(සිරංගිකා ලොකුකරවිට)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම තාවවකාලිකව වසා දමා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. අලුත්ගම මතුගම මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසළ ප්‍රදේශය ජලයෙන් යටවී තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. අද උදෑසන සිට අධික වර්ෂාවක් දකුණු හා නිරිතදිග ප්‍රදේශවල පවතින බැවින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේ දී උපරිම වේග සීමාව පැයට කිලෝ මීටර 60ක් දක්වා සීමා කෙරුණු අතර එම සීමාව තවදුරටත් එසේම පවත්වාගෙන යන ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරිය සහ දක්ෂිණ අධිවේගී මාර්ග පොලිසිය දැනුම් දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදන්නන් වාලේ කොමිස් ගහන්න හදපු අධිවේගී මාර්ගයක් වගේ පේනවා! මා ජීවත්වන රටේ හතර වටේම අධිවේගී මාර්ග තිබෙනවා. ඒවා රජයට බදු මුදල් උපයාදෙන ආකර හැටියට සලකන්න පුළුවන්. සුළු වැස්සකට හෝ වසා දමන "අධිවේග" මාර්ග මෙහි නැත. නියමිත ප්‍රමිතිවලින් තොර අපේ රටේ ඒවා හැදුවේ කවුද ? තව වසර කීයක් මේවා වෙනුවෙන් ගත් ණය ගෙවන්න තිබේද ?