නිමන්ති රණසිංහ
ජාතීන් අතර වෛරය ඇතිවන ආකාරයේ ප්‍රකාශ කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (8) නියෝග කළේය.
ඡායාරූප - ඉෂාන් සංජිව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිනාත් යනවා මේ වැඩ වලට... විජය කලගේ ෆිල්ම් එක පැය දෙකෙන් අවසන්...
ගානක් නැහැ. පැයක් ඇතුලත ඔක්කම ඉවරයි.
කොහොමද ඒක? පශ්චාත් භාගේ පෙන්නුවාම ඇප නැතිව රිමාන්ඩ්... ව්‍යවස්ථාව කඩ කළාම පැයෙන් ඇප...
පිදුරංගල හා විජයකලා අතර වෙනස කුමක්ද?
මම නම් ඕක හිතුවා, උදේට කාලා අත්අඩංගුවට පත්වෙලා උසාවියෙන් ඇප ලැබිලා දවල්ට කන්න ආයෙත් ගෙදර යනවා. මෙහෙම නාටක පෙන්නලා කාවද රවටන්නේ?
ඉතාම කාලෝචිත පියවරක්. මේ වගේ ප්‍රකාශයක් කල පමණින් මැරුණු එල්.ටී.ටී.ඊ එක නැගිටුවන්න පුලුවන්ද? බෑ නෙ. සංහිදියාව ඉතාම ඉහළින් රැකීමට මේ තීන්දුව ඉවහල් වේවි. රංග දසනායක විනිසුරුතුමාට ගෞරව කලයුතුයි. මැයට ඇප නොදී හිරේ දැම්මානම් ජාතීන් අතර වෛරය තවත් වැඩිවීම විතරයි වෙන්නේ. සමය සමගිය වෙනුවෙන් හැමොම එකතු වෙමු. රට හදමු. පොඩි පොඩි වැරදීම් අමතක කරමු.
මුලු උසාවි සිස්ටම් එකම ජෝකර්ලගෙන් පිරිලා
රටේ නිතිය ක්‍රියාත්මක වෙන විදිහනම් හරිම ශෝක ජනකයි.කවරෙකු හෝ අපහසුතාවයට පත්කිරීම මා මෙයින් අදහස් නොකරමි.නමුත් රටේ පුරවැසියෙක් නම් සැමදෙනාටම එකම නීතියක් වියයුතුයි නේද?
රටේ අද තියන දැවෙන ප්‍රශ්නේ මේ......... මේ රටේ නිතිය බල්ලට ගිහින්, මැති ඇමතිවරු පුදුම විදියේ වංචා දුෂණ කරන්නේ, කෝටි 4,5 වාහන අරගත්තට පස්සේ බොරුවට බලපත්‍ර මාස 6 කට නවත්වනවා අපිව රවටන්න, රුපියල නැත්තටම නැතිවෙලා කිසිම සැලැස්මක් නැහැ , අපි දරුවෝ එක්ක කන්නේ බොන්නේ හරිම අමාරුවෙන්
ඒක තමයි මම බැලුව එහෙම කොහොමද අත්අඩංගුවට ගන්නේ කියල!
හාමුදුරුවන්ටත් සාරියක් අන්දලා යැව්වා නම් වැඩේ දිනන්න තිබුණා කියලයි දැන්නම් හිතෙන්නේ...
මෙහෙම කලහම එජාපෙ හැමදාම පරදින එක අහන්නත් දෙයක්ද ?
දැන් වත් පිළිගන්නවද දන්නේ නැහැ මේ කලේ හොඳයි කියල !
උසාවියේ තීන්දුවලට ගරු කරන්න පුරුදු වෙන්න............ එක ශිෂ්ඨ සමාජයක පුරවැසියන්ගේ වගකීමක් වගේම යුතුකමක්. කව්රුන් හෝ හිතනවා නම් මේ තීන්දුව වැරදියි කියලා අභියාචනාධිකරණයට ගිහිල්ලා පෙත්සමක් ඉදිරිපත් කරන්න පුළුවන්.
අද උදේ මෙතුමියව ඇතුලට ගත්තා කියලා මේ තීරයේම පල කරලා තිබුනේ උදේ 9.41 ට. එතකොටම මම ඉන්තිරුවෙන්ම කිවුව්වා අපි උඩ පැනලා, විසිල් ගහලා පත්කරගත්ත මේ ආණ්ඩුව මේ චිත්‍රපටිය පෙන්නන්නේ උපරිම පැය දෙකකට විතරයි කියලා. ඔන්න මෙරට සාමාන්‍ය පුරවැසියෙක් විදියට මම කියපු දේ ඒ විදියටම අකුරක් නැර උනා මම තව එකක් උදේම කිව්වා, අර සිංහල බුද්ධපුතරයාණන් වහන්සේව අනිවාර්යෙන් අවුරුදු හයම හිරේ ලග්ගනවා ෂුවර් කියලා. එකත් අනිවාර්යෙන්ම වෙනවා . ඔන්න වෙනස අපි 2015 දී ඇතිකරපු, හිතේ වේදනාවක් එක්කම ලැජ්ජාවක් ඇතිවෙනවා අපි මෙහෙමත් ලනු කන ජාතියක්ද කියලා.
අවුරුදු 30ක් එල් ටී ටී ඊ ය ලංකාවට කරේ කුමක්ද කියලා පොඩ්ඩක් මතක් කරලා හිතලා බලන්න. ඒ ත්‍රස්තවාදය මේ රටේ නැවත ඇති කරන්න ඕනේ කියලා කියපු කෙනාට පැයෙන් ඇප ලැබෙනවා කියන්නේ අපේ රට මොන වගේ රටක්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. හිතලා බලලා ඊළඟ ඡන්දෙදි මොලෙන් වැඩ කරන්න.
මේ රටේ මරබිය යුද බිය නැතිකල නායකයන්, රණවිරුවන් ඒ සදහා උදව් කල හාමුදුරුවන් බන්ධනාගාරයේ. කොටි නැගිටවන්න කතා කල අයට ඇප. මේ අවනීතිය නිසා රටටම ශාපයක් වැදිලා තියෙන්නේ. රට අඩියක් ඉස්සරහට යන්නේ නෑ. ආපස්සට යන්නේ.
කෙටි ඩ්‍රාමා එක්කක්. 2018 නියම විහිළුව.
එකම රටක්. ඉරණම් දෙකක්.
පුදුම නීති
යහපාලනයට ජය වේවා!!!!!
එතකොට අමිත් වීරසිංහ... අැයි එයාට ඇප අකැපද?
එතකොට අමිත් වීරසිංහට කෝ ඇප? නරකද මහේස්ත්රාත්තුමා අසූචි පුච්චන් කෑවා නම්...
හාමුදුරුවෝ දඩුවම් විදින්නේ වැරදි කල බව ඔප්පු වෙලා වැරදි කරු වූ නිසයි. විජය කලා තවම චුදිතයෙක් විතරයි. ඇප ලබා දෙන්න හැකි චෝදනාවක් නම් මහේස්ත්‍රාත් උසාවියෙන් ඇප දෙනවා. මේක කවුරුත් දන්නා සාමාන්‍ය කරුණක්. බොරුවට කැහ ගාන්න අවශ්‍ය නැහැ. එහෙම කරන එකෙන් පැහැදිලි වෙන්නේ තමන්ගේ අශිලාචාරකම පමණයි. රටේ දේශපාලකයන්ට බැන්නට ඡන්දදායකයත් ඒවගේමයි. තමන්ට හිතකර නැත්නම් තමන්ගේ මතයය හා ගැටෙන තීන්දුවක් නම් අධිකරණයට හෝ අපහස කරන්න චෝදනා කරන්න පසුබට වෙන්නේ නැහැ. මේ වාගේ තීන්දුවක් බැසිල්ට හෝ විමල්ට ලැබුනා නම් මේ කැහ ගාහන කට්ටිය එහෙනම් උසාවිට විසිල් ගහනවා.
ලස්සනට නීතිය නැමිලා ,ගිහි පැවිදි දෙගොල්ලට නීති දෙකක් ඇයි? පවතින රජයට පක්ෂවද මෙවැනි තීරණ ලබා දෙන්නේ? මේවටද අපි කතිරය දුන්නේ,.. මේ වගේ රජයක් පත්කර ගත්තු අපි මුළු ජාතීන් වෙනුවෙන්ම සමාව අයදිමි..
එතකොට විජයකලා කළ ප්‍රකාශය ලක්ෂ පහෙන් වහන්න පුළුවන්ද?
ඔය වැඩේ ගෙදරටම ගිහින් කරා නම් ඉවරනේ.. අපරාදෙ එයාව රස්තියාදු කළේ....
යහපාලනය නිසා මම පාරේ යන්නෙත් පස්ස පැත්තට කොලපත් ගැටගහගෙන. මොකද දන්නවද කවුරු ඇවිල්ලා මොනවා කරාවිද දන්නේ නැහැනේ.... මේ යන විදියට...
යහපාලනයට කරන්න පුළුවන් රට පාවාදීම පමණක්මයි කියලා දැන්වත් තේරුම් ගන්න බැරිද?
කාටත් බැනලා වැඩක් නැහැ මින් පස්සේ කාටවත් ඡන්දේ නොදී ඉන්න.
සංහිදියාවේ තරම දැන්වත් ජනතාව අවබෝධ කරගත යුතුයි. නීතියට ගරුකලයුතු නිසා වැඩිපුර කිසිවක් කිව නොහැක.
අනේ මෙහෙම රටක්. අයවැයේදී දකුණේ ව්‍යාපෘති සහ නව ඉදිකිරීම් සඳහා සල්ලි නෑ කියලා ඒවා කපා හරිනවා. දෙමළ සහ මුස්ලිම් ඡන්ද වලින් විතරයි ගොඩ යන්න පුළුවන් කියලා දැනගෙන දැන් උතුර හා නැගෙනහිර සංවර්ධනය කරන්න අවශ්‍ය ව්‍යාපෘති ගෙන්නගෙන කරනවා. ඒවයෙනුත් ඉක්මනින් කරන්න පුළුවන් ඒවා තමයි හොයන්නේ කරලා පෙන්වන්න ඡන්දෙට කලින්. එතකොට දකුණට නැති සල්ලිත් හම්බවෙනවා.
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ,