( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර හයක සිර දඬුවම් ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා ඉල්ලීම අද (28) ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් දඬුවමද තහවුරු කළේය.
එම අභියාචන අඅයදුම්පත ඊවා වනසුන්දර , නලින් පෙරේරා සහ ප්‍රසන්න ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබීය.
නීතිපතිවරයා විසින් පෙත්සමට එරෙහිව ඉදිරිපත් වූ විරෝධතා පිළිගනිමින් මෙම අභියාචන පෙත්සම ඉවත දමන ලදී.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.