තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ආර් දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට මහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම දඬුවම ක්‍රියාත්මක කරන ලෙස අද නියෝග කළේය.
මරණ දඬුවම නියම වී සිටි අනුර තුෂාර ද මෙල් මහතාට පැනවූ මරණ දඬුවම පමණක් ඉවත් කර ඔහු මුදා හැරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
මහාධිකරණයෙන් නියම කළ දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා දුමින්ද සිල්වා මහතා ඇතුළු සිව්දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ අභියාචන පෙත්සම් සම්බන්ධ තීන්දුව අද (11) පස්වරු 2.30ට ප‍්‍රකාශයට පත් කෙරිණි.
අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් ,බුවනෙක අළුවිහාරේ ,නලින් පෙරේරා , ප‍්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
අධිකරණය එම තීන්දුව ප්‍රකාශයට පත් කළේ විත්තිකාර පාර්ශ්වය සහ පැමිණිලි පාර්ශ්වය දින හයක් පුරා පැවැත්වූ දීර්ඝ දේශනවලින් පසුවය.
හිටපු ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති උපදේශක ලෙස කටයුතු කරමින් සිටි හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට වැරදිකරුවන් වී මරණ දණ්ඩනය නියම වී සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ආර් දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල් , චමින්ද රවි ජයනාත් සහ සරත් බණ්ඩාර යන විත්තිකරුවෝය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම හිටපු ජනපතිවරයාගේ වෘත්තීය සමිති කටයුතු උපදේශකවරයෙකු ද වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ 2011 ඔක්තෝබර 08 වැනි දා මුල්ලේරියාව ප්‍රදේශයේදීය. පළාත් පාලන මැතිවරණයක් පැවැති එදින සිදුවූ වෙඩි හුවමාරුවෙන් දුමින්ද සිල්වා මහතාටද වෙඩි වැදුණු බව කියැවිණි.
එම සිදුවීමෙන් පසු දුමින්ද සිල්වා මහතා ප්‍රතිකාර ලබා ගැනීමට 2011 නොවැම්බර් පළමු වැනි දා සිංගප්පූරුව වෙත රැගෙන යනු ලැබූ අතර ඔහු ලංකාවට යළි පැමිණියේ 2013 මාර්තු 05 වැනි දා අලුයම එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ කේ 349 දරණ ගුවන් යානයෙනි.
සිංගප්පූරුවේ සිට ලංකාවට රැගෙන ආ දුමින්ද සිල්වා මහතා ඉන් පසු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලදී. එදිනම එම පෞද්ගලික රෝහලට ගිය රහස් පොලිසිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගත්තේය.
ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු කොළොන්නාවේ දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා 2013 මාර්තු පස් වැනි දා පෙරවරු 10.05 ට අත්අඩංගුවට ගත් බව රහස් පොලිසියේ එවකට සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසින් එවකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතාට දන්වන ලදී. චෝදනා පත්‍රය කියවා ඔහු අත්අඩංගුවට ගෙන නවලෝක රෝහලේ ඔහු සිටින කාමරයට පොලිස් මුර යෙදූ බව ද සහකාර පොලිස් අධිකාරීවරයා උසාවියට සැළ කර සිටියේය.
ඔහුගේ හිසට බරපතල සැත්කමක් කර ඇති හෙයින් රෝහලෙන් එළියට ගියහොත් විෂබීජ ඇතුළු වී ඔහුගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බව වෛද්‍යවරුන් පැවසීයැයි අබේසේකර මහතා උසාවිය හමුවේ කියා සිටියේය.
ඒ අනුව කොළඹ නවලෝක රෝහලට ගිය එවකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මාර්තු 14 වැනිදා තෙක් රිමාන්ඩ් කළේය.
දුමින්ද සිල්වා මහතාට ඇප ලැබීමෙන් පසු ඇප අත්සන් කළේ 2013 අප්‍රේල් මස 26 වැනි දාය. අප්‍රේල් 27 වැනි දා ඔහු නවලෝක රෝහලෙන් පිටව ගියේය.
අනතුරුව ඔහු ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව මහාධිකරණයේ නඩු පැවැරිණි. දීර්ඝ නඩු විභාගයකින් පසු ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවන් දෙදෙනකු 2016 සැප්තැම්බර් මාසයේ දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම නියම කළ අතර එක් විනිසුරුවරයකු සියලු සැකකරුවන් නිදොස්කොට නිදහස් කරන ලෙස නියෝග කළේය.
ඒ අනුව විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවෙන් දුමින්ද සිල්වා මහතා ඇතුළු හතර දෙනකුට මරණ දඬුවම නියම විය.
දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් නඩුවට මීට පෙර පෙනී සිටියේ ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාය. ඒ මහතා මීට මාස කිහිපයකට පෙර අභාවප්‍රාප්ත විය.





නඩු තීන්දුවෙන් පසු දුමින්ද සිල්වා අධිකරණයෙන් පිටව යන අයුරු -( ඡායාරූප - ළහිරු හර්ෂණ)
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතන සිද්ධියේ සබැඳි වෙනත් ප්‍රවෘත්ති සහ ඡායාරූප පහතින්











2011 ඔක්තෝබර් 08 වැනි දා මුල්ලේරියාව ප්‍රදේශයේදී වෙඩි තැබීම සිදු වු ස්ථානයේ ඡායාරූප

ඝාතනයට ලක් වු හිටපු පාර්ලිමේන්තු මන්ත්රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දේහය













2013 අප්‍රේල් 27 වැනිදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා කොළඹ නවලෝක රෝහලෙන් පිටව යන අවස්ථාවේදී පිළිගැනීමට පැමිණි සිටි පිරිස




රෝහලින් පිටවී සිය නිවසට පැමිණ සිටින දුමින්ද සිල්වා මහතා
(ඡායාරූප - ලංකාදීප එසැණ වෙබ් අඩවියේ පුස්තකාලය ඇසුරෙනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය මුදලට යට නොවීම ගැන සතුටුයි.
නීතියේ සාධාරණය මෙයින් මොනවට පැහැදිලිවේ මිනිමරා යහතින් ඉදීමට නොහැකිය
එක් දූෂිත දේශපාලකයෙක්ගෙන් රට නිදහස් උනා කියල අපිට සතුටු වෙන්න පුලුවන්.
ලොක්කන්ගෙන් ලකුණු දාගන්න ගිහින් අන්තිමට මරණ දඬුවම.
නියම තින්දුවක්නේ දීල තියෙන්නේ. ඔන්න ඔය වගේ අනෙක් ඒවත් ඉවර කලානම් ඉදිරියේදී විනයගරුක ශ්‍රී ලාංකිකයින් පිරිසක් බිහිවෙයි .
හොඳ ශීර්ෂපාඨයක්
කල කල දේ පල පල කියලා කිව්ව්වලු........ නිත්‍ය සැමට එක හා සමානව ක්‍රියාත්මක වෙන රටක් ඇති කරමු.
කරනකලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ
බය නොවූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට ස්තූතිය. අනෙක් රජයේ නිලධාරීන්ට ආදර්ශයක්..
උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණ මධ්‍යස්ථ තීන්දුවට අපගේ ගෞරවනීය උත්තමාචාරය
ඒ කියන්නේ ඒ කාලේ කොළඹ යුද පිටියක්.
කොහොමද පොලිසියේ තත්තවය. අන්තිම ඡායාරූපය දකිනකොට ලැජ්ජ වගේම හරිම හිරිකිත හිතුණා මට. අනේ පොඩි එකෙක් එහාගෙදර පොල් ගෙඩියක් අරන් ගියත් පුම්බන ශ්‍රී ලංකා පොලිසියේ මහ අයියලාගේ තරම
සාධාරණ නීතියට ජයවේවා!!!!!!!!!!!
අන්තිම ඡායාරූපයේ මිනීමරුවන්ට සැලුට් ගහන කොන්ද පණනැති රජයේ නිලධාරියා මොහුට කොන්ද කෙලින් තියන් වැඩ දැන්වත් කරන්න. මේවගේ අයට දුගී අසරණ හොරෙක් අහුවුනොත් වකුටු කොන්ද නිකම්ම දිග ඇරෙනවා
යහපාලනයේ වෙනස හොදද? නරකද?
දුමින්දගේ මරණ දඬුවමට අධිකරණය හොඳා. විජයකලාට ඇප දෙනකොට අදිකරණය නරකයි... .
මේ රටේ හොරුන්ට, මිනි මරුවන්ට, දුෂිත සිත ඇත්තන්ට නැවත එසේ කිරීමට බය වේවි. රට නිකම්ම ගොඩ. රට දාල යන අය නැවත සිතාවි. බලයට කෑදර, දුෂ්ට දේසපාලකයන් බයවේවි.
වාසනාවට හිරුණිකා අද ආණ්ඩු පක්ෂය නියෝජනය කරනවා. ඊයේ විජය කළාට ඉක්මනින් ඇප ලැබුනේකන්, අනිකුත් නඩු කටයුතු මෙහෙයවන දිහා බලනවිටත් මේක ඉතා පැහිදිලි.
සහජීවනය ඉගෙන ගන්න .
කෝ අනේ අර දෙකට පැළුණ ඔලුවේ තුවාලය
හොඳ තීරණයක් හැමෝටම මේ වගේ වෙන්න ඕනේ..... මොකද ලංකාවේ වැරදි කරන්නේ පොඩි මිනිස්සු නෙවෙයි ලොකු මිනිස්සුයි.. ලොකුයි කියලා හිතාගෙන ඉන්න මිනිස්සු හරියට හිටියා නම් මේ වගේ මෙච්චර නාස්ති වෙන්නේ නෑ.............
ආණ්ඩුව මාරැ වුනොත් මෙයාට ජනාධිපති සමාව ලැබී නිදහස් වෙයි..
යහපාලනයට තල්ලුවක් . උදවුවක් .
අධිකරණයට මගේ ප්‍රණාමය!
අධිකරණයට අපේ ප්‍රණාමය. මේ රට නිවැරිදිව ගමන්කිරීමට මෙම තීන්දුව නීතියටත් සහ රටේ ජනතාවට විශාල රුකුලක් වෙයි යැයි අප සිතනවා. ඉදිරියෙදි අධිකරණය ස්වාධීනව කටයුතු කරන්න ලැබේවා. මේ නීතිය සැමටම ක්‍රියා කරන්න.
මොහු අතින් පොඩි මිනිහෙක් මිය ගියා නම් දඩුවම මෙයමද ?
දේවිකා ඔබ හරි
මෙන්න ජනතාව මේ රජය පත් කිරීම උදෙසා බලාපොරොත්තු වු ඉල්ලීම්.. ජනතාවගේ බලාපොරොත්තු නීතියේ ආධිපත්‍යය නිවැරදිව ඉටුවන්න පටන් ගත් මංගල මොහොත ට වසර 3 හමාරක් ගතවෙලා .
මෙන්න ශ්‍රී ලංකාවේ නීතිය අකුරට ඉටුකරන්න පටන් අරන්
සාධාරණ තීන්දුවක්
ඉතා හොදයි ශ්‍රී ලංකාවේ නීතිය අකුරට ඉටුකරන්න ගත් තීන්දුව.
හිස නමමු. අධිකරණය දිනේවා.
මරණ දඬුවමකදී නීතිය ක්‍රියාත්මක වෙන විදිය හරිම සංකීර්ණයි වගේ.
ශ්‍රී ලංකාවේ නිතිය අකුරට ඉටුකරන්න ගත් මේ ගමන රටට ඉතා හොදයි
මෙන්න නීතියේ සාධාරණයේ ආරම්භය .
කරපු වැරැද්දට අනිවාර්යෙන්ම දඬුවම හොඳයි
දැන් ඉතින් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න
නීතිවේදීන්ට පුලුවන්ද කර්මය වෙනස් කරන්න ?
නීතිය මුදලට යට නොවූ ඉතාමත් එඩිතර තීන්දුවක්. අවංකව වැඩ කල සියලු දෙනාටම අනේක වාරයක් තුති. අපි කෙලින් නම් සත්‍ය පමා වෙලා හරි ජය ගන්නවා. දුෂිත, මිනීමරු, මැර, කුඩු දේශපාලයකයන් මේ වගේ අයින් කරන්න පුළුවන් නම් අපේ රට ඉතාමත් සුන්දර රටක් වේවි. සැමට ජය.
ජනවාරි අට පෙරළියෙන් ජනතාව බලාපොරොත්තුවුන ප්‍රතිලාභ ලබාදෙන්න යහපාලන ආණ්ඩුව අසමත් වුනා. නමුත් මේ නඩු තීන්දුව සම්පූර්ණයෙන්ම එහි ප්‍රතිපලයක්. පෙර ආණ්ඩුව තිබුනානම් සාක්ෂි නැතිවම නඩුව විසික්වෙලා ගොඩක් කල් වෙන්න තිබුණා. හිරුනිකා ආණ්ඩු පක්ෂයේ වීමත් ගරු අධිකරණය හමුවේ ප්‍රභල සාක්ෂි වසන් නොවීමට හේතුවක්. යුක්තිය පසිඳලීමට සාක්ෂි අත්‍යවශ්‍යයි. රටේ නීතිය කාටත් පොදු විය යුතු වගේම සාධාරණ වියයුතුයි. යුක්තිසහගත තීන්දුවට ගරු අධිකරණයට ප්‍රණාමය.
මේ තීන්දුවෙන් රටේ ප්‍රශ්න ඔක්කොම අමතක කරවයි.
සියලු සැකකරුවන් නිදොස්කොට නිදහස් කරන ලෙස නියෝග කළ විනිසුරුවරයාටත් ඔය අගය කිරීම් අදාලද? ඔහු ඒ නිගමනයට පැමිණියේ කෙසේද යනවග දැනගැනීමට හැකියාවක් තිබේද...?
මරණ දඬුවම කවදද ක්‍රියාත්මක වෙන්නේ ??
අපිට ඕනේ නීතියට ගරු කරන සමාජයක්.
කාලෙකට පස්සේ රටේ නීතියක් තියනවා කියලා දැනෙන තීන්දුවක්. විනිසුරු මඩුල්ලට හිස නමා ආචාරය. අනෙක් නඩු වලටත් හරි තීන්දු දුන්නොත් රට හරි පාරේ යයි නැත්නම් ඉවර තමයි
තීන්දුව හොඳයි.
දේවිකා කොහොමත් මේගොල්ලෝ මෙතන ඉන්නේ අවුරුදු 20 යි. කල්කිරියාව හොඳ උනොත් 16 එලියට එනවා. ඒක මෙයාට විතරක් නොවෙයි.
දැන් මට ශ්‍රී ලංකාව ගැන සතුටුයි.
ඒ කියන්නේ ඒ කාලේ කොළඹ යුද පිටියක්. එකනේ මම කියන්නේ ඒ කාලේ ඉපදිලා හිටියේ නැහැ කියලා.
මම නම් උසාවියේදී මට මතක නැහැ කියන්න නැහැ. ඒක තමන් අමාරුවේ වැටෙන වැඩක්. පැමිණිල්ලෙන් ඉදිරිපත් කරන කිසිම සාක්ෂියකට විරුද්දව තමන්ට උත්තර දෙන්න බැරි වෙනවා. ඒ වෙලාවේ සිදුවූ දෙවල් මතක නැහැ කියා පිළිඅරන් තිබෙන නිසා.
දුමින්දගේ මරණ දඬුවමට අධිකරණය හොඳා. විජයකලාට ඇප දෙනකොට අධිකරණය නරකයිලු. නීතිය ඉෂ්ට වුනාටම හරියන්නේ නැත. නීතිය ඉෂ්ට වුන බව පෙනෙන්නත් ඕනේ. ඒ නිසයි ජනතාව හිතන්නේ විජය කළා වෙනුවෙන් නීතිය ඉෂ්ට උනබවක් පෙනෙන්නේ නැති බව.
ශානි අබේය්සේකෙර මහතාට හිස නමා ආචාරය .
අන්තිමට තියෙන පින්තුරේ ගැන මාධ්‍ය ප්‍රකාශක තුමාගේ අදහස දැනගන්න මේ රටේ මිනිස්සු කැමති වේවි......
මරණ දඬුවම් කීවට මරන්නේ නෑ............. ජීවිතාන්තය දක්වා හිරගෙදර, ඔක්කොටම කලින් මෙයාට සැලියුට් කරන පොලිස් ලොක්කාව හොයාගන්න කව්රුත් නැද්ද?
19 වනදා පැවැත්වීමට නියමිත සහෝදරයෙකුගේ හෝ සහෝදරියකගේ විවාහා මංගල උත්සවයකට සහභාගී වීම සඳහා දුමින්ද සිල්වාට ඇප ලැබෙන බවට දින කීපයක සිට ආන්දෝලනයක් තිබුණා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබඳව ගොඩක් දෙනෙක් කලින් අදහස් ඉදිරිපත් කළා. කොහොම වුනත් මුදල් බලෙන් කරන්නට ගිය නීතිය නැමීමේ සැලසුම, තීන්දුව ගැන රටේ අවධානය යොමු වීම නිසා අවසන් මොහොතේදී ව්‍යර්ථ වූ බවයි මට හැඟෙන්නේ.
ඉතා හොඳ තීරණයක්, අනිත් වැරදිකාරයොත් ඉක්මනට නීතිය හමුවට ගේමූ.
නිදහස දවසට එලියට එයි. ඡන්දෙත් ඉල්ලයි
කරන කලට පව් මිහිරිය මීසේ , ගෙවන කලට දුක් දැඩි වේ ගිනිසේ
වහාම මේ අහිංසකයාව නිදහස් කරන්න.
අනුන්ට කඩේ ගිහින් කරගත්ත හරිය.... හරිම ෆූලිෂ්...
හිරු නාලිකාවෙන් දුමින්ද සිල්වාගේ අභියාචනය පිළිබඳව දිනපතා ප්‍රවුර්තිවල විනාඩි ගණන් කතාකළ හැටියට අපිට හිතුනෙම මිනිහ නිදහස් වෙයි කියලා. දැන් වැඩේ වැරදුණු නිසා හැකි හැම උත්සාහයක්ම ගනීවි නැවත මහින්දව බලයට ගේන්න. මහින්ද බලයේ ඉන්න කොට අඩුම තරමේ දුමින්ද සිල්වා එක දවසක් වත් රිමාන්ඩ් බන්ධනාගාර ගතවුනේ වත්නැතුව තමයි එක පාරටම මරණ දඬුවම ක්‍රියාත්මක වෙන විදියට ඇතුලට ගියේ... ඒක කවදාවත් සිදු නොවෙන්න තිබුණා.. මහින්ද රාජපක්ෂම තව දුරටත් බලයේ සිටියානම්....
එතකොට දුමින්ද සිල්වා තමුන්ටම වෙඩි තියාගත්තද? කෝ ඒ මනුස්සයට යහපාලනේ සාධාරණය... ඇයි කවුරුත් ඒ ගැන කතා නොකරන්නේ?