(මනෝප්‍රිය ගුණසේකර)
මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූට ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්කිදීම සඳහා ලබන වසරේ ජනවාරි මස 22 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට අද (9) සිතාසි නිකුත් කළේය.
මෙම නඩුවේ සාක්කිදීම සඳහා අධිකරණයට පැමිණෙන ලෙස දැනුම් දෙමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට මෙලෙස සිතාසි නිකුත් කරන ලද්දේ පස්වැනි වතාවටය.
මෙම නඩුව විභාග කිරීම සඳහා කැදවනු ලැබු අවස්ථාවේදී මෙම නඩුවේ විත්තිකාර එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අධිකරණයේ පෙනී සිටිමුත් එම නඩුවේ සාක්කිකරුවන් ලෙස නම් කර සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හෝ අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
2014 දෙසැම්බර් මස 31 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූට ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීම මඟින් දඩුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බව නීතිපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා තුන දණ්ඩ නීතී සංග‍්‍රහය යටතේ සහ සිවිල් හා දේශපාලනඥයින් අතර ජාත්‍යයන්තර සම්මුති පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් සිදු කර ඇති බවද නඩු ගොනුවේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට බෑ උසාවි යන්න. ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී. ඒ නිසා අපි පිටරටම යනවා,
අදිකරණයට වාර්තා නොකිරීම අදිකරණයට අපහස කිරීමකි රනිල්ට නඩු දන්නා ඕනෙ
ඉර පායයිද?
එතකොට මේ මුල්ම පුරවැසියන් දෙදෙනා කරන්නෙ අධිකරණයට අපහාස කිරීමක් නොවේද ? මෙපමණ කාලයක් ඉදිරියට තබා දැනුම්දීමේදීත් එයාලට දින වෙන් කරගැනීමට නොහැකි තරමට අවිවේකීද ?
මම නම් හිතන්නේ වරෙන්තු කෙරුවනම් හරි කියල.ගියොත් නඩුවෙන් පරදිනවා.
යන්නේ නැත්තේ හොරෙ අහුවෙන නිසා වෙන්න ඇති... ඥානසාර හාමුදුරුවෝ උසාවියට අපහාස කළාට හිරේ දානවානම් මේ වගේ පස්වරක් දැනුම් දුන්නත් යන්නේ නැති එකට මොකද කරන්නේ? ලොක්කා නම් දැන් පත්තරෙන් දැක්කා කියාවි...
19 වෙනි ආණ්ඩුක්‍රම පනත සම්මත වුණු සතුටෙන් මේ මෛත්‍රීපාල ජනාධිපතිම කිව්වේ මටත් ඉදිරියේ අධිකරණයට ඉදිරිපත් වෙන්න වෙනවා බව. කෝ ඉතින්? මේ නඩුව වෙනුවෙනුත් මහජන මුදල් නේද නාස්ති වෙන්නේ.
"මට සිතාසි දීල කියලා මං දැන ගත්තේ පත්තරෙන්" කියල කියන්නේ නැත්තේ මේ දවස් වල පත්තර බලන්නේ නැතුව ඇති, වැඩේ පාඩු නිසා...