(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවන තීරු බදු රහිත වාහන ආනයන බලපත‍්‍ර 228ක් නිකුත් කර ඇති බවත්, ඒ අනුව පාර්ලිමේන්තුවේ සියලූ දෙනා තීරු බදු රහිත වාහන ආනයන බලපත‍්‍රයෙන් වාහන ලබාගෙන ඇති බවත් සම කැබිනට් ප‍්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ගයන්ත කරුණාතිලක මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.
එම අවස්ථාවේදී අදහස් දැක්වූ සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ අගමැතිවරයා, කතානායකවරයා ඇතුළුව මෙතෙක් වාහන නොගත් පිරිසක් ද සිටින බවයි.
අමාත්‍යවරුන් මේ බව පැවසුවේ රුපියල අවප‍්‍රමාණය වීම පාලනය කිරීමේ ක‍්‍රමවේදයක් ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන ආනයන බලපත‍්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීම ඇතුළු තීරණ කිහිපයක් රජය විසින් ගනු ලැබුවේ සියලූ මන්ත‍්‍රීවරුන් වාහන ලබාගෙන අවසන් වූ පසුව බවටත්, එයින් පහරක් එක්ක කර ඇත්තේ රාජ්‍ය සේවකයින්ට බවටත් නැගෙන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
එහිදී පළමුව පිළිතුරු ලබාදුන් රාජිත සේනාරත්න මහතා එම බලපත‍්‍රය භාවිතා කළ මෙන්ම නොකළ අය ද සිටින බවත්, තමා තමන්ගේ බලපත‍්‍රය ලබාගත් බවත් කීවේය.
එම තීරුබදු සහිත බලපත් හිමි රජයේ සේවකයින්ගෙන් 8000ක් පමණ එය ලබාගෙන ඇතැයි කී රාජිත සේනාරත්න මහතා තවත් හත්දහස් ගණනක් ලබාගැනීමට සිටින බව ද කීවේය.
එම අවස්ථාවේදී ගයන්ත කරුණාතිලක මහතාද අදහස් දැක්වීමට එක්වූ අතර ඔහු පැවසුවේ පාර්ලිමේන්තුවේ සියලූ දෙනා බලපත‍්‍රය ලබාගෙන ඇති බවත්, තමන් පාර්ලිමේන්තු කටයුතු ඇමතිවරයා බැවින් ඒ ගැන පැහැදිලිව දන්නා බවත්ය.
එසේ වුවත් අමාත්‍යාංශවලට ගෙන ඒමට නියමිතව තිබූ වාහන ගෙන ඒම අවලංගු කර ඇති බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.
තමාගේ අමාත්‍යාංශයේද මේ වන විට භාවිතා වන්නේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාගේ සමයේ අමාත්‍යාංශයට ලබාගත් වාහන බව ද ගයන්ත කරුණාතිලක මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ මිනිස්සු කාවද මේ රවට්ටන්නේ? ලක්ෂ 62 මේවාට රැවටුනාට හැමෝම අහු වෙන්නේ නැහැ
ඒකනේ තහනම් කෙරුවේ. දැන් ප්‍රශ්ණයක් නැහැ නොවැ.
අපි ඉනේ පටි තද කරගන්නම්.., 225 දෙනා වාහන පටි තද කරගන්න..
එතකොට මේ කෑ ගහන ජෙප්පෝ, පොහොට්ටුකාරයෝ ඔක්කොම අරගෙනද? විශේෂයෙන් අර තුම්මුල්ලේ විමලේ සහ ගන්දම්පිල එහෙමත් මේක අරගෙනද?
බලාගෙන යනකොට ලෝකේ විශාලම ගව පට්ටිය තියෙන්නේ ලංකාවෙනේ.
ගත්ත අයගේ නම් ගම් හා වර්තමාන අයිතිකරු වන්ගේ නාම ලැයිස්තුව පවා සමාජ ජාල වල පැතිර ගියා. එක බොරුවක් වහන්න තව බොරු දාහක් කිව්වත් මදි.
විදේශ මුදල් සංචිතය හිදෙන එක වලක්වන්න මේ වගේ පිළියම් යෙදුවෙ නැත්නම් තව අවුරුදු කිහිපයකින් රටේ ආර්ථිකය කඩා වැටිලා වෙනිසියුලාවේ වගේ වුනොත් පාන් රාත්තලක් ගන්න රුපියල් 50000ක් වියදම් කරන්න වෙයි.
නොදී කොහොමද ? අනික් පැත්තට පනිනවනේ? සුවච කීකරු සේවකයන්ගේ පඩි වැඩිකරනවා වගේ නේද?
මේ අය හිතන්නේ කියන කියන සියල්ල හිස මුදුනින් අපි පිළිගන්නවා කියලද?
"ඒකනේ තහනම් කෙරුවේ. දැන් ප්‍රශ්ණයක් නැහැ නොවැ." මේ හැටදෙකෙන් එකක්.
වේලපහින්ම දැනගත්තා ඉස්තාලයේ දොර වහන්නේ අස්සයෝ ටික ගියාට පස්සේ කියලා. මේ අය කාවද රවට්ටන්නේ? ආණ්ඩුවේ පඩිගන්න ආර්ථික උපදේශකයෝ කීදෙනෙක් ඉන්නවද?
මිනිස්සුන්ගේ කතිරයෙන් පත්වුන මෙම පිරිස කියවන රැස්වීම් අහන්න බලන්න තවමත් යනවනේ. අනේ හැබැට මාධ්‍ය වේදීන්ටත් බැරිද මේ රැස්වීම් වර්ජනය කරන්න. එතකොට බොරු අහන්න, පත්තරවල බලන්න විදිහක් නැහැ නේ. ඊළඟ පාර කතිරේ ගහනකොට මුද්දරයක අත්සන්කරලා ගිවිසුමක් දුන්න කෙනෙක්ට විතරක් ඡන්දෙ දෙන්න. ගිවිසුමේ දාන්න, ගිවිසුම පිළිපැදුවේ නැත්නම් ඊළඟ දිනයේම ඉල්ලා අස්වෙන බවට සහ ලබාගත් වරප්‍රසාදවල ගෙවීමක් කරලා යන්න ඕන කියලා.
එම බලපත්‍ර කෝටි ගණන් ලාභ තියාගෙන විකුණු අයට වහාම තීරු බදු ගෙවීමට නියෝග කල යුතු වේ. බලපත්‍රය දුන්නේ වාහනයක් අරගෙන පාවිච්චි කරන්න. බලපත්‍රය විකුණලා එක දවසින් කෝටි ගණන් බෝනස් ගන්න එක බරපතල වංචාවක්. හොරකමක්. විගණන දෙපාර්තමේන්තුව නිහඬ ඇයි? මහජනතාවගේ මුදල් නේද? මම හිතනවා නාගානන්ද මහතා එම බලපත්‍ර විකුනපු සියලු අයගේ නම් ලැයිස්තුවක් ඉතා ඉක්මනට මහජනතාවට පෙන්වයි කියලා.
ඇත්තටම මේ මිනිස්සු රට පාලනය කරන්න දන්නේ නැහැ. ඒ වෙනුවට කරන්නේ යමක් ප්‍රශ්න කල විට, ඒක මම අරගෙන නැහැ, නැත්තම් අරයා අරගෙන නැහැ, ඒ වගේ උත්තර දීලා අර ඒගොල්ලන්ව රකින්න ඉන්න 62 හරි 58 ට ගහගන්න, මරා ගන්න අදහස් ටිකක් දෙන එක. මම ඇත්තටම වෙනත් රටක ජීවත් වෙන්නේ. මේ රටේ අදාල ඇමතිවරයාගෙන් යමක් විමසු විට, ඔහු දෙන උත්තර බැලුවම පුදුම හිතෙනවා ඔවුන්ට තමන්ගේ ක්ෂේත්‍රය ගැන තියෙන දැනුම ගැන. ඒකට අපේ රටේ, ඩොලරය ගැන ඇහුවම, ට්‍රම්ප් ගැන කියනවා. අපරාද ගැන ඇහුවම, මහින්ද යුගය ගැන කියනවා. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගැන ඇහුවම, නියගය ගැන කියනවා. රටේ වවන් නැත්තේ ඇයි කියලා ඇහුවම, වහින් නැහැ කියනවා. අන්තෝ ජටා බහි ජටා!
ඔක්කොම වරප්‍රසාද ටික ලබාගෙන රුපියලේ අවප්‍රමාණෙටත් රාජ්‍ය සේවකයාගෙන් වන්දි අයකර ගත්තා. වාහනෙත් පිනටම අරන් දැං රටේ මිනිස්සු රවට්ටනවා බොරු කිය කිය.
ඒත් ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය නම් ගන්නේ නැතුව ඇති. මොකද එයාලා හදවතින්මනේ ජනතාවට සේවය කරන්නේ. රහසින්වත් වරදක් කරන්නේ නැහැ කියලනේ කියන්නේ.
තීරුබදු රහිත වාහන ආනයන බලපත‍් ක්‍රමය සම්පුර්ණයෙන්ම නැති කල යුතුයි. මොකද රටේ එක කොටසකට පමණක් වරප්‍රසාද? මේ අය රටට වීදේශ විනිමය කොපමණ උපයල දීලා තියෙනවද?
හරි $200,000 x 225 = $45 M $20,000 x 8000 = $160M $20,000 x 7000 = $140 එකතුව $345M පළාත් සභා වල ඉන්න මන්ත්‍රීලාගේ බලපත්‍ර එකතු කරපුවම රුපියල බාල්දු කරලා තියෙන්නේ කවුද කියලා හිතා ගන්න පුළුවන් නේ
228 වුනේ කොහොමද? පාර්ලිමේන්තුවේ ආසන තියෙන්නේ 225යි නේද ?
පර්මිට් එක වෙන කාටවත් විකුණන්න බැරි වෙන්න නීති ගෙන්න ඕනේ. පෙර්මිට් එකෙන් ගෙනාපු වාහනයක් නැවත විකුන්නවනම් දුන් බදු සහනය නැවත රජයට අයකර ගන්න ඕනේ.
ඉස්සර කාලේ නම් එහෙම නීතියක් තිබුණ. එත් දැන් අපි ඒවා අපිට ඕන විධියට හදාගෙන තියෙන්නේ.
ඔය කියන ලක්ෂ 62 නම් දැන් 26 ට විතර බැහැල. ඒත් ඉතින් අපි ඊළඟට තෝර ගන්නෙත් ඒවගේම මගෝදිස්ල කට්ටියක් තමයි.
දිසානායක මහතාණනි, එහෙම වෙයිද? දවල් හීන දකින්න එපා.
අනිත්‍ය මෙනෙහි වනතුරු සියලු සත්වයෝම සංස්කාර රැස් කරති ..
මන්ත්‍රිවරයෙකුට රාජකාරිය සඳහා සුදුසු වාහනයක් අත්‍යවශ්‍යයි. බලාපත්‍රයක් දිය යුතුය. නමුත් වටිනාකම නියම නොකර සුඛෝපබෝගී වාහන ගෙන්වීම සඳහා බලාපත්‍රයත් විකුනනවා. ජවීපෙ භාවිතා කරන ටොයෝටා කැබ් රථය අනිත් අයටත් හොඳටෝම ඇති. එය සුඛෝපබෝගී වාහනයක් නොවේ. බලාපත්‍රය තාවකාලිකව නැවතීම අස්වයා ගියාට පසු ඉස්තාලය වැසීමකි.
මේ වන විට තීරු බදූ රහිත වාහන බලපත් ගත්තු හැමෝටම පලදේවි...
ජනතාව ඉන්නේ කොච්චර හිතේ අමරුවකින්ද කොච්චර කෙන්තියකින්ද?