රොමේෂ් මධුෂංඛ
ඉදිරි අයවැයේ දී සහය ලබාදීමට නම් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු යැයි දෙමළ ජාතික සන්ධානය විසින් රජයට යෝජනා කළ යුතු බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශවරන් මහතා දෙමළ ජාතික සන්ධානයට කියා සිටියේය.
ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ යාපනයේ පිහිටි ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී පළාත් සභා දේශපාලන නියෝජිතයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් සමඟ 13 වැනි දා පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍යට අදහස් දක්වමිනි.
එහිදී ප්‍රධාන අමාත්‍ය වරයා වැඩි දුරටත් මෙසේ පැවසීය.
‘මේ වෙනකොට කරුණා අම්මාන් වගේ කොටි සංවිධානයේ නායකයකු වශයෙන් සිට ඔහුගේ අණට ක්‍රියාකරපු තරුණයෝ අවුරුදු 20 කට ආසන්න කාලයක් සිරගතව සිටිනවා නමුත් අණදීපු කරුණා අම්මාන නිදැල්ලේ සිටිනවා මේ කාරණාව අපි ජනතාව ඉදිරියට රැගෙන යන්න ඕන කියලා අපි තීරණයා කළා.
ඒ වගේම තමයි අපි දෙමළ ජාතික සන්ධානයටත් කොන්දේසියක් ඉදිරිපත් කරන්න තීරණය කලා ඉදිරියේදී තියෙන අයවැය විවාදයේ දී තීරණයක් ගනිද්දී දෙමළ සිරකරුවන් වහාම නිදහස් කලේ නැත්තම් අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කරනවා කියලා දේමළ ජාතික සන්ධානයෙන් රජයට දැනුම් දිය යුතු යැයි කියලා අපි සිවිල් සාමාජිකයින් සමඟ පැවති සාකච්ඡාවේ දී තීරණයක් ගත්තා. යනුවෙනි.
මෙම සාකච්ඡාව සඳහා දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු එම්.ශක්තිවේල් පියතුමා සහ ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්තන් ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයගේ වැඩේ වුණා කියලා හිතාගන්න..
ඒ කාලෙත් වැඩ කරේ ඔහොමද කියලා සොයා බැලුවොත් හොඳයි.
අය වැය පැරදුණත් කමක් නැහැ. දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුනි හා අනිකුත් මන්ත්‍රීවරුනි. අවමාන තර්ජන වලට නම් ඉඩදෙන්න එපා. අපි සැවොම අවුරුදු 30ක් පමණ දුක්වින්දා.
නඩු නොමැතිව සියගණනක් දෙනා වසර ගණනක් රඳවාගෙන සිටීම මහා අපරාධයක්. සමහරුන් රඳවාගෙන සිටින්නේ වසර 20ක් ට වඩා නිකරුනේ. සීලාචාර සමාජයක් විසින් බලාපොරොත්තු විය යුත්තේ නඩු නොමැතිව මෙලෙස රඳවාගෙන සිටින සියලුම සිරකරුවන් වහා නිදහස් කරන ලෙස බලකිරීමයි.
2015 දි වුණෙත් ඔය ටිකමනේ...
ඇයි කරුණා අම්මාන්ටත් එහාට යන්න බැරි? මෙයාට ඉතිහාසය අමතක වෙලාද? නැත්නං හංගනවද? 77 මහ මැතිවරණයේදී තමා අමිර්දලිංගම්ලා බෙදුම්වාදය ප්‍රභාකරන්ලාගේ ඔළුවට දැම්මේ... අපි අවිහිංසාවාදීව වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන්කළ බවත්, අපිට බැරිනං, මල්ලිලා අවි අරන්, ඒ වෙනුවෙන් සටන් කරාවි බවත්... කෙසේවතත් මේ රටේ පාලකයෝ බල තන්හාවට ඕනෙම දෙයක් දේවි...
ඕවා තාම ලක්ෂ 62 ගන්න දීපු පොරොන්දු 2015 ඉඳන්...
තම ජාතියට පමණක් ආදරේ මිනිහෙක්..
කරුණාකරලා දේශපාලන සිරකරුවන් කියන විශේෂණය ජනමාධ්‍යවල දාන්න එපා. රජයේ ස්ථාවරය වන්නේ මේරට ඇත්තේ එල්.ටී.ටී ත්‍රස්තවාදී සිරකරුවන් යන්නයි.
අයවැය පරද්දා ඊළඟට එන ආණ්ඩුවෙන් සිරකරුවන් නිදහස් කරගන්න පුළුවන් කියා හිතන්නේ.... ඊළඟට එන්නේ කව්ද කියා නොදැනද?
ඔහොම තමයි හැමදේම කරගන්නේ...
ඔව්, ඒක ඇත්ත. රට ජාතියට කුමක් උවත් තමන්ගේ පැවැත්ම උදෙසා පාවාදෙන්නන් පිරිසක් තමයි අපේ පාර්ලිමේන්තුවේ ඉන්නෙ .
අපිට බැහැ අල්ලස් කොමිසමට පැමිණිලි කරන්න ...........
නියම ජාතිවාදියෙක්, අද මම මෙයා දැක්කා විහාර මහා දේවි එකේ උදේ 7 ට විතර. සිංහල ආරක්ෂක නිලධාරීන් 3 දෙනෙකුත් එක්ක. හොඳ පාඩමක් උගන්නන්න ඕනෑ. මෙලෝ රහක් නැති, එලොවටත් නැහැ, මෙලොවටත් නැහැ..