මධ්‍යම රාත්‍රියේ සිට මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල යළි ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6 කින් වැඩිකර ඇති අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8 කින් වැඩි වී තිබේ. සුපර් ඩීසල් ලීටරයක මිලද රුපියල් 8 කින් වැඩි කර තිබේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මීට පෙර පැවතියේ රුපියල් 149 කට වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 161 ට අලෙවි කෙරිණි.සුපර් ඩීසල් ලීටරයක් මීට පෙරර අලෙවි වුයේ රුපියල් 133කටය .
ලෝක වෙළෙඳපලේ බොරතෙල් මිලෙහි සිදුවන වෙනස්කම් අනුව මෙරට ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය මිල සුත්‍රය හඳුන්වා දුන්නේය.
(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් අමාත්‍යාංශයේ තෙල් මිල සුත්‍රය දකින්න ආසයි. ඒක ගණිතමය සුත්‍රයක්ද නැත්නම් දේශපාලන සූත්තරයක්ද.
මුදල් ඇමැතිටත් ප්‍රහේලිකාවක් වුන මිල සුත්‍රයට ජය වේවා!
දේශපාලුවන්ගේ වහල් භාවයෙන් මිදෙන්න
කට්ටියක් කිව්වා නේද තාම මහින්දගේ ආණ්ඩුවේ පැවතී ගානට වැඩි උනේ නැහැ කියලා. දැන් කොහොමද? මම මීට අවුරුදු දෙකට කලින් මේ පිටුවේම අණාවැකි පල කළා, වත්මන් ආණ්ඩුව හෙමින් හෙමින් රාජපක්ෂ පීල්ලෙන් ගමන් කරන බවත්, අවුරුදු පහක් ගතවෙන්නත් කලින් සම්පූර්ණයෙන්ම රාජපක්ෂ පීල්ලෙන්ම ගමන් කරාවි බවත්. දැන් බලනකොට රාජපක්ෂ ආණ්ඩුවත් ඉක්මවා යනවා.
ලෝකේ වැඩි වෙන විදියට වැඩි කරන්න අමාත්‍යංශ මොකටද? තව ඒ මිනිස්සුන්ටත් පඩි ගෙවන්න ඕනේ. අදාළ පුද්ගලයන්ගෙන් සුත්තරේ ඇහුවම කියන්නේ මන් දන්නේ නෑ මට මතක නෑ කියලා. හැබැයි පඩි, වාහන, ගෙවල් , ඉඩම්, පෙන්ෂන් එහෙමනම් හැමදාම මතක් කර කර නිදියගන්නවා ඇත්තේ.
හරි හරි දැන් අපිට තේරෙනවා සුත්තරේ !
මිල සූත්‍රය කියලා එකක් ඇත්තටම නෑ. ඕක බොරුවක්.
ලෝක වෙළද පලේ ඉන්ධන මිල ඉහල ගොස් ඇත මැඩියෝ වගේ ලිදේ වගේ නොසිට ලොව දිහා බලන්න
මෙතරම් ලෝක ආර්ථිකය වැටිලා තියෙන වෙලාවක, ඉස්සරට වඩා අඩුවෙන් තමයි දැනටත් මේ මිලගණන් තියෙන්නේ. ඒක අමතක කරලා බනින අය කරන්නේ වෙන තරහ පිරිමහන එක.
කමක් නැහැ මහින්දගේ කාලෙට කාලේ ගාණට දැන්නේ ආවේ. 'ටොයි ලොජික්'
හොඳ තීරණයක්. නමුත් ලෝක වෙළඳපොලේ තෙල් බැරල් එකක් ඩොලර් 150 වඩා වැඩි මේ වගේ වෙලාවක ජනතාව පටි තද කරගන්න ඕනේ.
රජයේ උදෘත පාඨය "තාම මහින්දගේ කාලයට වඩා අඩුයි"
ඔබට කොකොමද දැන්.? උවූන්ගේ සැප වෙනුවෙන් පටි තද කර ගනිමු. වහලුන් නොවෙමු අපි.
ලක්ෂ 62 ට නම් මාර සතුටක් ඇත්තෙ නේද? මට නම් මාර සතුටුයි ඒ ගොල්ලො පොලිමේ ඉඳන් ආන්ඩුවේ ගුන කිය කිය අලුත් ගානට පෙට්‍රල් ගහනවා දකිද්දි. ලක්ශ 62 ඔබ ගොඩක්ම සතුටින් නේ දැන්. අපිට නම් ඔයගොල්ලො ගැන මාර සතුටුයි.
අවුලක් නැහැ. තාම මහින්දගේ කාලෙට වඩා රුපියල් 2 ක් අඩුනේ...
ලහිරු, ඊලඟ මාසෙ 10 වෙද්දි මහින්දගෙ කාලෙටත් වඩා වැඩි වෙයි පෙට්‍රල් ඩීසල් වල ගනන්. එතකොට ලහිරු අදහස් ප්‍රකාශ කරන එකත් නවත්තයි. ඔයා කොච්චර මෝඩද ලහිරු. ලක්ශ 62 න් එක්කෙනෙක් කියලා නිකන්ම ඔප්පු කරා.
අපිට දෙවියෝ සිහි කලාට මංගලට, පින්.
මේ පත්තරේම දකුණු අත පැත්තේ තියෙනවා ලෝක ඉන්ධන මිල ඉහළට කියලා ඇස් ඇරලා බලන්න.