(බිඟුන් මේනක ගමගේ)
සභාග රජයක් පිහිටුවීමට ඒකාබද්ධ විපක්ෂය තීරණයක් ගෙන නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂයෙන් ඉවත් වී නව රජයක් පිහිටුවීම සඳහා විපක්ෂය සමඟ එකතු වීම සැලකිල්ලට ගත හැකි නමුත් එජාපය සමඟ හෝ ආණ්ඩුවේ සිටින වෙනත් පිරිසක් සමඟ නව රජයක් පිහිටුවීමට ඒකාබද්ධ විපක්ෂයට වුවමනාවක් නැතැයි මන්ත්‍රීවරයා කීවේය.
මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් සභාග රජයක් පිහිටුවීම ගැන පළ කළ අදහස් සම්බන්ධයෙන් ‘ලංකාදීප සඳුඳා හමුව’ දේශපාලන සාකච්ඡාවේදී කළ විමසීමට පිළිතුරු දෙමිනි.
ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂ කැඳවා ජනාධිපතිවරයා කළ සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂය සහභාගී නොවූයේ ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් දැන් පලක් නොවන නිසා යැයි ද අබේවර්ධන මහතා පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය දැන් සොයන්නේ මහින්ද මෛත්‍රී සමගි කිරීමක් ගැන නොව රට මුහුණ දෙන ආර්ථික අර්බුදයෙන් ගොඩඑන වැඩපිළිවෙලක් සැකසීම ගැන යැයි ද මන්ත්‍රී අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තීරණයක් ගන්න තරම් බලයක් හෝ අයිතියක්ද නැහැ. පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන්නේ තවම එක්සත් ජාතික පක්ෂයටයි. එකසත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු තමන්ගේ ආණ්ඩුව කඩාගෙන විපක්ෂයට එතැයි සිතීම පවා විහිලුවක වැඩි දෙයක් නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රීවරු කිසිදා මහින්ද රාජපක්ෂ හා එක්වෙතැයි සිතිය නොහැකි අතර තමන් ගිණි පොලියට ණය අරගෙන අසාර්ථක ව්‍යාපෘති සඳහා ඩොලර් කෝටි ගණන් වියදම් කර කළ විනාශය නැවත හැරවීමට කල්පනා කිරිම තවත් විහිළුවක් පමණයි.
වැඩේ අබ්ලික් වෙලා වගේ... සංගීත පුටු තරගේ වගේ එකම කට්ටිය එහෙට මෙහෙට පනින්න හදනවා. ඡන්ද දායකයෝ තීරණයක් ගන්න තුරු මේ සංගීත පුටු තරඟය තියේවි...
කන්න ඕනෑ වුණාම කබරයත් තලගොයා වගේ පෙනෙනවා කියන්නේ ඕකටයි. ශ්‍රීලනි පක්ෂයේ ලේකම් කියනවා සම්මුති ආණ්ඩුවේ වෙනසක් වෙන්නේ නැහැ කියලා. එ්ක පුද්ගලයෙකුගේ මාර්ගයකින් බැබලෙන්න දඟලන ආතක් පාතක් නැතුව ගෙම්බෝ වගේ එහාටයි මෙහාටයි පනින කට්ටිය කියනවා එක්සත් ජාතික පක්ෂයේ කට්ටිය හරි එකතු කරගෙන අලුත් ආණ්ඩුවක් හදනවා කියලා. එතකොට ඒ ගොල්ලන්ගෙන් එජාපය එක්ක සම්මුති ආණ්ඩුවක් කරගෙන යන එකේ වැරැද්ද මොකද්ද කියල ඇහුවහම කට උත්තර නැතිවෙනවා. මේ අපබ්‍රංශ කතා අහලා අපටයි පිස්සු හැදෙන්නේ...