(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ, ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, මොරගහහේන කේ. බුද්ධික කුමාරසිරි, අතුරුගිරිය ගුණවතී ඉලංකෝන් මැණිකේ)
දකුණු පළාතේ ප්‍රබල පාතාල නායකයකු ලෙස සැලකෙන ඩුබායි රටට පලාගොස් සැඟවී සිටින මාකඳුරේ මධුෂ් නමැත්තාගේ ගෝලයකු සහ පොලිස් මූලස්ථානයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් අතර ඔරුවල වානේ සංස්ථාව ආසන්නයේදී ඊයේ (04) දහවල් සිදුවූ වෙඩි හුවමාරුවක දී පොලිස් වෙඩිකා බරපතළ තුවාල ලැබූ පාතාලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිස් මූලස්ථානය කියයි.
පාතාල සාමාජිකයා එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයෙන් වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට හානියක් සිදුවී නොමැත.
පොලිසියට වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය ද එම ස්ථානයේ තිබී පොලිසිය බාරයට ගෙන ඇත.
මෙලෙස රෝහල්ගත කරන ලද්දේ බණ්ඩාරගම-ගම්මන්පිල ප්‍රදේශයේ පදිංචි රණසිංහ ආරච්චිගේ අසිත නොහොත් බණ්ඩා (32) නමැති පුද්ගලයකු බව පොලිසිය කියයි.
පොලිසි ගණනාවකට අවශ්‍ය කරන පාතාල සාමාජිකයකු ඔරුවල ප්‍රදේශයේ සැරි සරන බවට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව දින ගණනාවක් තිස්සේ එම ප්‍රදේශයේ සැරි සරමින් සිදුකළ සෝදිසි කිරීමෙන් අනතුරුව ඊයේ (04) එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා යාමේදී ඔහු පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සාහ කර ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී බරපතළ තුවාල ලද එම පාතාලයේ අපරාධකරු ඔරුවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව ඔරුවල රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
එම පුද්ගලයා මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
විදේශගතව සැඟවී සිටින මාකඳුරේ මධුෂ් නමැත්තාගේ ගෝලයකු වන මෙම පුද්ගලයා රත්නපුර මැණික් ව්‍යාපාරිකයකුට හා ඉකුත්දා මාතර සිදුවූ රන් භාණ්ඩ කොල්ලයේ වෙඩි තැබීමට සම්බන්ධ වූවකු බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වීමෙන් පසු මොහු අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටිය දී මෙම සිද්ධිය වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
මීට මාසයකට පමණ ඉහත දී මෙම පුද්ගලයා පදිංචිව සිටි බණ්ඩාරගම ගම්මන්පිල නිවස වැටලූ පොලිසිය එහිදී ටී 56 ගිනි අවියක් හා උණ්ඩ ද සොයා ගැනීමට සමත්විය.
හිසට වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලද පාතාල සාමාජිකයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
අතුරුගිරිය පොලිසියේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාක්ෂි වහනවද ? හදිස්සියේම මදුෂ් ගේ ගෝලයෝ මැරෙන්න පටන් ගත්තේ
අයියෝ එතනදීම තවත් එකක් ඔලුවට තිබ්බානම් වැඩේ ඉවරයි. දැන් මේකව රකින්න ජනතා මුදල් අපරාදේ වැය කොරනවා.
දැන් අර අහවල් ඇමතිට මල් පනියි .
පොලිසියෙන් මහජනයාට වෙඩි තිබ්බොත් උන් එක පාරම මැරෙනවා, පාතාල උන්ට වෙඩි තිබ්බම උන්ට බරපතල වෙනවා නමුත් මැරෙන්නේ නෑ. ඊට පස්සේ මහජන මුදල් වියදම් කරනවා පාතාලය බේරාගන්න. එක්කෝ මැරෙන්න යන එකා ඉස්පිරිතාලේ ගෙනියන එක පරක්කු කරලා මැරෙන්න අරින්න තිබ්බනේ. එහෙම උනානම්, අපේ බදු සල්ලි ඉතිරි කර ගන්න තිබ්බා සුදු අඳින ගොනෙක්ට බෙහෙත් ගන්න සිංගප්පුරු යවන්න.
අනිත් එවුන්ටත් පේන්න පාරේම පැය 2-3 පණ ඇද ඇද ඉඳලා මැරෙන්න අරින්නනේ තිබ්බේ. දැනට ලංකාවේ මිනිස්සුන්ට විතරක් මානව හිමිකම් තිබ්බාම හොඳටම ඇති
සත්තුවගේ මිනිස්සු මරන්න බැහැ ,කර තිබෙන වැරදී වලට උසාවිය හරහා නිසි දඞුවම් ලබා දිය හැකිය.යහා පාලනය හා වහල් පාලනය අතර වෙනස සමහරුන් නොතෙරේ.
මෙගා නාට්‍ය කියන්නේ මේවට තමයි.
දැන් මෙතනත් සමහරු තර්ක කරනවා මෙවැන්නන් එකවර මරා දැමිය යුතුයි කියලා. ඊට පස්සේ තවත් වෙලාවක කියනවා මේවා මෙහෙයවන මහ මොළ කරුවන් අල්ලන්නේ නැද්ද කියලා... මේවා පිටුපස ඉන්නා මහ මොළකරුවන් අල්ලන්න නම් මේ වාගේ ඉත්තන්ගෙන් සාක්කි ලබාගත යුතුයි. අනෙක් අතට පාතාලය බිහිවෙන්න තියෙන හේතු වළක්වන්නේ නැත්නම් මොනවා කරත් වැඩක් නෑ. බලන්න අද ටෙලි නාට්‍ය කීයක් මිනී මැරුම්, කප්පම් ගැනීම්, මංකොල්ලකෑම්, වංචාවන්ට උල්පන්දම් දෙනවාද කියා...
මැරයෙක් වුණත් මනුස්සයෙක්නේ.. පාතාලය මැඩිය යුත්තේ ප්‍රතිපත්තිමය වෙනසකින්..
පොලිස්පති අස්වෙන්න.
පොලිස්පතිට විශ්වාස භංගයක් ගේන්න.
මේ අය පාතාල නායකයින් ලෙස හැඳින්වීම වැරදියි. ඒ වෙනුවට මේ ගොල්ලෝ අපරාධකරුවන් හෝ ඊට සම්බන්ධ අය ලෙස හැඳින්විය යුතුයි.
මෙවැනි සමාජයට පිළිලයක් වන කාලකන්නින් ගැන කතාකිරීම කාගේත් කාලය කා දැමීමක්...
මෙවැනි සමාජයට පිළිලයක් වන අය ගැන කතාකිරීම කාගේත් කාලය කා දැමීමක්...
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු... මෛත්‍රී කරමු. මොහු අපේ බැංකු බින්දේ නැහැ.
මේ අය නැතිකරලම දන්නා ඕනි ..........
අහිංසක මිනිස්සු පොල් ඇට්ටියක් ඔළුවට වැටිලත් මැරෙන රටේ වෙඩි තියලත් මේ වගේ උදවිය මැරෙන්නේ නෑනේ.