නයනදුල සෙන්දනායක
කළුතර නෑබඩ උඩෝවිට ප්‍රදේශයේ නිවාස තුනක් මතට පස් කන්දක් නාය යාමෙන් එක් නිවසක සිරවී සිටි එකම පවුලේ හතර දෙනෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන හොරණ මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් නිවාස දෙකකට බරපතල හානි සිදුවී ඇති අතර එක් නිවසකට සුළු වශයෙන් හානි සිදුවී ඇත.
සිද්ධිය වන අවස්ථාවේ බරපතල හානි සිදුවු එක් නිවසක් තුළ එකම පවුලේ වයස අවුරුදු හයක දරුවකු ඇතුළු පස් දෙනෙකු රැදී සිට ඇති අතර ඉන් එක් අයකුට සිද්ධියෙන් කිසිදු හානියක් සිදුවී නොමැත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd