේ ඉන්ධන වැව පුරා විසිරිම වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තා වීම වැඩිවීමේ අවදානම පිළිබඳව කරුණු සොයා බැලීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ කැඳවී
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඛනිජ තෙල් සංස්ථාවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට - දෙදෙනෙකුට තුවාල
Amila Sunday, 28 October 2018 11:09 AM
ගමයෙකුගේ වැඩ නිසා රටම අරාජිකත්වයට.... වහාම පාර්ලිමේන්තුව කැඳවා රට ස්ථාවර කරගන්න. බහුතරය තියෙන ඕනෑ කෙනෙක්ට එතකොට ආණ්ඩු කරන්න පුළුවන්...
dasaSunday, 28 October 2018 12:17 PM
කිසිම ආරාජිකත්වයක් නැහැ. අර්ජුන රණතුංගට දැන් ඇමතිකමක් නැහැ ඛනිජ තෙල් එකට රිංගන්න. නිකම් මිනිස්සු කුලප්පු කරනවා අදාළ නැති තැන් වල රිංගලා.
සමන්තSunday, 28 October 2018 01:32 PM
ඇයි ඇමතිකමක් නැත්තේ?ඡන්දෙකින් පැරදිලද? රාජ්‍ය විරෝධී වැඩ වලට දඬුවම දන්නෑ වගේ.
AsankaSunday, 28 October 2018 01:44 PM
එහෙම සේවකයින්ට බැහැ ඇමතිව හිර කරගන්න. ඔෆිස් එකට ආවම ෆයිල් ගෙනියන්න. ඔබ හොද රැකියාවක් කරලා තියනවනම් එකෙන් අස් වෙනකොට කොහොමද කරන්නේ කියලා දන්නවා ඇතිනේ.
AmilaSunday, 28 October 2018 03:16 PM
අමතක කරන්න එපා හැමෝගෙම ඉවසීමේ සීමාවන් තියෙනවානෙ. එක පාර්ශවයක්වත් පසු නොබසින තත්වයක් නිර්මාණය වෙලා තියෙන නිසා හොදම විදිය මේ ගැටලුව පාර්ලිමෙන්තුවේ විසදගන්න එක. අද එක්කෙනෙක් මැරිලා හැබයි මේවා හෙට අනිද්දා වෙනකොට කොහෙන් කෙලවර වෙයිද.
SamankSunday, 28 October 2018 01:04 PM
තමුන්නැහේ වැසිකිළි යන්නෙත් දේශපාලනය කරගහගෙනද? යන්නේ කොහෙද මල්ලේ පොල්...
BamunuarachchiMonday, 29 October 2018 06:43 AM
රටේ තිබුන ආරාජිකත්වය දැන් ඉවරයි. රටේ පුර වැසියෙක් විදිහට ජනාධිපතිගේ කියමනට සවන් දුන්නානම් ඔය කතාව කියන්නේ නැහැ. රටේ සිදුන සිදුවීම අපි දැක්කා ජනාදිපති ගේ කතාවෙන් අපි රනිල් සමග ඇතිකරගෙන තිබුන විරෝදය තහවුරු උනා.
cal Sunday, 28 October 2018 12:16 PM
ගමරාළට පිස්සු... පාර්ලිමන්ට් එක ඕපන් කළා නම් බලය තියන එක කරයි. දැන් බොරුවට කෙළගන්නවා.
සතයපාල Sunday, 28 October 2018 12:57 PM
ඝාතන සංස්කෘතියේ ආරම්භය හෙවත් පළමු වෙඩි මුරය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ආරම්භ කරලා තියෙන්නේ ලබන 16 වෙනිදා වෙනකම් මේ භීෂණ සංස්කෘතියට රටට මුහුණ දෙන්න සිදුවේවි. එය පරාජය කිරිමේ වගකීම ප්‍රගතිශීලී හා ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම් මත පැවරෙන වගකීම වේ. ජනතා ද්‍රෝහී සිරිසේන කල්ලිය පලවා හැර රටතුල නීත්‍යානුකූල භාරකාර ආණ්ඩුවක් පිහිටුවා රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා සාමය ආරක්ෂාකිරීමට පියවර ගතයුතු වේ.
rasikaSunday, 28 October 2018 03:02 PM
සත්‍යපාල මොනවද කියවන්නේ.. හරියට වෙලා තියෙන දේ දන්නේ නැතුව.
Nimali Sunday, 28 October 2018 08:49 PM
සත්‍යපාල, මේ වෙඩි තියලා තියෙන්නේ අර්ජුන රණතුංග කියන යු එන් පී දේශපාලනඥයාගේ බොඩි ගාඩ්ලා. එහෙම නැතුව සංස්ථාවේ සේවකයන්වත් වෙන කවුරුවත් නෙමෙයි. කරුණාකරලා මේ සත්‍යය අසත්‍යය කිරීමේ ඔබේ පිළිවෙත නතර කරන්න.
BamunuarachchiMonday, 29 October 2018 06:47 AM
සත්‍යපාලට සත්‍ය, අසත්‍ය තෝරන්න යන්න එපා. ඒ ගොල්ලෝ සත්‍ය අසත්‍ය තේරෙන අය නොවෙයි. එජාපෙන් එන ඕනෑම කුණුගොඩක් බාර ගන්න කට්ටිය...
සතයපාලMonday, 29 October 2018 01:06 PM
ඇත්ත ඒ තමන්ගේ ජීවිත ආරක්ෂාවට, හීටපු අමාත්‍යවරයා තමන්ගේ කාර්යාලයට ගියේ අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුවත් කර නීත්‍යානුකූල මාර්ගයෙන් වන අතර ඔහුට මරණීය තර්ජනය කරන්න හෝ පහර දෙන්න හෝ රදවා තබා ගන්න පොහෝට්ටුවේ බීගත් මැර කල්ලීවලට කිසිදු අයිතියක් හෝ බලයක් නැති අතර යම්කිසි සැකයක් හො විරෝධයක් ඇත්නම් එය ආයතනයේ පරිපාලනයට හෝ ආරක්ෂක අංශවලට දැනුම් දිය යුතුව තිබුණද එසේ නොකර ඇමතිවරයා රදවා තබා ගැනීම හා සිරකර ගැනීමේ අරමුණ ඔහුට පහරදීම හෝ ඝාතනය කිරිම බව පැහැදිලි කරුණකී.
ගාල්ල පාල ගාල්ලෙග් Sunday, 28 October 2018 02:33 PM
වහාම පාර්ලිමේන්තුව කැඳවා රට ස්ථාවර කරගන්න. බහුතරය තියෙන ඕනෑකෙනෙක්ට එතකොට ආණ්ඩු කරන්න පුළුවන්...
sandyMonday, 29 October 2018 04:46 AM
පාර්ලිමේන්තුව කැඳවන්නේ තමන්ට පැහැදිලි ඔලු ගෙඩි සංඛ්‍යාවක් තිබුනොත් පමණයි........
රොෂාන් Sunday, 28 October 2018 03:03 PM
අපට සතුටුයිනේ දැන්... අවුරුදු සමරන වෙලාවට, මල්වෙඩි ගහද්දී, ප්‍රවේසම් වෙන්න කියලා කොච්චර අවවාද කලත් මිනිස්සු අහන්නේ නැහැනේ...අපරාදේ දේශප්‍රේමී ජීවිත....
ranaweera Sunday, 28 October 2018 03:12 PM
රට අරාජික නොකර පාර්ලිමේන්තුව කැදවන්න.
Don perera Sunday, 28 October 2018 03:19 PM
මේක තමයි ඉල්ලුවේ
sameera Sunday, 28 October 2018 04:27 PM
කරුණාකරලා රට විනාශ කරන්න එපා. රනිල් එලවලා මහින්ද ගෙනාව කියලා රටේ මොකක්ද වෙනස් වෙන්නෙ. ඕක කරන්න ලබන මාසේ වෙනකම් ඉන්න බැරිද අය වැය පැරද්දුවනම් ඉවරයිනේ. එහෙම නැත්නම් පාර්ලිමේන්තුව කැඳවලා බහුතරය තියන කෙනාට බාර දෙන්න. රට අවුල් කරලා මිනිස්සු අතරේ වෛරය පතුරුවලා අසරණ මිනිස්සුන්ට හිරිහැර කරන්න ඉඩ තියන්න එපා. මොනවා උනත් පහුගිය කාලේ මිනිස්සු අතරේ වෛරය අඩු උනා ලොක්කෝ එකට හිටපු හින්දා.
V.warnakulasuriya Sunday, 28 October 2018 09:11 PM
ඒකාබද්ධයේ අය ඔතනට රිංගුවේ ලකුණු ගන්නද? ශ්‍රී ලංකාවේ පොලිසිය ඒ ගොල්ලද? බඩගෝස්තරය සොයන දේශපාලකයන් තව කොපමණ කලක් රට උලා කෑම කරන්නේද?
Udaya Monday, 29 October 2018 02:14 AM
පාර්ලිමේන්තුව රැස් කරන්න හදන්නේ අපේ ඡන්දෙන් එක එක පක්ෂවලට තේරුන මැති ඇමතිවරු එක පක්ෂෙකට සල්ලි දීල බා ගත්තට පස්සේ. එයාලට සල්ලි හම්බ කරන්න නියම අවස්ථාව.
d.upul Monday, 29 October 2018 05:44 AM
අලුත් ආණ්ඩුවක් වෙනුවෙන් පළමු නර බිල්ල.