IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


මැකො දේශපාලන පක්ෂ කැඳවයි

(රංජන් කස්තුරි)

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව  පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අද පස්වරුවේ සාකච්ජාවකට කැඳවා තිබේ.

පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල් යෑම සම්බන්ධයෙන් එහිදී මැතිවරණ කොමිෂන් සභාවේ විරෝධය දේශපාලන පක්ෂ ලේකම්වරුන් වෙත දැක්වීමට නියමිත යැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුත්තේ අලුත් ක්‍රමයට හෙවත් කොට්ඨාස ක්‍රමයට ද එසේත් නැත්නම් පැරැණි මනාප ක්‍රමයට ද යන්න කඩිනමින් තීන්දු කර ඊට අවශ්‍ය නීතිමය පරිසරය සකස් කර දෙන්නැයි ද අද පැවැත්වෙන සාකච්ඡාවේදී දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂා කරන බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර දේශපාලන පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ අද පැවැත්වෙන විශේෂ සාකච්ඡාවේදී පළාත් සභා මැතිවරණය පැරැණි මනාප ක්‍රමයට පැවැත්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර අනෙකුත් සියලු පක්ෂ මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දීමට නියමිත බවය.

එක්සත් ජාතික පක්ෂය ද පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමයට පැවැත්විය යුතු බවට මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙනු ඇතැයි ද එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් පළාත් සභා මැතිවරණය නව ක්‍රමයකට හෙවත් කොට්ඨාස ක්‍රමයට පැවැත්වීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය අද මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දීමට නියමිත බව ද වාර්තා වේ.
මේ අතර උතුරුමැද, වයඹ, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර යන පළාත් සභා පහ මේ වනවිට විසිරී ඇති අතර එහි පාලනය ආණ්ඩුකාරවරුන් වෙත පැවැරී තිබේ.

පළාත් සභා අක්‍රිය වීම නිසා පරිපාලන කටයුතු හා පළාත් සභා මගින් ඉටු කළ යුතු කාර්යභාරයන් ඇනහිට තිබෙන බව ද වාර්තා වේ.

මේ අතර උතුරු පළාත් සභාවේ නිල කාලය මේ මස 25 වැනි දින නිමවීමට නියමිත අතර දකුණ සහ බස්නාහිර පළාත් සභාවල නිල කාලය 2019 වසරේ අප්‍රේල් මාසයේදී නිම වීමට නියමිතය. ඌව පළාත් සභාවේ නිල කාලය 2019 වසරේ සැප්තැම්බර් මාසයේදී නිමවීමට නියමිතය.

 



අදහස් (3)

මැකො දේශපාලන පක්ෂ කැඳවයි

dhamneth Thursday, 11 October 2018 04:45 AM

ප්‍රජාතන්තවාදය හා යහපාලනය වැඩිදෙනාගේ කැමැත්ත නම් වැඩිදෙනා කැමති ක්‍රමයට ඡන්දය පවත්වන්න. කොහොම නමුත් දේශපාලකයන්ට මිසක් ජනතාවටනම් පළාත් සභා අවශ්‍ය බව පෙනෙන්නේ නැහැ.1988දි පළාත් සභා බලෙන් අපේ ඇඟේ ගැහුවා. දැන් හොඳම වෙලාව ජනමත විචාරණයක් පවත්වා මෙය අහෝසි කරන්න.

:       0       37

OMG Thursday, 11 October 2018 06:38 AM

මේ පුංචිම පුංචි රටට මගෝඩිස්තුමන්ලා ගොඩායි. දීමනා ගොඩායි. ඔවුන්ගේ අත මිට සරූයි.

:       0       23

සතයපාල Thursday, 11 October 2018 07:16 AM

මැතිවරණ කල්දැමීමේ අවශ්‍යතාව තියෙන්නේ සිරිසේන කල්ලියට බව ඉතා පැහැදිලි කරුණක් වන අතර එක අතකින් පලාත් සභා මැතිවරණය නව ක්‍රමයට තිබිය යුතුමයි කියමින් අනෙක් පැත්තෙන් පළාත් සීමා නිර්ණය කමිටුවේ වැඩ පස්සට අදිමින් කාළය කාදමින් සිටින්නේ මැතිවරණවලට ඇති බිය නිසාම විය යුතුයී.

:       12       41

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 220 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site