(ඩී.ජි.සුගතපාල ,සුමතිපාල දීයගහගේ)
ගාල්ල දිස්ත්‍රික්කයට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාවෙන් එක් පුද්ගලයෙකු ජලයේ ගසාගෙන ගොස් මියගොස් ඇති අතර පවුල් 131ක සාමාජිකයින් 8469 ක් පිඩාවට පත්ව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
මියගොස් ඇත්තේ වඳුරඹ ඌරල ප්‍රදේශයේ පදිංචිව සිටි හැට එක් හැවිරිදි සිවු දරු පියෙකි.
ඔහු ඊයේ (06) සවස වෙළඳ සලකට ගොස් එමින් සිටියදි ජලයේ ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇති අතර මළ සිරුර අද දහවල් සොයා ගත් බව පොලීසය පවසයි.
පිඩාවට පත්වු ජනතාවට පිසූ ආහාර සහ වියලි ආහාර ලබා දිමට ප්‍රාදේශිය ලේකම්වරුන් විසින් පියවර ගෙන ඇත.
නිවාස 6 කට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 244කි.ව්‍යාපාර ස්ථාන 52කටද හානි සිදුව ඇත අකුණු සැර වැදිමෙන් නිවාස 15කට හානි සිදුව තිබේ.
ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ හදිසි ගංවතුර තත්වයක් ඇතිවිය හැකි ප්‍රදේශවල බෝට්ටු 21ක් සහ අඟුල් 9ක් ස්ථානගත කර තිබෙන බවය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.