(ලහිරු හර්ෂණ)
මරණ දණ්ඩනය නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා ඇතුළු සැකකරුවෝ මීට ටික වේලාවකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැගෙන එනු ලැබූහ.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහතාධිකරණයේ පැවැති නඩු විභාගයකින් මෙම පිරිසට මරණ දඬුවම නියම කෙරිණි.
ඊට එරෙහිව දුමින්ද සිල්වා මහතා ඇතුළු සැකකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් යොමු කළ අතර එහි තීන්දුව අද සවස ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් 2020 නිදහස් වෙනවා.
දැන් නිදහස් උනොත් ගිලන්රථ වලින් ආපු අය හොඳට ඇවිදගෙන තමන්ගේ වාහන වලින් ගෙදර යයි නේ
රුපියල් කෝටි ගණන් වියදම් කලාට වැඩක් නැහැ...ගරු අධිකරණය තීරණය නම්... එල්ලුම් ගහ ලැහැස්තියි.
දුමින්ද සිල්වා කියන්නේ ඉතා පොහොසතෙක්. ජාතිය ආගම පක්ෂය කුමක් වේවා එහෙව් කෙනෙක් ශ්‍රී ලංකාවේ දිර්ඝකාලීන සිරදඩුවම් විදිනවා කියන දෙය සිදු නොවන දෙයක්. ඔහු නිදහස් වීම ස්ථිරයි.
මේ ටිකට හොඳටම ඇදිල ගිහිල්ල වගේ. කල් දමමින් තිබු විවාහ මංගල්‍ය උත්සව,වාර්ෂිකව සංවිධානය කරන සම්මාන උළෙල වල් වගේ දේවල් ඔක්තෝම්බර් 11 ට පස්සේ යොදාගෙන ඇත්තේ මොකද කියන එකත් සමහරුන්ටනම් ප්‍රශ්නයක්.
මේ වගේ ජරා නීති තියන රටක්. කතාවට මේ වගේ නීතියක් හැදියාවක් තියන රටක් ලෝකේ නැහැ. සල්ලිකාරයන්ට ඕනෙම වැඩක් කරල සුදු ඇදගෙන සමාජයට එන්න පුලුවන්..මේ අය වෙනුවෙන් කෑදර පෙරකදෝරුවෝ කපුටො වගෙ පිරිල. අපේ රටේ සුළු වැරදිවලට දඩුවම් විදින අහිංසකයෝ වෙනුවෙන් ඇයි මෙහෙම වෙන්නෙ නැත්තෙ.
එලියට ගියත් ස්වාභාවිකව දඩුවම් ලැබෙයි.