මනෝප්‍රිය ගුණසේකර
මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාර ඉදිකිරිමේ දී රුපියල් මිලියන 49 ක් අවභාවිතා කළැයි කියන සිද්ධිය සම්බන්ධව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහිව ගොනු කළ නඩුව දෙසැම්බර් 4 වැනි දා සිට විභාග කිරිමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (9) නියම කළේය.
නඩුව යළි මෙම මස 19 වැනිදා යළි කැඳවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජය කළා එළියේ... අඩුම ගානේ පාස්පෝර්ට් එකවත් අධිකරණ භාරයට ගත්තද?
යම්තම් ඇති එක නඩුවක් හරි පටන්ගන්නවා.
මීලග ජනාධිපතිවරනෙට කලින් තුවක්කුවෙන් කරගන්න බැරිවෙච්චදේ මෙහෙම කරලහරි කරගන්න ඕනේ නේද?
අවුරුදු පහට එක නඩුවක්වත් ඉවරකලොත් ලොකු දෙයක්.
2018 ද?
මිලියන 49 මෙයාලගේ බුදලයක්ද ?
දෙසැම්බර් වෙනකන් බලන් ඉන්නේ ඇයි.
තීන්දුවෙන් අපට වැඩක් නැහැ. ඉක්මනින් නඩුව අහල ඉවරකරන්න. නැතිනම් ඊළඟ මැතිවරණයේදීත් මේකම හොඳ සටන් පාඨයක් වේවි.
අනික ඇමරිකන් පුරවැසියෙක් උනත් ජානවල සිංහල කම තිබෙන බව ඔප්පු ලාංකික සමාජයට ඔප්පු කල යුතු නොවේද? ඉතින් මෙහෙම වීර වැඩ කරලා ලංකාවේ රජ නොවී, ඇමරිකාවේ රජ වෙන්න කියලද ඔයාල කියන්නේ?
ප්‍රේමදාස ජනාධිපතිතුමා තම මවුපියන් සිහිවෙන්න බණ්ඩාරගම පැත්තේ මවුගම සහ බලපිටියේ හෑගල්ලේ පියගම ඉදිකරා. කවුරුත් මුකුත් කිව්වේ නැහැ. ඒ සල්ලිත් ආණ්ඩුවේ සල්ලි.
ප්‍රේමදාස මහත්තයා කළේ, මිනිස්සුන්ට හදලා දීපු ගමට මව්ගම, පියගම නම් තියපු එක. රාජපක්ෂල කළේ, තමන්ගෙ දෙමාපියන්ගෙ කටුගෙයක් මහජන මුදලින් හදපු එක. කොහොමද මේ දෙක සමාන වෙන්නෙ?
මවුගමයි පියගමයි කතාව ඇත්ත. ඒවා හැදුවේ ගම්උදාවේ කොටසක් හැටියට. ඩිස්ලයික් දාන කට්ටිය ඉතිහාසය කියවන්න.
රසික, ඔය නම් දමාගැනිල්ලත් සදාචාර විරෝධී කියල ජේ වී පී සහ යු එන් පී සමගම මේ දිනවල කියන්නේ. අනික ඩී ඒ රාජපක්ෂ කියන්නේ නිකම්ම රාජපක්ෂ පවුලේ තාත්තා විතරක් නෙවෙයි 1952දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදන්න මුල්වුණු මන්ත්‍රී වරයෙක්. ඒ බව බණ්ඩාරනායක අගමැතිතුමාම කියා තිබෙනවා වගේම අපේ දේශපාලන ඉතිහාසයේත් තිබෙනවා. ඔහොම ගියොත් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තිබෙන බණ්ඩාරනායක කෞතුකාගාරයත් මහජන මුදලින් හැදුවේ බණ්ඩාරනායක අගමැතිතුමාගේ බිරිඳ අගමැතිනිය කාලේ නේද. ඒකටත් දැන් නඩු දාවිද.
හෑගල්ලේ පියගමත් පොඩි කටුගෙයක් තිබුනා ඉස්සර. ප්‍රේමදාස මහතාගේ ගෙදර පාවිච්චි කරපු සමහර බඩු එහි තැන්පත්කර තිබුනා මතකයි. සෙක්කුවක්, ඇඳි පුටුවක් හෝ හාන්සි පුටුවක් වගේ දේවල් මට හොඳට මතකයි. ඒවායේ පින්තුර පත්තරවලත් ගියා. මේ කියන්නේ ප්‍රේමදාස ජනාධිපතිතුමාට නරකක් කියන්න නෙවෙයි නමුත් මේ දේවල් සිදුවුණු බව නොදන්නා රසිකට පෙන්වා දෙන්නයි.
පුද්ගලයෙක් හරි කිසියම් කාර්යයක් හරි ඇගයීම් කිරීමේදී ධන ඍණ දෙකම බලන්න ඕනේ.ඒ බලල තමයි තීරණය කරන්න ඕනේ. මේ ඇගයීම කරන පුද්ගලයා අනුව වෙනස් වෙයි. හරියටම තමන් කල්පනා කරලා හිතල බලල කරන එකයි හරි.